Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

Month: July 2020

  • Home
  • /
  • 2020
  • / July
පවුල් පාලනයක් ගැන නිතර චෝදනා නගන අයට නාමල් ගෙන් පිළිතුරු.

පවුල් පාලනයක් ගැන නිතර චෝදනා නගන අයට නාමල් ගෙන් පිළිතුරු.

July 16, 2020 0 Comments by Namal Rajapaksa in My Blog

තමන්ගේ අවශ්‍යතා හෝ තම මතය වෙනුවෙන් තම පවුල් සබදතා හරහා බලපෑම් කොට ඒවා ලබා ගැනීමට තමන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඒ වෙනුවෙන් ජනතා කෙන්ද්‍රීය වටපිටාවක් තුළ ජනමතය ගොඩ නගමින් තම මතය ජන මතය බවට පත් කිරීමට හැකිබව තමන් ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇතිබව නාමල් ප්‍රකාශ කරන ලදී.

Read More
කුරුණෑගල පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය සුබ මොහොතින් ඇරැඹේ

කුරුණෑගල පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය සුබ මොහොතින් ඇරැඹේ

July 15, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

පෙරේදා (12 වැනිදා) පස්වරු 12.12ට පැළ 12ක් සිටුවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු, මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දී පැවැත්විණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ පනස්දාහකින් ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් මෙම පැළ දෙලක්ෂ පනස් දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 31,000ක් සහභාගී කරවාගෙන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සහභාගී විය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැළ ලක්ෂයක් සිටුවන බවට අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ගෙවතුවල පලතුරු, ඖෂධීය ශාක සිටුවීමද සිදුකෙරෙනු ඇත.

මෙහි විශේෂත්වය වනුයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමය.

 

මුල් පුවත සදහා : සති අග අරුණ

Read More
ලංකාවේ ජාතිවාදය අවුස්සන්නේ කවුද? නාමල්ගෙන් හෙලිදරව්වක්…

ලංකාවේ ජාතිවාදය අවුස්සන්නේ කවුද? නාමල්ගෙන් හෙලිදරව්වක්…

July 14, 2020 0 Comments by Namal Rajapaksa in My Blog

Read More
“හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව : තෙවන කොටස  | හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල

“හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව : තෙවන කොටස | හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල

July 13, 2020 0 Comments by Namal Rajapaksa in Digital Policy 2020 My Blog

 

අද අප රටේ සිටින්නේ ගෝලීය දේශපාලනය සමඟ බද්ධ වූ තරුණ පිරිසකි. ඔවුන් බොහෝ දේශපාලකයින්ගේ දේශපාලන පිල් මාරු වීම් දෙස බලා සිට තිබේ. සමහර දේශපාලඥයින් කුමන ආණ්ඩුවක වුවත් තනතුරු තානාන්තර දරමින් කටයුතු කරනු ඔවුන්ගේ අවදානයට ලක්ව ඇත. ඒ නිසාම ඔවුන් මේ වන විට දේශපාලකයින්ගේ දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති දෙසට අවධානය යොමු කරමින් ඒවා ප්‍රශ්න කිරීමට පෙළඹී ඇත. එලෙසම මැතිවරණයක් ආසන්න වීමේදී උදලු තලයක්, මෝල් ගහක්, අලවංගුවක් ලබා දී ඡන්ද ලබා ගැනීමට සමහර දේශපාලකයන් උත්සාහ කරති. නමුත් මේ කරණා කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නව දේශපාලන සංස්කෘතියක් රටට ගෙනාවේය. අප එම නව දේශපාලන සංස්කෘතිය තව තවත් අලුත් කල යුතුව ඇත. නව දැක්මක් සහිතව ඉදිරියට ගමන් කල් යුතුය. ඒ අනුව අප මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට නැවුම් මුහුණුවරක් ගෙන එමින් ප්‍රතිසංවිධානය කල යුතුය. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි වෙනසක් සිදු කළ යුතුව ඇති බව මාගේ විශ්වාසය වේ.

