එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එක්තරා පැළැන්තියකට පමණක් සීමාවී තිබු මෙරට දේශපාලනය ජන සතු කරමින් සඟ,වෙඳ,ගුරු,ගොවි කම්කරු පංච මහා බලවේගය හරහා ලාංකේය දේශපාලන භූමීයේ හැඩය වෙනස් මගකට යොමු කිරීමට ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන් සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙරට දේශපාලන භූමිකාවේ අද්වීතිය චරිතයක් ලෙස හදුන්වාදිය හැකිය. එතුමන්ගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් මෙම සටහන තැබීමට ලැබීම භාග්‍යයක් කොට මා සළකනවා.1956 දී නිර්මාණය කරන්නට වු මෙරට දේශපාලනයේ පුංචි මිනිසුන්ගේ යුගය තුළ එතුමන් ස්වදේශීයත්වය අගයන්න ජනතාව නැඹුරු කරන්නට විය. එමෙන්ම ජනතා හඬට කන්දුන් ජනහිතකාමී පාලන තත්ත්‍රයක් නිර්මාණය කිරීමට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිරතුරු නායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නිවැරදිව පිළිගන්නා හා එය ක්‍රියාත්මක කරන පක්ෂයක සාමාජිකයෙකු ලෙස එතුමන්ගේ 122 වන ජන්ම දින සැමරුමේදී කිව හැක්කේ එතුමන්ගේ ප්‍රතිපත්ති එදා වගේම අදටත් ගැලපෙන බවයි. ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ ස්වදේශීයත්වය අගය කරන ආර්ථික ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියාකිරීමට අපට අද බල කර ඇත්තේ ද එතුමන්ගේ ප්‍රතිපත්ති වල සර්වකාලීන බව කියාපාමින්. තුන් කල් දැක්මක් සහිත විශිෂ්ට නායකයෙකු වු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදත් අදත් හෙටත් ලාංකේය ජන හදවත් තුළ සදාකාලීකවම ජීවත්වන යුග පුරුෂයෙක්.
නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
2020.01.08.
ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் 122ஆவது ஜனன தின நிகழ்வு
ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் ஜனன தினத்தை முன்னிட்டு எமது தாய்நாட்டிற்கு வரலாற்று ரீதியான மாற்றத்திற்கான ஆரம்பத்தை பெற்றுக் கொடுத்த தலைவரான ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களின் 122ஆவது ஜனன தினத்தில் அவரை நினைவுகூர்ந்து இந்த செய்தியை வழங்க கிடைத்தமையை ஒரு பாக்கியமாகக் கருதுகின்றேன். 1956ஆம் ஆண்டு பொதுமக்கள் யுகத்தின் நிறுவுனருடன் அந்த அரசியல் கலாசாரத்திற்கு பெரும் பலமாக திகழ்ந்து அமரத்துவமடைந்த டீ.ஏ.ராஜபக்ஷ அவர்களின் பேரன் என்ற வகையில், அத்திட்டத்தின் ஊடாக முன்னேறிய எனது அன்புக்குரிய தந்தையான மஹிந்த ராஜபக்ஷ அவர்களை ஸ்ரீலங்கா சுதந்திர கட்சியானது, பாராளுமன்ற உறுப்பினர், அமைச்சர், பிரதமர், ஜனாதிபதி என்று உச்சத்தை அடையச் செய்தமையால், எனக்கும் அரசியலின் கையேடுகளை மீட்டிப்பார்க்கும் அதிஷ்டம் கிட்டியது. அவரது தத்துவ பார்வையின் அடிப்படையில் நிறுவப்பட்ட இடதுசாரி அரசியல் முகாமை பாதுகாப்பதற்கு நாம் அனைவரும் ஏக மனதுடன் உறுதிபூணுவது ஸ்ரீமத் எஸ்.டப்ளிவ்.ஆர்.டீ.பண்டாரநாயக்க அவர்களுக்கு செய்யும் உயரிய மரியாதையாகும்.
நாமல் ராஜபக்ஷ
இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சர்
2021.01.08
නව සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රීඩාව ඉදිරියට යා යුතුයි. එල්.පී.එල්. මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියයි.
COVID-19 සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට අවසර ලබා දුන්නා.
මේ වසරේ එල්.පී.එල් තරඟාවලිය දිවයිනේ පැවැත්වෙන පළමු ක්‍රීඩා තරඟාවලිය වන අතර එය මෙරටට දීර් කාලයක් තිස්සේ අවශ්‍යව තිබු තරගාවලියකි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු අප රට ක්‍රිකට් ඔස්සේ රැකගත් කීර්ති නාමය මෑත වසරවල යම් පසුබෑමකට ලක්වු බව අප හැමෝටම පිළිගැනීමට සිදුව ඇති කරුණක්. විශේෂයෙන්ම එක්දින හා 20-20 ක්‍රීකට් ක්‍රීඩාවේ පසුබෑම ඒ අතරින් ප්‍රධානයි. මේ තත්ත්වයට දේශීය ක්‍රිකට් ක්‍රිඩාවේ තරගකාරීත්වය අඩුවීම ඇතුළු කාරණාවක් බලපා ඇතිබව පෙනී යනවා.
දිගු කලක් තිස්සේ එල්.පී.එල්. තරගාවලියක් පැවැත්වීමට මෙරටදී උත්සාහ කළ නමුත් එම යෝජනාවන් කිසිවකට සාකච්ඡාවලට වඩා ඉදිරියට යාමට හැකියාවක් ලැබුනේ නෑ. කෙසේ වෙතත්, මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සති කිහිපයකට පසු, මෙම යෝජනාව යළිත් වරක් මගේ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර, එය යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මග පෙන්වනු ලැබුවා. තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සහතික කිරීම සඳහා සියලු ක්‍රියා පටිපාටි අඛණ්ඩව සිදු වෙමින් පවතින අතර, කෙසේ වෙතත් මෑත සතිවලදී COVID-19 වසංගතය දිස්ත්‍රික්ක කිහිපයක් පුරා පැතිරයාම හේතුවෙන් අපට යම් පසුබෑමකට ලක්වන්නට සිදුවුනා. තරඟාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ තරග විකාශන කටයුතු කරන ආයතනයේ සාමාජිකයන් මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් තරඟාවලිය ඉදිරියට යා හැකිද යන්න සහ ක්‍රීඩකයන්ගේ සහ ප්‍රාදේශීය මහජනතාවගේ ආරක්ෂාව අඩාල වේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වුනා.
කෙසේ වෙතත්, COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය යාන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා කරන ලද අතර තරඟාවලියට පෙර සහ අතරතුර දැඩි ලෙස ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ද කතාබහ කළා. මෙම මාර්ගෝපදේශ හා සැලසුම් අනුගමනය කරමින්, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම සෞඛ්‍ය බලධාරීන් සමඟ එකගවු යෝජනාව යළිත් වරක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත රැගෙන ගියා. සියලු මාර්ගෝපදේශ අධ්‍යයනය කිරීමෙන් පසු COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ යළිත් සාකච්ඡා කර සංවිධායකයින්ට තරගාවලිය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවසරය හිමිවුනා.
