Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

Category: My Blog Sinhala

  • Home
  • / My Blog Sinhala
සජිත් ප්‍රේමදාස හම්බන්තොට ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට ජනතාව අතහැර යෑම ගැන තමන් කණගාටුවන බව නාමල් කියයි.

සජිත් ප්‍රේමදාස හම්බන්තොට ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට ජනතාව අතහැර යෑම ගැන තමන් කණගාටුවන බව නාමල් කියයි.

July 17, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

 

පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස හම්බන්තොට ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට ජනතාව අතහැර යෑම ගැන තමන් කණගාටුවන බව නාමල් කියයි. මැතිවරණ පැරදීම සාමන්‍ය දෙයක් බවත් මැතිවරණ පරාජය වීම නිසා තමන් නියෝජනය කළ දිස්ත්‍රික්කය අතහැර එහි ජනතාව අපහසුතාවයට පත් කොට පළා යාම නොකළ යුත්තක් බව නාමල් මෙහිදී අවධාරණය කළ අතර, තම පියා පසුගිය වසර කිහිපය කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කිරීම නිසා, සැමදා ආණ්ඩු බිහිකරන වයඹ පළාතට සංවර්ධනය ගෙන යාමට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හැකි වූ බවද ඔහු තවදුරටත් අවධාරණය කරණ ලදී.

Read More
කුරුණෑගල පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය සුබ මොහොතින් ඇරැඹේ

කුරුණෑගල පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය සුබ මොහොතින් ඇරැඹේ

July 15, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

පෙරේදා (12 වැනිදා) පස්වරු 12.12ට පැළ 12ක් සිටුවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු, මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දී පැවැත්විණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ පනස්දාහකින් ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් මෙම පැළ දෙලක්ෂ පනස් දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 31,000ක් සහභාගී කරවාගෙන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සහභාගී විය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැළ ලක්ෂයක් සිටුවන බවට අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ගෙවතුවල පලතුරු, ඖෂධීය ශාක සිටුවීමද සිදුකෙරෙනු ඇත.

මෙහි විශේෂත්වය වනුයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමය.

 

මුල් පුවත සදහා : සති අග අරුණ

Read More
රුහු­ණු­පුර අන්තර්ජාතික සම්ම­න්ත්‍රණ ශාලාවේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් තියන්න පිය­වර ගන්නවා

රුහු­ණු­පුර අන්තර්ජාතික සම්ම­න්ත්‍රණ ශාලාවේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් තියන්න පිය­වර ගන්නවා

July 10, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

හම්බ­න්තොට මාගම් රුහු­ණු­පුර ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ මධ්‍ය­ස්ථා­න­යේදී වසරේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් පැවැ­ත්වී­මට පිය­වර ගන්නා බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු හම්බ­න්තොට දිස්ත්‍රික් අපේ­ක්ෂක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තංගල්ල පොළොං­මා­රුව පෞද්ග­ලික උත්සව ශාලා­ව­කදී ලෙක්හ­වුස් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය මාධ්‍යෙ­ව්දින් හා සිවිල් සංවි­ධාන නියෝ­ජි­ත­යන් අම­ත­මින් නාමල් රාජ­පක්ෂ මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් කතා කළ ඒ මහතා- මෙම ප්‍රද­ර්ශන වලින් හම්බ­න්තොට පාර­ම්ප­රික කළු දොදොල් කර්මා­න්ත­යට සහ රුහුණේ මීකිරි නිෂ්පා­ද­න­යට, දකුණේ ගතා­නු­ග­තික සිංහල අවු­රුදු චාරි­ත්‍ර­ව­ලට නව පණක් ලැබෙ­නවා. හම්බ­න්තොට කුරුලු උද්‍යා­න­යට නුදු­රින් ප්‍රෙද්ශයේ අමු­ද්‍රව්‍ය උප­යෝගී කර­ගෙන නිෂ්පා­දන ඇති කිරීමේ විශේෂ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරී­මට අක්කර 10ක ඉඩම් වෙන්කොට තිබෙ­නවා. මෙම කුරුලු උද්‍යා­නය දකුණු ආසි­යාවේ වැඩි­යෙන්ම කුරුලු පැට­වුන් ඇති කරන මධ්‍ය­ස්ථා­නය බවට පත්වෙලා. රන්මි­ණි­තැන්න ටෙලි සිනමා ගම්මා­නය හා මත්තල මහින්ද රාජ­පක්ෂ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වැඩි­දි­යුණු කිරී­මට ද කට­යුතු කර­නවා. මත්තල ගුවන් තොටු­පොළ මගින් දකුණේ විශාල දියු­ණු­වක් ඇති කිරී­මට හැකියි. දක්ෂිණ අධි­වේගි මාර්ගය නිසා ගම­නා­ග­ම­න­යට විශාල පහ­සු­වක් සැලසි තිබෙ­නවා. වන අලින් සඳහා හෙක්ට­යාර් 32000ක් වෙන් කරට බූන්දල හන්දියේ ගුවන් පාල­මක් තනා අලි­මං­කඩ ඇති කර අලි – මිනිස් ගැටු­මට ස්ථිර­සාර විස­ඳු­මක් ලබා දෙනවා යැයිද රාජ­පක්ෂ මහතා කීය.