අදට ද මෙරට නිදහස් අධ්‍යාපනයක් පවතිනවා යැයි කීවද ඒ නිදහස භක්ති විදින්නේ අතලොස්සකි. නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නද බොහෝ දුරටශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටියුෂන් පන්ති යාමට සිදු වී තිබේ. මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කළ යුතු අතර විෂයපතයන්ගේ වෙනසක් සිදු කල යුතුය. එය විශ්ව විද්‍යාල මට්ටමින් පවා සිදු කරමින් ලෝකයේ රැකියා වෙළඳ පොලට සරිලන විෂයයන් සඳහා පරිවර්තනය කළ යුතු වේ. මන්දයත් විශ්ව විද්‍යාලයෙන් එළියට පැමිණෙන උපාධිධාරීන්ට මෙරට රැකියා වෙළඳ පොළ තුල රැකියාවක් නොමැත්තේ නම් සහ ඉන් ඔබ්බට ගොස් ලෝක රැකියා වෙළඳ පොළ තුළත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වේ නම් ඔහු සමස්ථ අධ්‍යාපන පද්ධතියම පිලිබඳ කලකිරීමට පත්වනු ඇත. එම නිසා එළඹෙන වසර පහ තුළ අප විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් ඇති කළ යුතු වෙයි. එය ලෝක රැකියා වෙළඳ පොළ හා බද්ධ වූ අධ්‍යාපන ක්‍රමයක් විය යුතුය. මිට වසර පනහකට පෙර උපාධිය ජිවිතයට අභාරණයක් වුවද අද තරුණයෙක් උපාධියක් ලබා ගන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. ඒම නිසාතරුණ පරම්පරාව දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වන මෙම වෙනස්කම් අප විසින් සිදු කල යුතු වේ.

Read More
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දෙවන කොටස : හම්බන්තොට අධ්‍යාපනයේ හෙට දවස.

හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දෙවන කොටස : හම්බන්තොට අධ්‍යාපනයේ හෙට දවස.

July 11, 2020 0 Comments by Namal Rajapaksa in Digital Policy 2020 My Blog

පාසල් අධ්‍යාපනය අතින් හම්බන්තොට දිස්තික්කය ඉතාමත් ඉහළ තැනක පැවතියද පාසල් ක‍්‍රීඩා අතින් සිටින්නේ ඉතාමත් පහළ මට්ටමකය. පාසල් අධ්‍යාපනය සේම ක‍්‍රීඩාව, කලාව, සංස්කෘතිය සඳහාත් ප‍්‍රමුඛතාවය දිය යුතුය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් කිරීමට සාකච්ඡුා කෙරෙන අතර එම වෙනස හම්බන්තොට දිස්ත‍්‍රික්කයට ගෙනා යුතුවේ. එහිදී සුරියවැව තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමේදී විශ්වවිද්‍යාලය සේම තාක්ෂණ පීඨය නැවත වතාවක් බල ගැන්විය යුතුය. එසේම සාගර විශ්වවිද්‍යාලය මේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට ද පත්කළ යුතුය. අපගේ වෘත්තීය පුහුණු ආයතන වල පවතින පාඨමාලාවන් ද නැවත නව පාඨමාලාවන් සමග බල ගැන්විය යුතු වේ. දැනට ඒවායේ පවතින්නේ පැරණි පාඨමාලා වන අතර ඒවා ලෝක වෙළඳ පොළේ රැකියා ලබා ගැනීමට තරම් සුදුසුවන නුතනත්වය හා බැඳුනු ඒවා නොවේ. ඒවායින් බහුතරයක් 1998 වසර මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෘත්තීය පුහුණු ආයතන ආරම්භ කිරීමේදී පැවති ඒවාය. මේ හේතුවෙන් ජාතික ව්‍යාපාරයක් ලෙස මේ වෙනස කරා අප ගමන් කිරීමට අප කටයුතු කරනු ඇත.

Read More
“හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව – පළමු කොටස | හම්බන්තොට තාරුණ්‍යය වෙනුවෙන් අපේ අනාගත වැඩපිළිවෙල.

“හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව – පළමු කොටස | හම්බන්තොට තාරුණ්‍යය වෙනුවෙන් අපේ අනාගත වැඩපිළිවෙල.