COVID-19 වසංගතය තුළ පවා ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට ඇති කැපවීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාවරයා ලෙස මා අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට ප්‍රශංසාව පිරිනමනවා. කොරෝනා වෛරසයෙන් මහජනතාව ආරක්ෂාකාරී කිරීමට ජාතියට නායකත්වය දෙන අතරම, ආර්ථිකය හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ක්‍රියා කිරීම මෙම නව සාමාන්‍ය තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය කරුණක් බව එතුමන්ලා පිළිගන්නා බවට මෙම තීන්දුව කදිම නිදසුනක් .කොරෝනා වෛරසය ලොව පුරා විනාශයට හේතු වී ඇති අතර, රටවල් අගුලු දැමීමට බල කෙරී ඇති අතර, අප රට ද මෙම තීරණාත්මක අවස්ථාවේදි ජනතාවගේ ජීවනෝපායන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහ කොරෝනා වෛරසයෙන් ඇතිවන බලපෑම අවම කිරීමට පියවර ගෙන ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. සෞඛ්‍ය පිළිබදව ගෝලීය විශේෂ දැනුම ඇති පුද්ගලයන්ට අනුව, වසංගතට විසදුමක් බොහෝ දුරට නොපෙනෙන බැවින්, කොරෝනා වයිරසයත් සමඟ ලෝකයට දැන් නව සාමාන්‍යයකට හැඩගැසීමට සිදුව තිබෙනවා.
එල්.පී.එල්. තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලබා දුන් අවසරයෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරඟාවලිය තවත් සතියක් කල් දමා නොවැම්බර් 26 වනදා ආරම්භ කිරීමට තීරණය කළා. සියලුම තරඟ සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කොරෝනා වසංගතයට මුහුණදීමට විද්‍යාත්මක බබලයක් හරහා තරගාවලිය පැවැත්වීමට තීරණය වී තිබෙනවා. මෙම සංකල්පය යටතේ, සියලුම කාර්ය මණ්ඩල, සහායක කාර්ය මණ්ඩල, දේශීය ක්‍රීඩකයින් සහ විකාශන කාර්ය මණ්ඩලය තරඟාවලිය ආරම්භ වීමට පෙර දින 14 ක නිරෝධායනයකට භාජනය වන අතර සියල්ලන්ම PCR පරීක්ෂණවලට භාජනය වනවා. තරඟාවලියට සහභාගී වීමට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණයට භාජනය වන අතර ඔවුන් දින 7 ක නිරෝධායනයකට ලක් වනවා.
එල්.පී.එල්. සංවිධානය කිරීමට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මා සහතික වනවා. මෙම අවස්ථාවේදි තරඟාවලිය පැවැත්වීමේ අවශ්‍යතාවය ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන අතර, ශ්‍රී ලංකාව ද COVID-19 ලෝකයේ ‘නව සාමාන්‍යයට’ හැඩගැසෙන අතර ජාතියේ ආර්ථික ප්‍රගතිය ශක්තිමත් කිරීම කෙරෙහි බැරෑරුම් ලෙස සොයා බැලිය යුතු කාලය මෙය බව මා විශ්වාස කරනවා. අනෙකුත් රටවල් දැනටමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සත්කාරකත්වය ලබා දීම අරඹා ඇති අතර ක්‍රිකට් යනු ක්‍රීඩාවක් හෝ විනෝදාස්වාදයක් පමණක් නොවේ.එය ලාංකීය ජාතියේම බලාපොරොත්තුවයි. ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය, රට ප්‍රවර්ධනය කිරීම මෙන්ම සැලකිය යුතු ආර්ථික ස්ථාවරත්වයක් ඒ හරහා ළගා කරගැනීමට අපට හැකිවනවා.
ශ්‍රී ලංකාව දැන් ඉදිරියට ගොස් ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව අනෙකුත් සියලුම ක්‍රීඩාවලදී ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එමගින් සෘජු හා වක්‍ර රැකියා අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. තවද මෙය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දක්ෂතා වර්ධනය කර ගැනීමට සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් වගේම ගෝලීය අවස්ථාවන් ද මේ හරහා නිරාවරණය වනු ඇත.මෙරට තුළ දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින නමුත් ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඇති බාධාවන් ඉවත් කිරීමට මෙම අවස්ථාවන් හරහා අපට හැකියාව ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
තවද, අන්තර්ජාතික තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාව සතු ක්‍රීඩාංගණය ලබා දීමේ හැකියාව පිළිබඳව ද මා සාකච්ඡා කරමින් සිටිනවා.ක්‍රිකට් ක්‍රීඩාංගන පමණක් නොව, අප සතු සුදුසු පහසුකම් ඇති පාපන්දු, රග්බි සහ වෙනත් ක්‍රීඩාංගන ද ඒ සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙම සෑම පියවරකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සලකා බලන බවටත්, ඒ සදහා මාගේ අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවටත් මා සහතික වනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මාගේ වගකීමයි. එසේ කිරීමෙන් රටේ ප්‍රගතියට වාසි සැලසෙනවා. මෙමඟින් අත්‍යවශ්‍ය විදේශ විනිමය රට තුළට ගෙන එන අතර, ශ්‍රී ලංකාව කදිම ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතිනවා.එමගින් මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමත් වෙමින්, රැකියා උත්පාදනය වන බැවින් දහස් ගණනකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනවා.
අවශ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මා උපරිමයෙන් කටයුතු කරන අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලින් මා ඉල්ලා සිටින්නේ සෑම තරගාවලියකම විනිවිදභාවය පවත්වාගෙන යමින්, වංචාව දුෂණය පිටුදකිමින් ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඒවා සංවිධානය කරන ලෙසයි. මාගේ නායකත්වය යටතේ තරඟාවලි වල විනිවිදභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවට මා සහතික වනවා.
පශ්චාත් COVID-19 ලෝක තත්ත්වයක් තුළ මට වගේම ඔබ හැමෝටමටත් මුහුණදීමට සිදුවන අභියෝග තිබෙනවා. රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මහජනතාව හා රට වෙනුවෙන් එම අභියෝගය භාරගැනීමට මා සුදානම්. කොරෝනා වසංගතයත් සමග අද වන විට ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශවී ඇති අතර එම නව මාවතේ ගමන් කිරීමට මා මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
லங்கா பிரீமியர் லீக் 2020: உள்ளூர் வீரர்களின் திறமைகளை உணர்ந்து, ஒரு வலுவான விளையாட்டு பொருளாதாரத்தை நோக்கிய பயணத்தின் ஆரம்பம்.
