දස වසක මතකාවර්ජණ..
කුඩා කළ මට දහම් අධ්‍යාපනය ලබා දුන් සේම අදටත් මාගේ දේශපාලන දිවියට, පෞද්ගලික ජීවිතයට දහමින් ඔවදන් දෙමින් නිති ආශීර්වාද කරන හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි අති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් මාගේ “දස වසක” පාර්ලිමේන්තු දිවිය වෙනුවෙන් එක් කරන පණිවුඩයට මාගේ භක්ත්‍යාදර ස්තුතිය පුද කරමි
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | විසි එක්වෙනි කොටස | ජනතාව වෙනුවෙන් ඉදිරියටත්
යම් කෙනෙකුට මා රැඩිකල් තරුණයෙකු සේ පෙනේ නම් ඒ මගේ ස්වභාවය මිසක් රැඩිකල් භාවයක් නොවේ. පසුගිය අවුරුදු පහ තුළ විශ්ව විද්‍යාල සිසුන්ට පොලිසිය කළ පහර දීම්වලට මා එරෙහි වුනෙමි. එලෙසම හම්බන්තොට වරාය උද්ඝෝෂණයේදී පොලිසිය අපට පහර දීමේදී මා ඊට විරුද්ධ වුනෙමි. අප බලයට පැමිණීමෙන් අනතුරුවත් පොලිසිය එලෙස හැසිරෙන්නේ නම් මට ඊට විරුද්ධ නොවී සිටීමට මට හැකියාවක් නැත. පසුගිය ආණ්ඩුවේ දී පහර දීම වැරද්දක් ලෙසත් අපේ ආණ්ඩුවකදී කරන පහර දීම හොඳක් ලෙසක් මා දකින්නේ නැත. පසුගිය ආණ්ඩු සමයේ ක්‍රිකට් ක්‍රීඩකයන් FCID ගෙනිච්චේය. මේ ආණ්ඩුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩකයන් එලෙස ගෙනයන්නේ නම් ඊට විරුද්ධ වීම මාගේ මතය සෘජුව ප්‍රකාශ කිරීමක්. එය ආණ්ඩු මාරු වන විට මාගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් වීමක් නොවේ. හම්බන්තොට වරාය පෞද්ගලීකරණයට විරුද්ධ වුනා වගේම තමයි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකරණයට එරෙහිවත් මා නැගී සිටිමි. මන්ද ඒ මාගේ ප්‍රතිපත්තියයි. එය රැඩිකල් වීමක් නොව නාමල් රාජපක්ෂ එදා සේම අදත් තමාගේ ප්‍රතිපත්ති රකිමින් කටයුතු කිරීමය. ඊට මා සිටින්නේ ආණ්ඩු පක්ෂයෙද විපක්ෂයේද යන්න අදාළ නොවේ.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | විසිවැනි කොටස | කලාව හා ක්‍රීඩාව වෙනුවෙන් …
දක්ෂ කලාකරුවන් රාශියක් මේ රටේ සිටි. අප කලයුත්තේ ඔවුන් ලෝකයට, ලෝක වෙළඳ පොලට හඳුන්වා දීමය.ඔවුන්ට දක්ෂතාවය තිබුණද අහිමි වි තිබෙන්නේ අවස්ථාවන්ය. නමුත් අද වන විට ඔවුන් ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, හා ට්විටෙර් ඔස්සේ යම් තරමක් ලෝකය සමග මුසුවී ඇත. නමුත් අපි රජයක් ලෙස මේ කලා කරුවන් ලෝකයට හඳුන්වා දීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතු වෙයි. එහිදී ලෝකයේ ප්‍රධාන සමාගම් සමග එක්ව චිත්‍රපට, ටෙලි නාට්‍ය, ගීත නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා රජය මැදිහත්ව ඔවුන් වෙනුවෙන් එය ඉටුකර දීමට කටයුතු සිදුකළ යුතුවේ. එලෙසම අද අප රටේ කලාව සහ ක්‍රීඩා ක්ෂේත්‍රය ගත් කළ වෘත්තිමය භාවයයෙන් පිරිහීමට ලක්ව තිබේ. එම නිසා කලා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් ජාත්‍යන්තර වෙළඳ පොලට හඳුන්වා දීමට හැකි මට්ටමට ඔවුන්ගේ වෘත්තිමයභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නෙමු. රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය අප එදා නිර්මාණය කරනු ලැබුවේ මේ බලාපොරොත්තු ඇතුවය. එවකට ඉන්දියාවේ චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්තාව ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. එසේම රන්මිණි තැන්න හරහා මෙරට පසුතල විදේශීය කලා කරුවන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට එහිදී අවස්තාව හිමිය. පසුගිය වකවානුවේ මේ සියල්ල නතර වුවද නැවත රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සක්‍රිය කර විදෙස් චිත්‍රපට හෝ චිත්‍රපට කොටස් මෙහි නිෂ්පාදනය කිරීම මගින් මෙරට කලා කරුවන්ට සුවිශේෂී අවස්ථාවන් උදාකර දීමටත් රටට විදේශ විනිමය උත්පාදනය කිරීමටත් අවස්තාව සැලසෙනු ඇත. එම නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද අප බලාපොරොත්තු වන්නෙමු.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහ නවවැනි කොටස | කාන්තා ව්‍යවාසයක්තවය ..