July 10, 2020 0 Comments by Namal Rajapaksa in Digital Policy 2020 My Blog

 

හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල හෙවත්, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව අද සිට කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න:

පළමු කොටස:

මා විශ්වාස කරන පරිදි තරුණ පරම්පරාව තුළ ඇති ප්‍රධානතම ගැටළු කිහිපයකි.  අධ්‍යාපනය, විරැකියාව, තමාගේම කියා ඉඩමක් ලබා ගැනීම, තමාගේම වාහනයක හිමිකාරිත්වය ලබා ගැනීම සහ තවත් කෙනෙකුට අත නොපා කාගේවත් පසු පස නොයා අහිංසක ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කර ගැනීම එහිදී මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කරුණු පිළිබඳ අවබෝධයකින් තමයි සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍රකරගත් ආයෝජන කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ වගේම හම්බන්තොට අලුතින් ඉදිකරණ ලද රෝහල අවට අක්කර 400ක ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන ගම්මානයක් (Pharmaceutical Manufacturing Village) ඇති කිරීමට මේ වන විට මුලික සැලසුම් සම්පාදනය කර ඇත. කොරෝනා කාල සිමාවේ වුවද නව තාක්ෂනය ඔස්සේ ආයෝජකයින් හා සාකච්ඡා කර ශ්‍රි ලංකාව තුළ ආයෝජනයට ඔවුන්ගේ කැමැත්ත ලබා ගෙන තිබේ. ඒ අනුව අපේ රටේ පමණක් නොව ඒ ඒ රටවල ගුවන් තොටුපල විවෘත වූ වහාම මේ ආයෝජන කලාප සක්‍රිය ආයෝජන කලාප බවට පත් කිරීමට අපට හැකිවනු ඇත. එමගින් තරුණයින්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන රැකියාව නිර්මාණය කර දෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට සඳහා අප නව වැඩසටහන් මාලාවක් සකස් කර ඇත. එමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීම මුලික ඉලක්කයක්. එහිදී රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල හම්බන්තොට දිස්තික්කය තුළ ස්ථාපනය වන අතර එහි පළමු විශ්ව විද්‍යාලය ලෙස ජාතික තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය තුල ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර මහා මැතිවරණයෙන් අනතුරුව එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇත.

Read More
රුහු­ණු­පුර අන්තර්ජාතික සම්ම­න්ත්‍රණ ශාලාවේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් තියන්න පිය­වර ගන්නවා

රුහු­ණු­පුර අන්තර්ජාතික සම්ම­න්ත්‍රණ ශාලාවේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් තියන්න පිය­වර ගන්නවා

July 10, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

හම්බ­න්තොට මාගම් රුහු­ණු­පුර ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ මධ්‍ය­ස්ථා­න­යේදී වසරේ මාස 12ට ප්‍රද­ර්ශන 12ක් පැවැ­ත්වී­මට පිය­වර ගන්නා බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු හම්බ­න්තොට දිස්ත්‍රික් අපේ­ක්ෂක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තංගල්ල පොළොං­මා­රුව පෞද්ග­ලික උත්සව ශාලා­ව­කදී ලෙක්හ­වුස් හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය මාධ්‍යෙ­ව්දින් හා සිවිල් සංවි­ධාන නියෝ­ජි­ත­යන් අම­ත­මින් නාමල් රාජ­පක්ෂ මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් කතා කළ ඒ මහතා- මෙම ප්‍රද­ර්ශන වලින් හම්බ­න්තොට පාර­ම්ප­රික කළු දොදොල් කර්මා­න්ත­යට සහ රුහුණේ මීකිරි නිෂ්පා­ද­න­යට, දකුණේ ගතා­නු­ග­තික සිංහල අවු­රුදු චාරි­ත්‍ර­ව­ලට නව පණක් ලැබෙ­නවා. හම්බ­න්තොට කුරුලු උද්‍යා­න­යට නුදු­රින් ප්‍රෙද්ශයේ අමු­ද්‍රව්‍ය උප­යෝගී කර­ගෙන නිෂ්පා­දන ඇති කිරීමේ විශේෂ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරී­මට අක්කර 10ක ඉඩම් වෙන්කොට තිබෙ­නවා. මෙම කුරුලු උද්‍යා­නය දකුණු ආසි­යාවේ වැඩි­යෙන්ම කුරුලු පැට­වුන් ඇති කරන මධ්‍ය­ස්ථා­නය බවට පත්වෙලා. රන්මි­ණි­තැන්න ටෙලි සිනමා ගම්මා­නය හා මත්තල මහින්ද රාජ­පක්ෂ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වැඩි­දි­යුණු කිරී­මට ද කට­යුතු කර­නවා. මත්තල ගුවන් තොටු­පොළ මගින් දකුණේ විශාල දියු­ණු­වක් ඇති කිරී­මට හැකියි. දක්ෂිණ අධි­වේගි මාර්ගය නිසා ගම­නා­ග­ම­න­යට විශාල පහ­සු­වක් සැලසි තිබෙ­නවා. වන අලින් සඳහා හෙක්ට­යාර් 32000ක් වෙන් කරට බූන්දල හන්දියේ ගුවන් පාල­මක් තනා අලි­මං­කඩ ඇති කර අලි – මිනිස් ගැටු­මට ස්ථිර­සාර විස­ඳු­මක් ලබා දෙනවා යැයිද රාජ­පක්ෂ මහතා කීය.