லங்கா பிரீமியர் லீக் 2020 நவம்பர் மாதம் ஆரம்பமாகவுள்ள நிலையில், அது உலக விளையாட்டுத் துறையில் இலங்கையை பலப்படுத்தும் ஒரு போட்டியாகவும் உள்ளதுடன், இப்போட்டியானது இப்போதே உள்ளூர் மற்றும் சர்வதேச விளையாட்டு பார்வையாளர்கள் மற்றும் ஊடகங்களின் கவனத்தை ஈர்த்துள்ளது.
நாம் அனைவரும் அறிந்தவகையில், உலகின் பிற நாடுகளைப் போலவே, இலங்கையும் கடந்த பல மாதங்களாக உலகளாவிய கொவிட்-19 தொற்றுநோயால் பாதிக்கப்பட்டு, தொற்றுநோயைக் கட்டுப்படுத்த நாட்டில் கடுமையான சுகாதார வழிகாட்டுதல்கள் மற்றும் தனிமைப்படுத்தப்பட்ட விதிமுறைகளை அமுல்படுத்தி வருகிறது. நான் இதனை எழுதுகையிலும், இலங்கை பாரிய கொவிட் அச்சுறுத்தலை எதிர்கொண்டிருக்கிறது. மேலும் அதை கட்டுப்படுத்த சுகாதார அதிகாரிகள் மற்றும் பாதுகாப்பு படைகள் உள்ளிட்ட அரச அதிகாரிகள் கடுமையாக போராடி வருகின்றனர்.
கொவிட் -19 தொற்றுநோய் காரணமாக, எல்பிஎல் 2020 போட்டி நவம்பர் மூன்றாம் வாரத்திற்கு ஒத்திவைக்கப்பட்டுள்ளது. அதன்படி, வீரர்கள், பார்வையாளர்கள் மற்றும் நாட்டின் நீண்டகால நலனை கருத்திற்கொண்டு விளையாட்டு அமைச்சு, இலங்கை கிரிக்கெட் மற்றும் எல்பிஎல் 2020 அமைப்பாளர்கள் ஒன்றிணைந்து எல்பிஎல் 2020 போட்டியை நவம்பர் 21 முதல் டிசம்பர் 13 வரை நடத்துவதற்கு தற்போது திட்டமிடப்பட்டுள்ளனர்.
இந்தியன் பிரீமியர் லீக்கின் வெற்றியைத் தொடர்ந்து, இலங்கையில் இதுபோன்ற ஒரு போட்டியை நடத்துவதற்கான சாத்தியம் குறித்து பல ஆண்டுகளாகப் பேசப்பட்ட போதிலும், அந்த பேச்சுவார்த்தைகள் இந்நாட்டு வீரர்களுக்கு சர்வதேச அளவில் 20-20 போட்டி அனுபவத்தை பெற்றுக்கொள்வதை காரணமின்றி ஒத்திவைக்கும் ஒரு செயற்பாட்டிலேயே நிறைவடைந்தது. இந்த சவாலான தருணத்திலும் இந்த போட்டியை யதார்த்தமாக்குவதற்கு இலங்கை கிரிக்கெட் சபை மற்றும் இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சு பல வாரங்களாக பேச்சுவார்த்தை நடத்தி, இந்த செயற்பாட்டை முன்னெடுத்து செல்வதற்கு நடவடிக்கை எடுத்ததற்கு காரணம் இது இலங்கை கிரிக்கெட்டின் எதிர்காலத்திற்கு இன்றியமையாதது என்பதாலாகும். குறிப்பாக, இந்த போட்டி நாட்டின் விளையாட்டு பொருளாதாரத்தை கட்டமைத்து, இலங்கையின் இளம் விளையாட்டு வீரர்களின் திறமைகளை சர்வதேச அரங்கிற்கு வெளிப்படுத்துவதற்கான களத்தை அமைக்கும் என்று நான் நம்புகிறேன்.
எனது வலைப்பதிவில் இந்த கட்டுரையை வெளியிட்டபோது, கிறிஸ் கெய்ல், அண்ட்ரே ரஸ்ஸல், ஷாஹிட் அஃப்ரிடி, ஃபாஃப் டு பிளெசிஸ் மற்றும் கார்லோஸ் பிராத்வைட் ஆகிய 20-20 கிரிக்கெட் அரங்கை ஆக்கிரமித்துள்ள புகழ்பெற்ற வீரர்கள் பலரும் தங்களது பங்கேற்பை உறுதிபடுத்தியுள்ளமை இவ்வாண்டில் எல்.பி.எல். போட்டியின் வெற்றியை பறைசாற்றியுள்ளது.
சமீபத்திய வாரங்களில் இந்த போட்டி குறித்த சில ஊடகங்களில் விமர்சிக்கப்பட்ட போதிலும், இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சு, இலங்கை கிரிக்கெட் சபையுடன் இணைந்து, போட்டியை சீராக நடத்துவதற்கு தேவையான அனைத்து நடவடிக்கைகளையும் எடுத்து வருகிறது. இது எமது முதலாவது போட்டி என்பதால் தற்போதுள்ள குறைபாடுகளை சரிசெய்து நாம் முன்னோக்கி செல்ல வேண்டும் என்பதை நாங்கள் ஒப்புக்கொள்கிறோம். இந்த குறைபாடுகளை சரிசெய்து நாட்டில் வருடாந்த போட்டியாக எல்.பி.எல் போட்டியை நடத்துவதற்கு நாம் எதிர்பார்க்கிறோம்.
இந்த நேரத்தில் கருத்தில் கொள்ள வேண்டிய முக்கியமான விடயம் என்னவென்றால், இந்த வகையான சர்வதேச அளவிலான போட்டியின் மூலம் நாட்டின் விளையாட்டு பொருளாதாரத்தை உயர்த்த முடியும். இது கடந்த சில ஆண்டுகளாக குறிப்பாக கடந்த சில மாதங்களில் கொவிட்-19 தொற்றுநோய் காரணமாக குறைந்து வருகிறது. எல்.பி.எல். போட்டியானது நமது இளம் விளையாட்டு வீரர்களுக்கு அதிக சர்வதேச கவனத்தையும் அங்கீகாரத்தையும் தரும், மேலும் இதுபோன்ற மிகவும் போட்டித்திறன் வாய்ந்த போட்டி, பொழுதுபோக்குகளை மேம்படுத்துவதோடு மட்டுமல்லாமல், விளையாட்டு பொருளாதாரத்திற்கும் நாட்டின் பொருளாதாரத்திற்கும் குறிப்பிடத்தக்க பங்களிப்பை வழங்கும். கொரோனா உலகளாவிய தொற்றுநோயால் கடுமையாக பாதிக்கப்பட்டுள்ள விளையாட்டு சுற்றுலாத் துறையை வலுப்படுத்தவும், இலங்கையை உலக வரைபடத்தில் விளையாட்டு மூலம் வலுவான நாடாக உயர்த்தவும் இந்த போட்டி ஒரு வலுவான அடித்தளமாக அமையும்.