රාජ්‍ය මාධ්‍ය ඉදිරි වසර 5හේදී වෙනස් වෙන්න ඕනේ. රාජ්‍ය මාධ්‍යය සැම­වි­ටම ජන­තාව සමඟ සිටිය යුතුයි. ජන ජිවි­තය සමඟ රාජ්‍ය මාධ්‍යය ඉදි­රි­යට යන්න ඕනේ. දින­මිණ තරුණු පුවත් පිටු­වක් ආරම්භ කළ යුතුයි. රාජ්‍ය සේවය ඵල­පු­රුද්ද ලබන තැනක් බවට පත්වී තිබේ. ලෙක්හ­වුස් ආය­ත­න­යෙන් ඵල­පු­රුද්ද ලබා­ගෙන වෙනත් පුව­ත්පත් ආය­ත­න­වල සේව­යට යන තත්ත් වයක් උද්ග­තව පව­ති­නවා. පාසල් සිසුන්ට ලියන්න ඉඩ සලසා දෙන්න ඕනේ. එවිට ගමේ ප්‍රවෘත්ති ලියයි. ලබන වසරේ සිට ප්‍රවෘත්ති කලාවේ වෙන­ස්කම් රැසක් ඇති කිරී­මට පිය­වර ගන්නවා. හම්බ­න්තොට මාධ්‍ය උප­ක­රණ අලෙවි කෙරෙන ජාත්‍ය­න්තර වෙළෙඳ මධ්‍ය­ස්ථා­න­යක් ඇති කිරී­මට ද පිය­වර ගන්නවා. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ දැනට තිබෙන තරු පන්තියේ හොටල් කාමර 1500ට අම­ත­රව තවත් අලු­තින් හොටල් කාමර ඉදි­වීමේ ඇති අව­ශ්‍ය­තාව ද

ලෙක්හ­වුස්, දින­මිණ ප්‍රාදේ­ශී­ය ප්‍රවෘත්ති කතෘ ආසිරි මල්ල­ව­ආ­රච්චි මහතා ද මෙම අව­ස්ථා­වට සහ­භාගී විය.

පී.ඩබ්ලිව් කොඩි­තු­වක්කු

මුල් පුවත සදහා පිවිසෙන්න : 

Read More
ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ආණ්ඩු බලය ඉල්ලන්නේ මේ රට ආග­මක් දහ­මක් නැති රටක් කර­න්නද?

ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ආණ්ඩු බලය ඉල්ලන්නේ මේ රට ආග­මක් දහ­මක් නැති රටක් කර­න්නද?

July 10, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ලබා දෙන්නැයි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ මේ රට ආග­මක් දහ­මක් සංස්කෘ­ති­යක්,සභ්‍ය­ත්ව­යක් නැති රටක් බවට පත් කිරී­මට දැයි සජිත් පේම­දාස මහ­තා­ගෙන් විමසා සිටින බව හම්බ­න්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා (24) අම්බ­ල­න්තො­ටදී කීය.

සී අයි.ඩී එකට ගිහිල්ල සහ ඇවි­ල්ල­හරි කට­උ­ත්තර ගන්න පුළු­වන් දේශ­පා­ලන මැදි­හ­ත්වීමේ පරී­ක්ෂණ යට­ග­හන්න අපි සූදා­නම් නැහැ. රටේ ජන­තා­වගේ ඉල්ලී­මක් තිබුණා,පරී­ක්ෂණ සිදු කරන්න කියා. එය දැනට ක්‍රියා­ත්මක වෙනවා. කරුණා අම්මාන්ගේ ප්‍රකා­ශය ගැන පරී­ක්ෂණ කරන ගමන් කරුණා අම්මාන්ට තුවක්කු දීපු අය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු කරන්න කියා අපි සී.අයි.ඩී එකෙන් ඉල්ලා සිටි­නවා.