රාජ්‍ය මාධ්‍ය ඉදිරි වසර 5හේදී වෙනස් වෙන්න ඕනේ. රාජ්‍ය මාධ්‍යය සැම­වි­ටම ජන­තාව සමඟ සිටිය යුතුයි. ජන ජිවි­තය සමඟ රාජ්‍ය මාධ්‍යය ඉදි­රි­යට යන්න ඕනේ. දින­මිණ තරුණු පුවත් පිටු­වක් ආරම්භ කළ යුතුයි. රාජ්‍ය සේවය ඵල­පු­රුද්ද ලබන තැනක් බවට පත්වී තිබේ. ලෙක්හ­වුස් ආය­ත­න­යෙන් ඵල­පු­රුද්ද ලබා­ගෙන වෙනත් පුව­ත්පත් ආය­ත­න­වල සේව­යට යන තත්ත් වයක් උද්ග­තව පව­ති­නවා. පාසල් සිසුන්ට ලියන්න ඉඩ සලසා දෙන්න ඕනේ. එවිට ගමේ ප්‍රවෘත්ති ලියයි. ලබන වසරේ සිට ප්‍රවෘත්ති කලාවේ වෙන­ස්කම් රැසක් ඇති කිරී­මට පිය­වර ගන්නවා. හම්බ­න්තොට මාධ්‍ය උප­ක­රණ අලෙවි කෙරෙන ජාත්‍ය­න්තර වෙළෙඳ මධ්‍ය­ස්ථා­න­යක් ඇති කිරී­මට ද පිය­වර ගන්නවා. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ දැනට තිබෙන තරු පන්තියේ හොටල් කාමර 1500ට අම­ත­රව තවත් අලු­තින් හොටල් කාමර ඉදි­වීමේ ඇති අව­ශ්‍ය­තාව ද

ලෙක්හ­වුස්, දින­මිණ ප්‍රාදේ­ශී­ය ප්‍රවෘත්ති කතෘ ආසිරි මල්ල­ව­ආ­රච්චි මහතා ද මෙම අව­ස්ථා­වට සහ­භාගී විය.

පී.ඩබ්ලිව් කොඩි­තු­වක්කු

මුල් පුවත සදහා පිවිසෙන්න : 

Read More
ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ආණ්ඩු බලය ඉල්ලන්නේ මේ රට ආග­මක් දහ­මක් නැති රටක් කර­න්නද?

ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ආණ්ඩු බලය ඉල්ලන්නේ මේ රට ආග­මක් දහ­මක් නැති රටක් කර­න්නද?

July 10, 2020 0 Comments by Namal Rajapaksa in My Blog My Blog Sinhala

ආග­මික නාය­ක­යන්ට අප­හාස කරන අය ළඟ තියා­ගෙන සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ලබා දෙන්නැයි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ මේ රට ආග­මක් දහ­මක් සංස්කෘ­ති­යක්,සභ්‍ය­ත්ව­යක් නැති රටක් බවට පත් කිරී­මට දැයි සජිත් පේම­දාස මහ­තා­ගෙන් විමසා සිටින බව හම්බ­න්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා (24) අම්බ­ල­න්තො­ටදී කීය.

සී අයි.ඩී එකට ගිහිල්ල සහ ඇවි­ල්ල­හරි කට­උ­ත්තර ගන්න පුළු­වන් දේශ­පා­ලන මැදි­හ­ත්වීමේ පරී­ක්ෂණ යට­ග­හන්න අපි සූදා­නම් නැහැ. රටේ ජන­තා­වගේ ඉල්ලී­මක් තිබුණා,පරී­ක්ෂණ සිදු කරන්න කියා. එය දැනට ක්‍රියා­ත්මක වෙනවා. කරුණා අම්මාන්ගේ ප්‍රකා­ශය ගැන පරී­ක්ෂණ කරන ගමන් කරුණා අම්මාන්ට තුවක්කු දීපු අය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු කරන්න කියා අපි සී.අයි.ඩී එකෙන් ඉල්ලා සිටි­නවා.

එදා රණ­වි­රු­වන් ඝාත­නය කරන්න තුවක්කු දීපු අය අද හැංගිලා ඉන්නවා. ඒ අය ගැනත් සමා­ජ­යට දැන­ගන්න කරුණු එළි­ක­රන්න ඕනෑ. කරුණා අම්මාන් කියන්නේ ඒකීය රටක් කියන සංක­ල්පය පිළි අර­ගෙන එල්ටී­ටී­යට විරු­ද්ධව ක්‍රියා කරන පුද්ග­ල­යෙක්. අපේ සිංහල රාජ්‍ය නාය­කයෝ සිටියා එල්ටී­ටී­යට තුවක්කු දීලා අපේ රණ­වි­රු­වන් ඝාත­නය කර­වපු අය.

හරීන් ප්‍රනාන්දු මහ­ත්ත­යාගේ ප්‍රකා­ශය අපි දැඩි ලෙස හෙළා දකි­නවා. අග­ර­ද­ගු­රු­තු­මාට චෝදනා කර­නවා. මංගල සම­ර­වීර මහ­ත්තයා අපේ මහ­සං­ඟ­ර­ත්න­යට අප­හාස කර­නවා.සජිත් නාය­කයා වෙන්න හදන්නේ සියලු ආග­මික නාය­ක­යන්ට අගෞ­රව කරන අය ළඟ තියා­ගෙ­නද කියා අපි අහ­නවා. මේ රට අන්‍යා­ග­මික රටක් බවට පත් කර­ග­න්නද හදන්නේ කියා අපි සජිත් ප්‍රේම­දාස මහ­ත්ත­යා­ගෙන් අහ­නවා. අග­ර­ද­ගු­රු­තු­මාට බැණ චෝදනා කර සජිත් ප්‍රසි­ද්ධියේ සමාව ගත්තට වැඩක් වෙන්නේ නැහැ. බුද්ධි අංශ දැන් ගහ­නවා කියලා කියද්දි මේක නැවැ­ත්තුවේ නැති ආණ්ඩුව එයට උදව් කරපු අය සිටිය ආණ්ඩුව දැන් අග­ර­ද­ගු­රු­තු­මා­ටත් අප­හාස කර­නවා.ලෝකය හමුවේ මේ අප­හා­සය ලංකා­වට මහත් අප­කී­ර්ති­ය­ක්යැ­යිද කීය.

27/06/2020

ලුණම සමූහ- සනත් ගමගේ

මුල් පුවත සදහා පිවිසෙන්න : http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=3151e5df&imageview=0

Read More
හැම හදවතකම නාමලක් පිපේ…

හැම හදවතකම නාමලක් පිපේ…

July 1, 2020 0 Comments by Namal Rajapaksa in My Blog News

නාමල් රාජපක්ෂ – හම්බන්තොටින් අංක 8 න්

හැම හදවතකම නාමලක් පිපේ…

http://namalrajapaksa.com/wp-content/uploads/2020/07/nr-30secad.mp3
Read More
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

Namal Rajapaksa,
Carlton house, Tangalle, Sri Lanka.

Phone: (+94) 472240332
E-mail: namal@nr.lk

Privacy Policy

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.

Quick Links
  • Become a volunteer
  • Meet Namal
  • Namal's Perspectives
  • Get Involved
  • My Events
  • Photo Gallery
  • Video Gallery
Connect With Namal