எல்.பி.எல்.-2020, முதலாவது 20-20 போட்டியை நாட்டின் முதன்மையான வருடாந்த போட்டியாக மாற்றுவதற்கு விளையாட்டுத்துறை அமைச்சராக, எனது அமைச்சின் ஊடாக இலங்கை கிரிக்கெட் சபைக்கு முழு ஆதரவையும் வழங்க எதிர்பார்க்கிறேன். அதன்மூலம் இப்போட்டியை நாம் இன்னும் வெற்றிகரமாக தொடர முடியும். இலங்கை மற்றும் சர்வதேச வீரர்களுக்கு ஒரு தளத்தை உருவாக்க இதுபோன்ற ஒரு போட்டியின் அனுகூலங்கள் மகத்தானவை.
அதே நேரத்தில், போட்டிகளுக்கு தேவையான அனைத்து நடைமுறைகளும் செயல்படுத்தப்பட்டு வருவதுடன், விளையாட்டுத்துறை அமைச்சராக, நிதி வெளிப்படைத்தன்மை மற்றும் பொறுப்புக்கூறல் மற்றும் வீரர்களை தேர்ந்தெடுப்பதில் வெளிப்படைத்தன்மை ஆகியவற்றை பராமரிக்குமாறு இலங்கை கிரிக்கெட் சபைக்கு தெரிவித்துக்கொள்ள விரும்புகிறேன். விளையாட்டு அமைச்சராக, சர்வதேச சட்டங்கள் மற்றும் ஒழுங்குமுறைகளின்படி போட்டிகளை ஏற்பாடு செய்ய வேண்டும் என்றும், போட்டி நிர்ணயம் தொடர்பான விதிகளை கண்டிப்பாக அமுல்படுத்த வேண்டும் என்றும் அவர்களுக்கு அறிவித்துள்ளேன்.
மேலும், அனைத்து சுகாதார வழிகாட்டுதல்களும் போட்டிக்கு முன்னும், பின்னும், செயல்படுத்தப்பட வேண்டும்.
எல்.பி.எல். இந்த போட்டிகளை சூரியவெ வ மஹிந்த ராஜபக்ஷ சர்வதேச கிரிக்கெட் மைதானத்தில் ஆரம்பித்து, இறுதிப் போட்டிகளை பல்லேகெல சர்வதேச கிரிக்கெட் மைதானத்தில் நடத்துவதற்கு திட்டங்கள் வகுக்கப்பட்டுள்ளன.
எல்.பி.எல் என்பதுவீர வீராங்கனைகளின் மற்றும் நாட்டின் சலனை கருத்திற்கொண்டு இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சினால் செயற்படுத்த தீர்மானித்துள்ள பல சர்வதேச போட்டிகளின் ஆரம்பமாகும். இந்நாட்டின் வீரர்களை சர்வதேச மட்டத்திற்கு கொண்டு செல்வதற்கும் சர்வதேச நிகழ்வுகளுக்கான சிறந்த இடமாக இலங்கையை நிறுவுவதற்கான தருணம் இது.
இந்த சிந்தனையின் மூலம் நாம் ஊக்குவிக்கப்பட்டு எமது வீர வீராங்கனைகளுக்காக ஒரு வித்தியாசத்தை ஏற்படுத்த முயற்சிப்பவர்களுக்கு ஆதரவளிக்க வேண்டிய நேரம் இது. இது அதன் ஆரம்பம்.
அனைவரும் பாதுகாப்பாக இருங்கள்.
ලංකා ප්‍රිමියර් ලීග් 2020 : දේශීය ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනා ගනිමින්, ශක්තිමත් ක්‍රීඩා ආර්ථිකයක් කරා යන ගමනේ ආරම්භය…..
ලංකා ප්‍රිමියර් ලීග් 2020 නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර එය ගෝලීය ක්‍රීඩා සිතියම මත ශ්‍රී ලංකාව ශක්තිමත් කරන තරගාවලියක් වන අතර දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රේක්ෂකයින්,ජනමාධ්‍යයන්හී අවධානය මේවන විටත් මෙම තරගාවලිය වෙත යොමුව තිබෙනවා.
අප කවුරුත් දන්නා පරිදි, පසුගිය මාස ගණනාවක් තිස්සේම , ශ්‍රී ලංකාව ද ලෝකයේ සෙසු රටවල් මෙන් ගෝලීය COVID-19 වසංගතයේ බලපෑමට ලක්ව සිටින අතර ඒ අනුව මෙම වසංගතය පාලනය කිරීමට රට තුළ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති රීතී ක්‍රියාත්මක කරමින් සිටිනවා. මා මෙම ලිපිය ලියන විටත්,ශ්‍රී ලංකාව විශාලතම කොවිඩ් පොකුරට මුහුණ දී සිටින අතර එය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිනවා.
COVID-19 වසංගතය හේතුවෙන් LPL 2020 තරඟාවලිය නොවැම්බර් තුන්වන සතිය දක්වා කල් දැමීමට තීරණය කළ අතර ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL 2020 සංවිධායකයින් එක්ව ක්‍රීඩකයින්ගේ, ප්‍රේක්ෂකයින්ගේ සහ රටේ දීර්ඝකාලීන යහපත වෙනුවෙන් නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා කාලය තුළ LPL 2020 තරගාවලිය පැවැත්වීමට මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සාර්ථකත්වයට පසුව, ශ්‍රී ලංකාවේ එවැනි තරගාවලියක් පැවැත්වීමේ හැකියාව වසර ගණනාවක් තිස්සේ බොහෝ කතාබහට ලක් වූ නමුත් එම සාකච්ඡා සාකච්ඡාවකින්ම අවසන් වුනේ මෙරට ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ 20-20 තරග අත්දැකීම් ලැබීම අහේතුකව කල් දමමින්. කෙසේ වෙතත් මෙම අභියෝගාත්මක මොහොතේ වුවද මෙම තරඟාවලිය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සති ගණනාවක් තිස්සේ සාකච්ඡා කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සදහා මෙම තරගාවලිය අත්‍යවශ්‍ය වන නිසයි. විශේෂයෙන් මෙම තරගාවලිය රටේ ක්‍රීඩා ආර්ථිකය ගොඩනගමින්, මෙරට තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තරයට නිරාවරණය කිරිමේ පසුබිම සකසන බව මාගේ විශ්වාසයයි.
මෙම ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළ වන විටත්, ක්‍රිස් ගේල්, ඇන්ඩ්‍රේ රසල්, ෂාහිඩ් අෆ්රිඩි, ෆෆ් ඩු ප්ලෙසිස් සහ කාලෝස් බ්‍රාත්වේට් 20-20 ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ විශාල නම් දැරූ ක්‍රීඩකයින් රැසක් සහභාගීත්වය ස්ථිර කර තිබීම මේ වසරේදී එල්.පී.එල්. තරගාවලියේ සාර්ථකත්වය පිළිබද සුබ පෙරනිමිත්තක්.