එදා රණ­වි­රු­වන් ඝාත­නය කරන්න තුවක්කු දීපු අය අද හැංගිලා ඉන්නවා. ඒ අය ගැනත් සමා­ජ­යට දැන­ගන්න කරුණු එළි­ක­රන්න ඕනෑ. කරුණා අම්මාන් කියන්නේ ඒකීය රටක් කියන සංක­ල්පය පිළි අර­ගෙන එල්ටී­ටී­යට විරු­ද්ධව ක්‍රියා කරන පුද්ග­ල­යෙක්. අපේ සිංහල රාජ්‍ය නාය­කයෝ සිටියා එල්ටී­ටී­යට තුවක්කු දීලා අපේ රණ­වි­රු­වන් ඝාත­නය කර­වපු අය.

හරීන් ප්‍රනාන්දු මහ­ත්ත­යාගේ ප්‍රකා­ශය අපි දැඩි ලෙස හෙළා දකි­නවා. අග­ර­ද­ගු­රු­තු­මාට චෝදනා කර­නවා. මංගල සම­ර­වීර මහ­ත්තයා අපේ මහ­සං­ඟ­ර­ත්න­යට අප­හාස කර­නවා.සජිත් නාය­කයා වෙන්න හදන්නේ සියලු ආග­මික නාය­ක­යන්ට අගෞ­රව කරන අය ළඟ තියා­ගෙ­නද කියා අපි අහ­නවා. මේ රට අන්‍යා­ග­මික රටක් බවට පත් කර­ග­න්නද හදන්නේ කියා අපි සජිත් ප්‍රේම­දාස මහ­ත්ත­යා­ගෙන් අහ­නවා. අග­ර­ද­ගු­රු­තු­මාට බැණ චෝදනා කර සජිත් ප්‍රසි­ද්ධියේ සමාව ගත්තට වැඩක් වෙන්නේ නැහැ. බුද්ධි අංශ දැන් ගහ­නවා කියලා කියද්දි මේක නැවැ­ත්තුවේ නැති ආණ්ඩුව එයට උදව් කරපු අය සිටිය ආණ්ඩුව දැන් අග­ර­ද­ගු­රු­තු­මා­ටත් අප­හාස කර­නවා.ලෝකය හමුවේ මේ අප­හා­සය ලංකා­වට මහත් අප­කී­ර්ති­ය­ක්යැ­යිද කීය.

27/06/2020

ලුණම සමූහ- සනත් ගමගේ

මුල් පුවත සදහා පිවිසෙන්න : http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=3151e5df&imageview=0

Read More
හැම අම්මාටම පුතෙක් – හැම හදවතකම නාමලක් | 2020 මැතිවරණ නිල තේමා ගීතය

හැම අම්මාටම පුතෙක් – හැම හදවතකම නාමලක් | 2020 මැතිවරණ නිල තේමා ගීතය

June 24, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

Read More
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ’ පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ’ පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය.

June 23, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ’ පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය. එතුමන්ගේ පසුගිය දස වසරක දේශපාලන ගමන් මග පිළිබදව මෙන්ම ඉදිරි දේශපාලන දැක්ම පිළිබදවද බොහෝ තොරතුරු මෙහි අන්තර්ගත වේ.

අපේ නාමල් අතිරේකය කියවීම සදහා මෙහි පිවිසෙන්න

Read More
Namal Rajapaksa – Exclusive Interview with Lake House

Namal Rajapaksa – Exclusive Interview with Lake House

June 23, 2020 0 Comments by Namal Rajapaksa in My Blog Sinhala

 

Read More
අපේ පරපුරේ උරුමය ගොවිතැනයි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ටිකිරි කොරටුව – දිනමිණ පුවත්පතින්

අපේ පරපුරේ උරුමය ගොවිතැනයි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ටිකිරි කොරටුව – දිනමිණ පුවත්පතින්

May 4, 2020 0 Comments by Namal Rajapaksa in My Blog Sinhala News

මුල් පුවත කියවීම සදහා – https://bit.ly/2z6sljo

හම්බන්තොට දිස්ත්‍රික්කය ආර්ථික සහ දේශපාලනිකව සමෘද්ධිමත් දිශාවකට පරිවර්තනය කරමින් අපූරු තරුණ නායකයෙක් සිය උරුමයත්, පන්නරයත් එකසේ එක්ව ජනතාව වෙනුවෙන් මහ පොළවේ අරගලය දියත් කරන ලබන සංවේදී මිනිසෙකු වෙමින් කුරහන් සාටකයෙන් නිරූපිත සමාජය යථාර්ථයන් අභිමුවට ගනිමින් “සෞභාග්‍යයේ දැක්ම” වගා සංග්‍රාමය යථාවක් කරන්නට වෙහෙසෙන අපේ කාලයේ තරුණ නායකයෙකි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා.