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහ නවවැනි කොටස | කාන්තා ව්‍යවාසයක්තවය ..
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහ අටවැනි කොටස : අවදානයෙන් අධ්‍යනය කලයුතු “ගිවිසුම්”..
රටක් ජාතිය ලෙස අප බොහෝ අභියෝග වලට මුහුණ දුන් ජාතියකි. අතීත රජ දවස පටන් අප ආක්‍රමණ වලට මුහුණ දුන්නෙමු. ඒ බොහෝ ආක්‍රමණ අප ජයගත්තෙමු. එසේම අප තවත් බොහෝ ආක්‍රමණයන් ඉදිරියේ පරාජය ද ලැබුවෙමු. එම පරාජයන් අපට අත් වුයේ යුධමය වශයෙන් හෝ සටන් කිරීමකින් පරාජය වීමක් නිසා නොව ගිවිසුම් ගත වීම් තුළිනි. ත්‍රස්තවාදය අප යුධමය වශයෙන් පරාජය කළද පසුගිය වසර පහ තුළ අප ගිවිසුම් මගින් ඔවුන්ට පරාජය විය. හම්බන්තොට වරාය, එම්සී.සී ගිවිසුම වැනි ගිවිසුම් ඊට තවත් උදාහරණයන්ය. රටක් ජාතියක් ලෙස අප සටන්කාමී ජාතියකි. ලෝකයේ ඕනෑම රටක් සමග සටනට සුදානම් ශක්තියක්, හැකියාවක් අපට තිබුණද පාලකයන් විසින් එළඹෙනු ලබන ගිවිසුම් මගින් අප පරාජය වී ඇත්තෙමු.
එය ඉතිහාසයේ සිටම සිදුවූ පවා දීම ස්වභාවයකි. මේ හේතුවෙන් ඉදිරියේදී විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙම ගිවිසුම් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සිංහල ජාතිය ලෙස අප රටේ අභිමානය ආරක්ෂා කර ගැනීමට දෙමල, මුස්ලිම් සියලු කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් කටයුතු කල යුතුව තිබේ. ආක්‍රමණ පැමිණීම සිදු වනු ඇත එහෙත් ඒවා පරාජය කිරීමට හැකිය. නමුත් අප බෙදී ගිය හොත් ගිවිසුම් මගින් ඔවුන් ජයග්‍රහණය කරනු ඇත. එමනිසා තරුණ පරම්පරාවට සවිඥානිකව කටයුතු කිරීමට මග පෙන්වීම මගේ වගකීමත් යුතුකමත් සේ සලකමි.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහ හත්වැනි කොටස | හම්බන්තොට සෞඛ්‍ය සේවාවේ දියුණුව ..
හම්බන්තොට ප්‍රධාන රෝහල ලංකාවේ හොඳම රෝහලක් බවට පරිවර්තනය වෙමින් පවතී. නමුත් අප ග්‍රාමීය රෝහල් සංවර්ධනය නොකළහොත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු නොවුන හොත් නාගරික රෝහල් පිරි ඉතිරි යාම වළක්වා ගැනීම නොහැකි වේ. එවිට නාගරික රෝහල් වලට රෝගීන්ගේ පැමිණීම දරාගැනීමට ඇති හැකියාව හින වී යන අතර සේවා ඵලදායිතාව ද පහළ වැටෙනු ඇත. එම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ඇති ග්‍රාමීය රෝහල් සංවර්ධනය කළ යුතුය. එහිදී යටිතල පහසුකම්, භෞතික සම්පත් සහ මානව සම්පත දියුණු කල යුතුය. මානව සම්පත් අද වන විට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. හම්බන්තොට මහ රෝහලට පවා අද වෛද්‍යවරු 80ක හිඟයක් පවතී. එසේම හෙඳ හිඟයක් පවතී.එය තංගල්ල, බෙලිඅත්ත, කිරින්ද රෝහල්වලටද බලපා ඇත. එහිදී මෙම රෝහල් වලට අවශ්‍ය මානව සම්පත ලබා ගැනීම ජාතික වැඩපිළිවෙලක් ලෙස අප විසින් ක්‍රියාත්මක කළ යුතු වේ.