මෑත සතිවල දී මෙම තරඟාවලිය ඇතැම් මාධ්‍යවල විවේචනයට ලක්ව තිබු නමුත් මේ වනවිට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව තරඟාවලිය සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා. මෙය අපගේ පළමු තරගාවලිය වන අතර, පවතින අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතු බව අප ද පිළිගන්නවා. එම අඩුපාඩු නිවැරදි කර රට තුළ වාර්ෂික තරඟාවලියක් ලෙස එල්.පී.එල්. තරගාවලිය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා.
මේ මොහොතේ සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණ නම්, මේ ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි හරහා මෙරට ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට හැකි වනවා. එය පසුගිය වසර කිහිපය තුළ මෙන්ම විශේෂයෙන් පසුගිය මාස කිහිපය තුළ COVID-19 වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබුනා. එල්.පී.එල්. තරගාවලිය අපගේ තරුණ ක්‍රීඩකයින්ට වැඩි ජාත්‍යන්තර අවධානයක් හා පිළිගැනීමක් ලබා දෙනු ඇති අතර එවැනි ඉහළ තරඟකාරී තරඟාවලියක් විනෝදාස්වාදය ඉහළ නැංවීමට පමණක් නොව, ක්‍රීඩා ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇත. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට වගේම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ද මෙම තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති.
එල්.පී.එල්. 2020 පළමු 20-20 තරගාවලිය රටේ ප්‍රමුඛතම වාර්ෂික තරගාවලියක් බවට පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මාගේ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම තරගාවලිය අපට වඩාත් සාර්ථකව ඉදිරියට කරගෙන යා හැකිය. තවද ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ද මෙවැනි තරඟාවලියකින් ලැබෙන ප්‍රතිලාභ සුවිශාලයි.
ඒ අතරම, තරඟාවලිය සඳහා අවශ්‍ය සියලු ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇත්තේ මූල්‍ය විනිවිදභාවය සහ වගවීම සහ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ විනිවිදභාවය පවත්වාගෙන යමින් ක්‍රියාකරන ලෙසයි. තරඟාවලිය ජාත්‍යන්තර නීති හා රෙගුලාසිවලට අනුකූලව සංවිධානය කළ යුතු අතර තරග පාවාදීම්වලට අදාළ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් මා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
තවද, සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ තරඟාවලියට පෙර, තරගාවලිය අතරතුර මෙන්ම තරගාවලියෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු වනවා.
එල්.පී.එල්. තරගාවලිය සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයෙන් ආරම්භවී පසුව තරගාවලියේ අවසන් භාගයේ තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එල්.පි.එල් යන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ රටේ යහපත උදෙසා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රියාවට නැංවීමට අදහස් කරන බොහෝ ජාත්‍යන්තර තරඟාවලි වල ආරම්භය වන අතර මෙරට ක්‍රීඩකයින් ලෝකයට ගෙන යෑමටත් ජාත්‍යන්තර ඉසව් සඳහා කදිම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කාලයයි මේ. අපි මෙම සිතුවිල්ල හරහා දිරිමත් වෙමින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙනසක් කිරීමට උත්සාහ කරන අයට සහාය දැක්විමට කාලයයි මේ. මෙය එහි ආරම්භයයි.
පරිස්සමින් ඉන්න.
ඇමැතිගෙන් ක්‍රීඩා දියුණුව උදෙසා නව යුගයට අලුත් සැලැස්මක් – ජාතික පුහුණුකරු සමඟ වීඩියෝ තාක්ෂණයෙන් ක්‍රීඩා පාසල් 25ක ක්‍රීඩකයන්ට එකවර පුහුණුවක්
07/09/2020
ප්‍රින්ස් ගුණසේකර
රට පුරා විහිදී ඇති ජාතික ක්‍රීඩා පාසල් 25 ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අන්තර්ජාලය ඔස්සේ ජාලගත කොට වීඩියෝ තාක්ෂණය මඟින් එකවර ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට යයි.
ඒ මඟින් ක්‍රීඩා පාසල් 25ම අවම වශයෙන් මසකට එක් දවසක් ඒ ඒ ක්‍රීඩාවට අදාළ ජාතික පුහුණුකරු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පුහුණු කටයුතු යාවත්කාලීන කර ගැනීමට නව යුගයට ගැළපෙන ක්‍රමවේදයක් සකසන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ සඳහා දැනටමත් පෞද්ගලික ආයතනයක් මිලියන 40ක ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (4) පැවැති හමුවකදීය.
“මේ ජාලගත කිරීම හරහා. අපි එක කැමරාවක් ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නවා. උදාහරණයක් ලෙස බොක්සිං ජාතික පුහුණුකරු වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රීඩා පාසල් 25 සිටින බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පුහුණු ක්‍රමවේද සිදු කරනවා. ඒ මොහොතේම දෙපාර්ශ්වයට ගැටලු සාකච්ඡා කරගන්න ඒ තාක්ෂණය ඔස්සේ පුළුවන්. ඉදිරියේදී අපි ක්‍රීඩාවක් සඳහාම වෙන් වූ පාසල් පන්ති කාමර නිර්මාණය කරනවා. උදාහරණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන්ම පන්ති කාමරයක් සකස් කරන්න පුළුවන්. ක්‍රීඩා පාසල් සියල්ල වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගත කරලා එන්.වී.කිව්. අධ්‍යාපන මට්ටම් හරහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග හා සමාන පිළිගැනීමේ තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. මින් ඉදිරියට කියන්න බෑ විභාගය නිසා ක්‍රීඩාව නැවැත්තුවා කියලා. ක්‍රීඩා කළ නිසා විභාගය අසමත් වුණා කියලාත් චෝදනා කරන්න බෑ. අධ්‍යාපනයයි ක්‍රීඩාවයි එකට ගමන් කරන්න ක්‍රමවේදය සකස් කරනවා” ඇමැතිවරයා පැවැසීය.
“අපේ තරුණ තරුණියන් සියයට අනූනවයක් අද අන්තර් ජාලය හා සම්බන්ධ වෙලා ඉන්නේ. අප තීරණය කළා ක්‍රීඩා පුහුණුව සම්බන්ධව පාඩම් මාලාවක් සකස් කරලා අන්තර් ජාලය හරහා ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න. ක්‍රිකට් ආයතනය හා පාපන්දු සංගමය සතුව හොඳ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ මා නිරීක්ෂණය කළා. සංවිධානාත්මකව මේ ක්‍රමවේදය ගමට ගෙන යන හැටි. ක්‍රීඩකයන්ගෙන් භාගයක් විතර ඉන්නේත් ජංගම දුරකතනයත් එක්ක. අප කොහොමද ඒක ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ. ජාතික ක්‍රීඩා සංගමයේ ඉන්න ජාතික තලයේ පුහුණුකරුවා හා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයා හරහා ඔන්ලයින් පාඩම් මාලාවක් සකස් කරන්න පුළුවන්. ක්‍රීඩකයෝ වීඩියෝ බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්න කැමැතියි. මා උත්සාහ කරන්නේ ඒ ක්‍රමවේදය හදන්නයි. ගමේ දරුවට පුහුණුකරුවෙක් නැතත් වීඩියෝ එක බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්” ඇමැතිවරයා පැවැසීය.