“සෞභාග්‍යයේ දැක්ම” වගා සංග්‍රාමය පිළිබඳ මේ ඔහු සමඟ වූ පිළිසඳරකි.

අතීතයේත් වර්තමානයේත් අපි මහ පොළොව සමඟ එකට ජීවත් වූ මිනිස්සු. එදා එම්.ඩී.රාජපක්ෂ මැතිතුමාත් ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත්, මාගේ පියාත් කුරහන් සාටකය පැළඳුවේ මේ පරපුරම මහ පොළොවත්, ගොවිකමත් සමඟ බැඳුණු නිසාවෙනුයි.

විශේෂයෙන්ම අද ලෝකය මුහුණපා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් අප අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. එයින් ලෝක ආර්ථිකය කඩා වැටීම, ආහාර අර්බුදය, මානසික පීඩාවත් යන කරුණු විශේෂයි. විවෘත ආර්ථිකයෙන් පසු අප රටේ ජනතාව කන්න බොන්න විදියක් නැතුව පිටරට නැව් එනකම් මුහුද දිහා බලාගෙන හිටියා. අපි ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. “සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇත්තා සේ” මේ ‍කොරෝනා වසංගතයෙන් වුණ කඩා වැටීමෙන් අප ගොඩ ආ යුතුයි. එසේනම් අපි අපගේ ගෙවත්තේ ඇති පොඩි ඉඩකඩේත් වගා කරමු.

පවුලක අවශ්‍යතාවයෙන් 10%ක්වත් අපේ දෑතින්ම අපේ ගෙවත්තේ වගා කරගනිමු. ගෙවතු වගාවේදී කාබනික පොහොර භාවිතය, නව ක්‍රමවේදය සොයා යමින් වගාවේ ඵලදාව වැඩිකර ගැනීමටත් අපි වෙහෙසෙමු.

එදා දිවි නැඟුම-ගම නැඟුමෙන් ඇරඹි වගා සංග්‍රාම අද වන විට මල්ඵල ගැන්වී “සෞභාග්‍යයේ දැක්ම” ලෙසින් අප අභිමුවට පැමිණ තිබෙනවා. එසේ නම් මා සමඟ තරුණ ඔබත් එකාවන්ව එක්ව දැන් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමු.

සටහන – ආසිරි මල්ලවආරච්චි – දිනමිණ පුවත්පතින්

Read More
අනාගත ගමන මග වෙනස් කිරීමේ අවශ්‍යතාවය අපට මතක් කර දෙන මැයි දිනයක්!

අනාගත ගමන මග වෙනස් කිරීමේ අවශ්‍යතාවය අපට මතක් කර දෙන මැයි දිනයක්!

May 2, 2020 0 Comments by Namal Rajapaksa in My Blog Sinhala

පැය 8ක වැඩමුරයක් ඉල්ලා 1886 දී ඇමෙරිකාවේ චිකාගෝහීදී හරියටම වසර 134 කට පෙර සිදුවු කම්කරු අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, අප සෑම වසරකම මැයි මස පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. නුතන ලෝකයේ,ගෝලීය ආර්ථිකය පවත්වා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන මෙන්ම නව සොයාගැනීම් සඳහා දායක වන අපේ රටේ මෙන්ම විදේශීය රටවල ද, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මිලියන සංඛ්‍යාත ශ්‍රමික සහෝදර ජනතාව මෙම සුවිශේෂී දිනයේදි සිහිපත් කෙරෙනවා.

දෙවන ලෝක සංග්‍රාමය අවසන්වීමෙන් පසුව, ලෝකය තුළ දැවැන්ත කාර්මිකරණයක් සිදුවු අතර එමගින් ලෝකයට නිෂ්පාදන හා නිෂ්පාදන තාක්‍ෂණයේ දියුණුවත් අත්පත්කර ගැනීමට හැකිවුනා. තෝරාගත් නගර කිහිපයකට සීමාවී තිබුණු විදුලි පණිවුඩ,දුම්රිය මාර්ග පද්ධති, ගෑස්, ජල සම්පාදන හා මළ අපද්‍රව්‍ය පද්ධතිවල දියුණුව වේගයෙන් සෙසු නගර කරා ව්‍යාප්තිය මෙම කාලය තුළ සිදුවුනා. එමෙන්ම මෙම කාලය තුළ කම්කරු පන්තියේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන නිර්මාණය වු, “ගෝලීයකරණයේ නව රැල්ල” තවදුරටත් ශක්තිමත් වෙමින් ඉදිරියට පවත්වාගෙන ‍යෑමක් ද සිදුවුනා.

