වෙරළ රකිනවා කියා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ – නාමල්
අනිෂා මානගේ – අද පුවත්පත
“වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (02දා) මුල්කිරිගල රාජමහා විහාරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
“පසුගිය යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකා තුනක් මේ සඳහා දමා තිබෙනවා. ඒ කැබිනට් පත්‍ර තුනෙහි අනුමැතිය අනුව තමයි පසුගිය කාලයේ එහි සංවර්ධන කටයුතු සිදුව තිබෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවරුන් කියන විදියට ක්‍රමවේදයෙන් බැහැරව කිසිදෙයක් එහි සිදුව නැහැ.
බැලූ බැල්මට අප සියලු දෙනාටම සාධාරණ සැකයක් තිබෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය සිදුවීමක් සිදුව ඇති බවට සැකයක් තිබෙනවා. මේ නිසා අප ජනාධිපතිතුමාට කියනවා පැහැදිලි පරීක්ෂණයක් කරන්න. වෙරළ ඛාදනය වැළැක්වීමට අප පියවර ගන්න ඕනෑ. මෙම ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් පත්‍ර ඉදිරපත් කළේ කවුරුන්ද. කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ කවුද. තාක්ෂණ වාර්තාව දුන්නෙ කවුද. පරිසර තක්සේරු වාර්තාවක් තිබෙනවද. වෙරළ සංරක්ෂණයෙන් මෙයට අවසර දෙනකොට නිරීක්ෂණයක් කළාද. නිරීක්ෂණයක් නොකළා නම් ඇයි නොකළේ.
මෙවැනි දෙයක් සිදුවුණොත් කොන්ත්‍රාත් සමාගම මේ සඳහා දෙන වගකීම කුමක්ද යන්න පරීක්ෂණයක් කළ යුතුයි. මෙ එක් පැත්තකින් මහා නාස්තියක්. වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ තියන්න බැහැ. මෙහි අකටයුත්තක් සිදුව තිබෙනවා නම් නිලධාරින් කෙසේ කීවත් ඒ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි”
අනීෂා මානගේ
මුල් ලිපිය – https://bit.ly/2U8C5kS
මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබූ අවසන් අවස්ථාවත් නැති වුණා – නාමල්
අනිෂා මානගේ – අද පුවත්පත
මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,
අපි සතුටු වෙනවා සියලු පාර්ශවයන්හි කරුණු විමසා බලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න මේ අවස්ථාවේදී අධිකරණය මැදිහත් වී තිබෙනවා. මැතිවරණ කොමිසම බොහෝ වේලාවට උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්නයි. එක්සත් ජාතික පක්ෂයේ සාමය ඇති වෙනකල් මැතිවරණය කල් දාන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අයට ඕනෑ විදියට නාමයෝජනා හදන්න මැතිවරණය කල් දාන්නයි. මේක තමයි අපි දැකපු දේ.
මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා. අපි සතුටු වෙනවා මේ රටේ ජනතාවට පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් දැන් තෝරා පත්කරන්න. ජනතාවට අවශ්‍ය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදය විසඳගන්න එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕනෑ. අපිට ඇඟිල්ල දික් කලාට වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කුණුගොඩවල් හොයන්න අපිට වෙලාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විනාශ වීමට සජිත් ප්‍රේමදාස මහත්තයා වගකියන්න ඕනෑ. නායකත්වයට විරුද්ධව ගිහින් නායකත්වයත් එක්ක හැප්පිලා පක්ෂය විතරක් නෙවෙයි දිස්ත්‍රීක්කයේ ජනතාවත් පාවා දීලා තමයි දිස්ත්‍රීක්කය අත්හැරලා යන්න ගියේ යැයිද පැවසීය.
අනිෂා මානගේ
මුල් ලිපිය – https://bit.ly/2XXMvoB