මෙරට ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අඩුවක් ඇති බවත් එය ග්‍රාමීය ක්‍රීඩාව දියුණු කිරීමට විශාල අඩුවක්ව පවතින බවත් ක්‍රීඩා පාසල් ප්‍රධානීන් කැඳවා කළ සාකච්ඡාවේදී හඳුනාගත් බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
“රටේ ක්‍රීඩාව වැටෙන්න හේතුවක් තමයි ගමේ ක්‍රීඩාව දුර්වල වීම. මෙයට වසර 10කට, 20 කට කලින් ගමේ ක්‍රීඩා සමාජවල තමයි ක්‍රීඩා තරු හිටියේ. හැම ගමකටම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. නැවත වතාවක් ගමේ ක්‍රීඩා සමාජ හදන්න අප කටයුතු කරනවා. මා දකින්නේ ක්‍රීඩාව රටට, සමාජයට, ආණ්ඩුවට, මව්පියන්ට බරක් නොවිය යුතුයි. ලෝකේ හැම රටකම දරුවෙක් ක්‍රීඩාවේ නියැළෙනවා කියන්නේ අම්මා තාත්තාට ආදායමක් ලැබෙනවා. අපේ රටේ දරුවෙක් ක්‍රීඩාවක් කරනවා කියන්නේ අම්මා තාත්තාට වියදම් ගොඩක්. සපත්තු දෙක, ට්‍රැක් කිට් එක අරන් දෙන්නේ කොහොමද, ළමයා කොළඹට එවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. වසර 20කට පෙර අප ලෝකයේ හොඳ තැනක හිටියා. නමුත් පසුගිය වසර 10, 15 ඇතුළත අපි පහළට බැස්සා. ලෝක මට්ටමේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට අත් කර දීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි” ඇමැතිවරයා පැවැසීය.
“අද තවත් ගැටලුවක් බොහෝ පාඩම් මාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැතීම. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන පාඩම් මාලා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් හඩ කැවීම් කරලා ක්‍රීඩකයන් හට ලබා දෙනවා. එවිට ක්‍රීඩාවට ආදරේ කරන ගමේ දරුවාට ක්‍රීඩාවේ අගය දැනෙනවා. මේ ක්‍රමවේදය විද්වතුන් මගින් තව තවත් යාවත්කාලීන කොට හොඳ තැනකට ගෙනෙයි. ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා කිරීමේදී ඇති වන ආබාධ හා ඒවා වළක්වා ගන්නා ආකාරය පිළිබඳ හොඳ පාඩම් මාලාවක් සකස් කළ යුතුයි. ඒ ඒ ක්‍රීඩාවන්ට වෙනස් වූ ආබාධ පවතිනවා. අපි ඒ දේවල් ගමේ දරුවන්ට කියලා දෙන්න අවශ්‍යයි” නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ රැස්වීමට ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එක්ව එක ගමනක්!
පාසල් ගිය වයසේ සිටම විවිධ මැතිවරණ හා මැතිවරණ ව්‍ය්‍යාපාරයන් පිළිබදව නොයෙකුත් අත්දැකීම් මට තිබෙනවා.මා ක්‍රියාකාරී මැතිවරණය දේශපාලනයට ප්‍රවේශවීමට පෙර පියාගේ මැතිවරණ යාන්ත්‍රණයන් තුළත්, අනතුරුව දෙවතාවක් හම්බන්තොටින් පාර්ලිමේන්තු ගිය මගේ මැතිවරණය ව්‍යාපාරය තුළ මෙන්ම දුෂ්කරම විපක්ෂ භූමිකාවේදී පැවති පළාත් පාලන මැතිවරණයේදීත් ලැබු අත්දැකීම් බොහෝමයක් තරුණ වයසේදීම මාගේ ජිවිතයට ඒකරාශි වන්නේ වෙස් වලාගත් ආශිර්වාදයක් මෙනි.
සෑම මැතිවරණ ව්‍යාපාරයකදීම, අපේ කදවුර නියෝජනය නොකළ,වෙනත් පක්ශවලට සිය සෘජු සක්‍රීය දායකත්වය ලබාදුන් ආධාරකරුවන් අප හා එක්වීම සාමාන්‍ය තත්ත්වයකි. කෙසේවෙතත් මෙවර මැතිවරණයේදී පෙර නොවු විරු පරිද්දෙන් වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් විශාල ලෙස අපේ දේශපාලන කදවුර සමග කදවුරු බදින්නට එක්වන ආකාරයක් මැතිවරණ භූමියේ මේ දිනවල අත්දකිමින් ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ පිරිස් සිය දීර්ඝකාලීන දේශපාලන පක්ෂය හා මතවාදයන් හැරදමා අප හා එක්වීම මෙම අත්දැකීමයි. එම තත්ත්වය සුවිශේෂි එකක් බව නිසැකවම කියන්නට පුළුවන්කමක් තිබෙනවා.
විශේෂත්වය නම් වෙනදා අපේ ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීන්, විරුද්ධ පාක්ශිකයන් අප වෙත යොමු කිරීමට් යම් මැලිකමක් දැක්වූවත්, ඔවුන් මෙවර මැතිවරණයේ ඉතාමත් උනන්දුවෙන් එම කටයුත්තට දායකවෙමින් සිටීමයි.
එය ලාංකේය දේශපාලනයේ බිම් මට්ටමේ පාක්ශිකයන්ගේ දේශපාලන අදහස් වල සහ පරිචයේ සාධනීය වෙනසක් බව මා විශ්වාස කරනවා.
සෘජුවම මා හා සමග සම්බන්ධ වී රට වෙනුවෙන් වු කදවුර ශක්තියක් එක්කළ අය මෙන්ම අනෙකුත් අපේක්ෂකයන් හරහා සම්බන්ධවූ සියලුම අපේ නව සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස මා හෘදයාංගව හා උණුසුම්ව පිළිගන්නවා.
අපේ කදවුරේ ආදරණීය මිනිසුන් මෙන්ම අපේ නව ගමන් සගයන් ද “හෙට හම්බන්තොට” නිර්මාණය කිරීම වෙනුවෙන් අද සිටම අපේ ගමනේ කොටස්කරුවන් කරගන්නා බව පැවසිය යුතුමයි.
මහින්ද මෛත්‍රිට දුන්නෙ වේගයෙන් දියුණු වෙන රටක් මෛත්‍රි ගෝඨාභයට දුන්නෙ ආර්ථිකය පහළටම වැටුණු රටක්
ජේ. බණ්ඩාර – ගිරිබාව
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් පැරදිලා යන වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දුන්නේ වේගයෙන් දියුණු වෙමින් තිබුණ රටක්. එහෙත් රටේ අවාසනාවට අවුරුදු පහකට පස්සේ සිරිසේන උන්නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට භාර දුන්නේ ඇෆ්ගනිස්තානයටත් වඩා ආර්ථිකය පහළ වැටිච්ච රටක්. යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සෝලේවැව ගම්මානයේ පැවති ජනහමුවක දී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
‘‘පහුගිය අවුරුදු පහක කාලය තුළ යහපාලන ආණ්ඩුව විනාශ කරපු රට නැවත ගොඩගැනීම වර්තමාන රජයට පැවරුණ ලොකු වගකීමක්. යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශයට පත් කෙරුවා. ආර්ථිකය විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හදවත් තුළ තිබුණ සාරධර්ම පවා විනාශ කරලා දැම්මා. සහරාන්ලාගේ ප්‍රහාරය වෙලාවේ කිසිම වගකීමක් නැතුව වැඩ කෙරුවා. පාලකයෝ ගැන මිනිස්සුන්ගේ හදවත් තුළ ලොකු කලකිරීමක් ඇති කෙරුවා. ඒ නැති කරපු හැම දෙයක්ම යථා තත්ත්වයට කඩිනමින් පත් කරන වගකීම අපි භාර ගන්නවා. ඒ කටයුතු කිරීම සඳහා අලුත් ආණ්ඩුවට ප්‍රබල ජනවරමක් අවශ්‍ය වෙනවා. ඒකයි අපි තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා හිටින්නේ.
සිරිසේන – රනිල් හවුල් ආණ්ඩුවෙන් නැත්තටම නැති කරපු ආර්ථිකය යළි ගොඩ ගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සූදානම් වුණා විතරයි කොරෝනා වසංගතය ඇවිල්ලා ඒ වැඩ අවුල් වුණා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රට වටේ කියාගෙන යනවා කොරෝනා නිසා වැටුණ ආර්ථිකය නැවත ගොඩ ගන්ඩ එයාට රට භාර දෙන්නලු. එයාට අමතක වෙලා වෙන්ඩ ඇති රටේ ආර්ථිකය වැටුණේ කොරෝනා නිසා නෙමෙයි යහපාලන ආණ්ඩුව නිසා බව.”
මුල් පුවත සදහා : පිවිසෙන්න
රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතුයි.
දේශපාලනික වශයෙන් අස්ථාවර නායකයන් දේශපාලනයට ගෙනැවිත්, තමන්ට අවශ්‍ය විදියට මේ රට පාලනය කරන්න පුළුවන් කියලා සමහර රටවල නායකයන් විශ්වාස කරන බවත්, රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතු බව තමා විශ්වාස කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ මුස්ලිම් සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
කුරුණෑගල බ්‍රයිට් බ්‍රාවෝ හෝටලයේ දී පැවති මේ සම්මේලනය කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් තරුණ සම්මේලනය සංවිධාන කර තිබුණි. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිෆාල්, ‘කාන්තා සවිය’ සංවිධානයේ සභාපතිනී ෆෙරෝසා මුසම්මිල්, සබීර් මන්සූර් මහත්ම මහත්මීන් ඇතුළු වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන් සංගමයේ නියෝජිතයෝ ද, තරුණ ව්‍යාපාරිකයෝ ද, සිවිල් සංවිධානයේ තරුණ නියෝජිතයෝ ද මේ සම්මේලනයට සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
මේ රටේ ජනවාර්ගික දේශපාලන පක්ෂ එක් කාලයක දී ඉස්මතු වුණා. දකුණේ ආගම කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. උතුරේ ජාතිය කේන්ද්‍ර කරගෙන දේශපාලන පක්ෂ ඉස්මතු වුණා. එතැනින් තමයි අප අතර බෙදීම පටන් ගත්තේ. ඇයි එහෙම දේශපාලන පක්ෂ හැදුවේ කියලා තරුණයන් විදියට ඔබ පොඩ්ඩක් හොයලා බලන්න.
එහෙම දේශපාලන පක්ෂ හදන්න තිබුණ බලවේග මොනවාද? කවුද මේ රටේ තරුණයා දේශපාලනික වශයෙන් බෙදන්න තීන්දු කළේ?
මේ ළඟදී මේ වගේම රැස්වීමකදී මාධ්‍යවේදී සහෝදරයෙක් මගෙන් ඇහුවා මාත් එක්ක රනිල් වික්‍රමසිංහගේ ඩීල් එකක් තිබෙනවද කියලා. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසයි මායි අතර ඩීල් එකක් තිබෙනවාද කියලා. මම කිව්වා එහෙම ඩීල් එකක් නෑ කියලා. මම ඔහුට කීවා දේශපාලනික වශයෙන් අප අතර ඩීල් එකක් නෑ. රනිල් මාව තුන් පාරක් හිරේ දැම්මා. අපේ ආච්චිව, අම්මා සී.අයි.ඩී. එකට අරන් ගියා තාජුඩීන් ඝාතනය කළා කියලා. එහෙම ඩීල් එකක් අප අතරේ තිබුණා නම් මගේ අම්මා සී.අයි.ඩී. එකට ගෙන යයිද?
සජිත් ප්‍රේමදාසත් එහෙමයි. එළිමහනේදී බැන්නාට පාර්ලිමේන්තුවේදී බොහෝම හොඳට හිනා වෙලා කතාබහ කරනවා. එහෙම වුණා කියලා අප අතර ඩීල් එකක් නෑ. හැබැයි එක කාරණයක් තිබෙනවා. සජිතුයි රනිලුයි තරහා වුණාට රනිල් වික්රමසිංහයි සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා තමයි මේ රටේ හැට දාහක් තරුණ තරුණියන් මැරුවේ. එදා එහෙම කරන කොට ඒකට ඒ දෙන්නාටම විරුද්ධව කතා කළේ මගේ තාත්තා මහින්ද රාජපක්ෂ විතරයි.
පලස්තීන මිත්‍රත්ව සංවිධානය හැදුවේ මගේ තාත්තා. ඒ සංවිධානයේ මාත් ඉන්නවා. මාත් විශ්වාස කරන දේශපාලනයක් තිබෙනවා. අප හැමෝම නොබැඳි දේශපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. අප විශ්වාස කරනවා රටක අභ්‍යන්තර කාරණාවලට වෙනත් රටවල් ඇඟිලි නොගැසිය යුතුයි කියලා. එහෙම නම් පලස්තීනය වගේ රටකට තමන්ගේ අයිතිය ලබා දෙන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නමින් පමණයි ඒ රටේ විදේශකයකුගේ නමින් පාරක් නම් කරලා තිබෙන්නේ.