සෑම රටකම කම්කරු පන්තියේ දායකත්වය අසීමාන්තිකයි. තිස් වසරක ත්‍රස්ත්‍රවාදී යුද්ධයක යෙදී සිටියත්, මෙරට කම්කරු පන්තිය රට ආර්ථිකමය ලෙස නංවාලීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දුන්නා. අදවන විට අපේ රටේ නිෂ්පාදන වලට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති අතර අපේ කර්මාන්ත ද ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත්තේ කම්කරු පන්තියේ සුවිශේෂී හැකියාවන් නිසයි.

සෑම වසරකම අපේ රටේ දේශපාලන පක්ෂ සහෝදර රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් අගය කිරීම සඳහා මැයි දින පෙළපාළි පවත්වනු ලබන අතර, මේ වසරේ අප සියල්ලන්ම දන්නා පරිදි එම තත්ත්වය වෙනස් වීමකට ලක්වෙලා. මාරාන්තික කොරෝනා වෛරසය අපි අනාගතය කරා ගිය අපගේ මාවත වෙනසකට ලක්කර තිබෙනවා. එය ආර්ථිකයන් අස්ථාවර කිරීම, විවිධ අංශවලට බාධා කිරීම, දහස් ගණනකට විරැකියාවට බල කිරීම සහ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව පරීක්ෂා කිරීම
දක්වාම පුළුල් වෙලා. අපි අද වෛරසය සමඟ සටන් කරන අතරේ, සෞඛ්‍ය සීමාවන් නිසා, මිලියන ගණනක් මිනිසුන් සති ගණන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු වෙලා. එමගින් ගෝලීයකරණයට ද දැඩි පහරක් එල්ල වී බව නොරහසක්.

කොරෝනා ගෝලීය වසංගතය මේ වනවිට අපේ රටේ අනාගත දිශානතිය වෙනසකට ලක් කර තිබෙනවා. මෙරට කර්මාන්තවලට අනාගතයේදි ගෝලීය වෙළෙඳපොළේ නව ඉල්ලීම් අධ්‍යයනය කර නව වෙළදපළක් සොයා ගැනීමට වන අතර අපගේ අපනයන නැවත සකස් කිරීමට ද සිදුවනවා. සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කරගැනීමට කාලයක් ගතවෙතත් එහි සංචාරක ආකර්ශනය වැඩිකර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වනවා. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරිමේ අභියෝගයට ද අපට මුහුණදීමට සිදුවනවා. පවතින දුෂ්කර තත්ත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයකම විරැකියාව වේගයෙන් ඉහළ යන බැවින්, අප කඩිනමින් පශ්චාත් කොරෝනා වසංගත ලෝකයක් සඳහා උපාය මාර්ගිකව සූදානම් විය යුතුයි.

මෙරට කර්මාන්තකරුවන්ට ගෝලීය වෙළදපළ ඉල්ලීම් වෙනස්වී ඇති වග අද වනවිට පිළිගැනීමට සිදුවී ඇත. ශ්‍රී ලංකා රජය දැනටමත් නව ගෝලීය අපනයන වෙළඳපොළ පිළිබඳව අධ්‍යයනය කිරීමට පටන් ගෙන ඇති අතර අප රටක් ලෙස ගෝලීය අපනයන වෙළදපළට සැපයිය යුතු නිෂ්පාදන මොනවාදැයි මේවනවිට තේරුම් ගෙන සිටිනවා. තවද, මෙරට මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 4 ක් විදේශයන්හි සේවය කරන අතර වසර ගණනාවක් තිස්සේ ඔවුන් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එන්නට දායකත්වය ලබාදුන්නා. සෑම රටක්ම පාහේ මෙම ගෝලීය වසංගතයට මුහුණ දී සිටින නිසා එම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් ද නිශ්චිතවම විරැකියාවට මුහුණදීමේ හැකියාවක් පවතිනවා. එවිට මෙම පිරිස ද අපේ ශ්‍රම බලකායට ඒකාබද්ධ කිරීම අපගේ වගකීමක් වන අතර එමඟින් ඔවුන්ට ද ජීවනෝපායන් අඛණ්ඩව පවත්වා ගත හැකි මගක් නිර්මාණය කිරීමට අපට සිදුවනවා.