එසේම කටුවන, ගොමඩිය, වරාපිටිය රෝහල් වල පහසුකම් වර්ධනය කිරීම, වලස්මුල්ල රෝහල ප්‍රධාන රෝහලක් බවට පත් කිරීම සහ වීරකැටිය, තිස්ස, දෙබරවැව, මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කරගත් රෝහල, සූරියවැව IT සහ තාක්ෂණ ගම්මානය කේන්ද්‍රකරගත් රෝහල සහ තංගල්ල රෝහල ප්‍රධාන රෝහල් වශයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහසයවැනි කොටස | ආහාර සුරක්ශිතතාවය…
අහාර සුරක්ෂිතතාවය පිලිබඳ කතා කිරීමේදී විශේෂයෙන්ම කොරෝනා කාලයේ අප ආරම්භ කරන ලද Home Garden Challenge ව්‍යාපෘතිය මතක් කළ යුතු වේ. එය ආරම්භ කිරීමට ප්‍රධානම හේතුව වුයේ මේ අහාර සුරක්ෂිතතාව යන කාරණයයි. දුපත් රාජ්‍යක් ලෙස අපට අහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් විශාල අභියෝගයක් ඇත. එලෙසම සංචාරක කරමාන්තය පුළුල් කිරීමේදී සංචාරකයින්ට අවශ්‍ය අහාර සැපයීමද අප සිදු කල යුතුය. පාරම්පරික ගොවිතැනින් සහ ධිවර කර්මාන්තයෙන් ජිවත්වන රටක් ලෙස අප ගොවියා සහ ධීවරයා ආරක්ෂා කරගත යුතු වේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා ආම්පන්න සැපයිය යුතුවේ.
විශේෂයෙන්ම ගොවියා ගත් කළ ඔහුට අවශ්‍ය ජල පහසුකම්, භුමිය සහ වෙළඳ පොළත්, කල් තබා ගැනීමේ ක්‍රම වේද සහ නව වටිනාකම් එකතු කරමින් නිෂ්පාදන ලෝක වෙළඳ පොළට ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නොව ජාතික වැඩපිළිවෙලක් ලෙස මුළු රටේම ක්‍රියාත්මක කලයුතුය. එහිදී අඩු භුමි ප්‍රමාණයකින් වැඩි අස්සවන්නක් ලබා ගැනීමේ හැකියාව, එම අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රම වේද, එම අස්වැන්න අවාරයේ දී ලබා ගන්නේ කෙසේද යන්නත් අලෙවිය සිදු කරන්නේ කෙසේද සහ මිල පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එහිදී විශේෂයෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා සෘජුව ගනු දෙනු නොකිරීම නිසා වැඩිම ලාභ උපයන්නා බවට පත්වනේ අතර මැදියෙකි. ඔහු ද ලාභ ලැබිය යුතු වුවත් ඉන් කොටසක් ගොවියාට සහ පාරිභෝගිකයාටද හිමි කර දෙන ක්‍රම වේදයක් සකස් කළ යුතුව තිබේ. මේ කරුණු කරණා එකට එක්කාසු කර ගනිමින් අපට එහිදී අහාර සුරක්ෂිතතාව සඳහා කටයුතු කළ හැකි වනු ඇත.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහහතරවැනි කොටස | හම්බන්තොට කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට දිරි දීම.