අපේ රටේ වගේම ලෝකයේ දෙවැනි පෙළ දේශපාලන නායකත්වය හසුරුවන්නේ වෙනත් හස්තයන්. අද මැද පෙරදිගට වෙලා තිබෙන තත්ත්වය බැලුවාම ලෝකයේ වැඩියෙන්ම මුදල් උපයන පිරිස ඉන්නේ මැද පෙරදිග. ලිබියාව, ඉරානය වගේ රටවල් ඩොලර්වලින් ඉවත් වෙන්න හදන කොට ඒ රටවල නායකයන් එක පාරටම ත්රස්තවාදීන් බවට පත් වුණා. ඒ රටවල නායකයන් එක පාරටම අතුරුදන් වුණා. ප්රජාතන්ත්රවාදය නෑ කියලා ඇවිත් බලෙන් ඒ රටවල් අල්ලා ගත්තා.
ඉස්සර රටවල් අල්ලා ගත්තේ ගහලා විනාශ කරලා. නමුත් අද රටවල් අල්ලා ගන්නේ ආර්ථිකය නැත්නම් ආගම දහම විනාශ කරලා. ලිබියාවට මේ දෙකම පාවිච්චි කරලා විනාශ කර දැම්මා. මම දකින්නේ 2015ට පෙර අපේ රටෙත් වෙන්න ගියේ ඒ දේයි.
එල්.ටී.ටී.ඊ. එක ඇති වුණේ කොහොමද? රනිල් වික්රමසිංහයි රණසිංහ ප්‍රේමදාසයි එකතු වෙලා දකුණේ මැරුවේ, බටලන්දේ වධකාගාරයේ මැරුවේ දමිළ තරුණයන් නොවේ. සිංහල තරුණයන්. හැබැයි උතුරේ ත්‍රස්තවාදය පරාජය කළේ දකුණේ සිංහල, මුස්ලිම්, දමිළ තරුණයන් එකතු වෙලා. ඒක තමයි ඇත්ත කතාව.
අප එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළාම ඒකට පණ පෙවූ අය අලුතින් ක්‍රමවේද හොයනවා නැවත මේ රට බෙදන්න. ඒකේ ආරම්භය තමයි අන්තවාදය, ජාතිවාදය සමාජයේ වපුරවපු එක. ඒකේ ප්‍රතිඵලය තමයි එල්.ටී.ටී.ඊ. බෝම්බෙන් පතරොමෙන් ඝාතනය කරන්න බැරි වු මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය කිරීම. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිරේ දාන්න උත්සාහ කළා.
මෙහිදී මුස්ලිම් තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ද නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.
කාන්තා සවිය සංවිධානයේ සභාපතිනී ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
මුල් පුවත සදහා : පිවිසෙන්න
සජිත් එක්ක අනුර එකතුවෙලා පෙත්සමක් ගහලා පන්දහස බෙදන එක නතර කළා.
‘සජිත් ප්‍රේමදාස මහත්තයා ඇමැතිකම් කරපු පහුගිය කාලේ යාල වන උද්‍යානයේ ඉන්න සත්තුන්ට වඩා උද්‍යානයට සේවකයන් බඳවා ගත්තා. අනේ ඒ අසරණ මිනිස්සුන්ට නමට රස්සාවක් දුන්නා මිසක් පත්වීම් ස්ථීර කරලා නැහැ. සජිත් රස්සා දෙනවා කියලා රවට්ටපු ඒ මිනිස්සු දැන් උදේ හවස දුක කියාගෙන මම ළඟට එනවා. හම්බන්තොට මිනිස්සුන්ට බොරු රස්සා දීපු සජිත් දැන් ඒ මිනිස්සු අසරණ කරලා කොළඹට පැනගෙන රටටම විහිළු සපයනවා.’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගල්ගමුව සංගප්පාලය ගම්මානයේ පැවති ජනහමුවකදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොරෝනාවලින් අසරණ වු මිනිස්සුන්ට මාසෙකට රුපියල් පන්දාහ ගානේ මාස දෙකක් මුදල් දුන්නා. තුන්වෙනි මාසෙටත් රුපියල් පන්දාහක් දෙන්න ජනාධිපතිවරයා සැලසුම් සකස් කරලයි තිබුණේ. නමුත් සජිත් ප්‍රේමදාස අනුර දිසානායක එක්ක එකතුවෙලා මැතිවරණ කොමසාරිස්ට පෙත්සමක් ගහලා තුන්වෙනි පන්දාහ දෙන එක තහනම් කෙරුවා. එහෙම කුහක වැඩ කරපු සජිත් ආණ්ඩුවක් පිහිටුවලා මාසෙකට රුපියල් විසිදහසක් දෙනවලු කියලා රට වටේ කියාගෙන යනවා. ඒ විහිළුවට හිනා වෙනවා මිසක් රටේ ජනතාවට වෙන කරන්න දෙයක් නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 දි සිරිසේන උන්නැහැට රට භාර දුන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටක් හැටියට. හැබැයි සිරිසේන උන්නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට භාරදීලා ගියේ ලෝකයේ අඩුවෙන්ම දියුණු වෙන රට බවට පත්කරලා. දැන් ඒ රට දියුණු රටක් බවට පත්කරන අභියෝගයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා.
සජිත් ප්‍රේමදාස පහුගිය කාලේ ගෙවල් හදනවා කියලා එකක් කෙරුවා. හුඟක් තැන්වල ගෙවල් හැදුවේ අලිමංකඩවල් හරස් කරලා. එයාට හිතවත් පිරිසක් තෝරාගෙන ණය දුන්නා. දැන් ඒ මිනිස්සු ණය ගෙවාගන්න බැරුව අසරණ තත්ත්වයට පත් වෙලා. තරගෙට උදා ගම්මාන විවෘත කළා මිසක් කිසිම සැලසුමක් තිබුණේ නැහැ. මිනිස්සු ණයකාරයෝ කෙරුවා විතරයි.
පහුගිය කාලේ හදපු හැම උදා ගමකම මූලික පහසුකම් කිසිම දෙයක් නැහැ. වතුර නැහැ, ලයිට් නැහැ. සජිත් උදාගම්මාන කියලා හැදුවේ මිනිස්සු අසරණ කරන අසරණ ගම්මාන.
සජිත් ප්‍රේමදාසට තිබුණ ඡන්ද ටිකත් එයාගේ වටේ ඉන්න ගෝලබාලයෝ ටික නැති කරනවා. කාදිනල්තුමාට අපහාස කරලා එක් කෙනෙක් ඡන්ද ටික නැති කරනකොට අනිත් කෙනා සංඝයා වහන්සේලාට බැණලා ඉතුරු ඡන්ද ටික නැති කරනවා. අගෝස්තු 5 වැනිදායින් පස්සේ සමගි ජන බලවේගය අපේ රටේ ත්‍රීවීල් පක්ෂයක් බවට පත්වෙනවා.”
මහින්ද ,සිරිසේනට දුන්නේ වේගයෙන් දියුණුවෙන රටක්
හැබැයි ගෝඨාභයට දුන්නේ අඩුවෙන්ම දියුණුවෙන රටක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
•ජේ. බණ්ඩාර – ගිරිබාව
මුල් පුවත සදහා : පිවිසෙන්න