තවද, යම් යම් ආනයන තහනම් හේතුවෙන් ශ්‍රී ලංකාවට කෙටිකාලීන ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති අතර එමඟින් අපගේ ශ්‍රම බලකායට ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොළට ගැලපෙන පරිදි නැවත සකස් කිරීමට අවකාශයක් නිර්මාණය වනවා. මා ගෙවතු වගාව දිරිමත් කර ඇති අතර එම අතරවාරයේ නිෂ්පාදකයින්ට ක්ෂණිකව දේශීයව ඉල්ලුම අධ්‍යයනය කර වෙළඳපල සපුරාලීම සහතික කිරීම මගින් අපගේ ආහාර හිඟය මඟහරවා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ වන විට මෙරට රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.5 ක් ලෙස ගණන් බලා ඇති අතර තවත් 100,000 ක් ළඟදීම රාජ්‍ය අංශයට එක්වීමට නියමිතයි. ශ්‍රම බලකායේ සෙසු පිරිස පෞද්ගලික අංශය නියෝජනය කරනවා. එබැවින්, අන් කවරදාකටත් වඩා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් දැන් අවශ්‍ය මොහොතක් වන අතර එමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශයට වාසි සැලසෙන පරිදි ඒවා පවත්වා ගෙන යාම එමගින් රටේ ආර්ථිකය නොනවත්වා තබා ගැනීම අතිශය වැදගත් වනවා. කොරෝනා වෛරසය හේතුවෙන් පුළුල් වී ඇති විරැකියා මට්ටම අවම කිරීම සහතික වීමට මෙම අංශ දෙකටම සිදුවනවා. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම රැකියා අඛණ්ඩව පවත්වාගෙන යාමට මාර්ග සොයා ගැනීමේදී ජීවනෝපායන්ට බාධා නොවන පරිදි නව මංපෙත් සොයා බැලීමට ද අපට මේ දුෂ්කර අවස්ථාවේ බලකරමින් සිටිනවා.

අපි අද ශ්‍රම බලකාය අගය කරන මේ මැයි දිනයේදි අන් කවරදාකටත් වඩා අපගේ අනාගතය වෙනස් කිරීමට බලකරමින් සිටින මොහොතකයි. ආර්ථිකය ගොඩනැඟීම සඳහා දැවැන්ත අභියෝගයක් ඇති නමුත් එය ළගාකර ගැනීමට මෙරට ශ්‍රම බලකායට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.

කොරෝනා වසංගතය පරාජයට පත් කිරීමට පෙරමුණ ගෙන සිටින දහස් ගණන් අපේ රටේ ශ්‍රම බලකායට අයත් උත්තම මිනිසුන්ට අද අප ජාතියක් ලෙස ගරුත්වය පුදකරමින් සිටින මොහොතක, ශක්තිමත්ව අධිෂ්ඨානශීලිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සූදානම්ව සිටින ශ්‍රම බලකාය නියෝජනය කරන සෙසු අපේ සහෝදර ජනතාව ද මේ සුවිශේෂී දිනයේදි මා ඇගයීමට ලක් කරනවා. ලෝකයේ බොහෝමයක් රාජ්‍යයන් කොරෝනා වසංගතය නිසා අසරණ වී ඇති මොහොතක අන් කවරදාකටත් වඩා ලාංකීය ජාතිය ලෙස අපි නැවත ශක්තිමත්ව නැගිසිටිනු ඇතැයි මාගේ විශ්වාසයයි. රට වෙනුවෙන් දිවා රෑ නොබලා දහදිය වගුරන රාජ්‍ය හා පුද්ගලික අංශයේ විරුවන් සැමට මේ ජාත්‍යන්තර කම්කරු දිනයේදි මාගේ සුබ පැතුම මෙලෙස ලියා තබමි. රට වෙනුවෙන් ඔබේ කැපවීමට ස්තූතියි!!!

Read More
  • 1
  • 2

Namal Rajapaksa,
Carlton house, Tangalle, Sri Lanka.

Phone: (+94) 472240332
E-mail: namal@nr.lk

Privacy Policy

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.

Quick Links
  • Become a volunteer
  • Meet Namal
  • Namal's Perspectives
  • Get Involved
  • My Events
  • Photo Gallery
  • Video Gallery
Connect With Namal