කෘෂිකර්මාන්තය සඳහා දායකත්වය ලබා දෙන සුවිශේෂී දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රමුඛස්ථානයක් ගෙන සිටී.2010-15 කාලයේ මෙරටට අවශ්‍ය මුං ඇට අතුරු කන්න බෝගයක් ලෙස වගා කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේන් ලබා ගැනීමට හැකියාව ලැබිණි. එලෙසම වී ගොවිතැන සහ හේන් ගොවිතැන දිස්ත්‍රික්කය පුරාම මහා පරිමාණයෙන් සිදු කරනු ලබයි. නමුත් හේන් ගොවි තැන සඳහා නීතිමය සහ දේශපාලනික ගැටළු බොහෝ සෙයින් බලපා ඇති බැවින් ඒවා විසඳා අවශ්‍ය පිළියම් සපයා දිය යුතු වේ. එසේම ගොවිමහතුන් රසායනික පොහොර වලින් කාබනික පොහොර භාවිතයට හුරු කල යුතු වෙයි. අනෙක් ප්‍රධාන කාරණය නම් අස්වැන්න වැඩි වන කාලයේදී අතිරික්ත අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රම වේද හඳුන්වා දීමට කටයුතු සම්පාදනය කෙරෙමින් ඇත. අනුව නිෂ්පාදන විවිධාන්ගිකරණය සහ ඵලදායිතාව ඉහළ නංවමින් අතිරික්ත අස්වැන්න කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දෙනු ලබයි. ඒ සඳහා අවශ්‍ය කර්මාන්තශාලා ඇති කිරීම සඳහා ආයෝජකයින් සමඟ මේ වන විට සාකච්ඡා කර තිබේ. එමගින් ගොවීන්ගේ අදායම ඉහළ නංවනු ලබන අතර අස්වැන්න අපතේ යාම වැළකේ. එලෙසම ජල ප්‍රශ්නයට වාරි යෝජනා ක්‍රම මගින් විසඳුම් ලබා දීමටත් බලාපොරොත්තු වේ.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දහතුන්වෙනි කොටස | හම්බන්තොට වන අලි හා පානීය ජල ප්‍රශ්නයට විසදුම්…
වන අලි ගැටළුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම මුළු රටේම විශාල ගැටළුවක් බවට පත්වී ඇත. මේ හේතුවෙන් හේන් ගොවිතැන පමණක් නොව වෙනත් ගොවිතැන් වලටද සිදුවන හානිය ඇති මහත්ය.එලෙසම මිනිස් ජීවිතවලට සිදුවන හානිය සහ දේපළ හානිය ගිනිය නොහැකිය. මා විශ්වාස කරන පරිදි අලි වැට යන විසඳුමෙන් ඔබ්බට අප ගමන් කළ යුතුව ඇත. ඒ නිසාම අක්කර තිස් දෙදහසක වන අලි කලාපයක් නම් කර එම කලාපය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි අලි වැට නිර්මාණය කිරීමට 2014 වසරේ අප යෝජනා කළෙමු. පසුගිය කාලය පුරා අලිමංකඩ හරස් කරමින් ගෙවල් සහ ගම්මාන ඉදිකර කර ඇති අතර මේ විසඳුම මගින් අදාළ ප්‍රදේශ වලින් තර්ජිත ගම්මාන ඉවත් වෙන බැවින් අලි මංකඩ හරස් වීමක් සිදු නොවනු ඇත. ඒ අනුව බුන්දල සිට උඩවලව දක්වා අලිමංකඩ නිදහස් කර ගත යුතුව ඇත. මේ වැඩ පිළිවෙල වන අලි ගැටළුවට තිරසාර විසඳුමක් වන බව මාගේ විශ්වාසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ගැටළුවක් වන්නේ පානිය ජල ප්‍රශ්නයයි. සියයට 70කට පානිය ජලය ඇති බව පැවසුවද බීමට සුදුසු පානිය ජලය සියයට 20කට වත් නොමැති බව පෙනී යයි. එනුව එළඹෙන වසර පහ තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වල පානිය ජල ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යතුමන් මැදිහත්වන බවට ප්‍රකාශ කර ඇත. එතුමන් ජනාධිපති ධූරයට පත්වන සමයේ මෙරට නිවාස වලින් විදුලිය තිබුණේ සියයට විස්සකට ආසන්න ප්‍රමාණයකටය. නමුත් ඔහු ජනාධිපතිවරයාව සිට රට පසුගිය ආණ්ඩුවට භාර දෙන වි ”රන් එළි වැට”, ”ලයිටින් හම්බන්තොට” වැනි විදුලි යෝජනා ක්‍රම හරහා මෙරට සියයට 98කට විදුලිය ලබා දී තිබුණේය. ඒ අනුව එතුමන්ගේ මීළඟ බලාපොරොත්තුව ඉදිරි වසර 5 තුළ මෙරට පිරිසිදු පානිය ජල ගැටළුව සම්පුර්ණයෙන් විසඳීමට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමයි.