ජාතික සම්පත් විකිණීමට එරෙහිව නාමල් ගෙනගිය සටන මතකද ඔබට?
අසන්න..
ජාතික සම්පත් විකිණිමට එරෙහිව එදා නාමල් නැගූ හඩ නොවන්නට අපේ රටට අහිමවන ජාතික සම්පත් ප්‍රමාණය අතිවිශාල බව බොහෝ දෙනාගේ අදහසයි. නාමල් එදා හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ පාඩු ලබන ආයතන ලෙසින් හිතා මතාම නම්කොට එක්සත් ජාතික පක්ෂ රජය ඒවා තම ලාබ ප්‍රයෝජන වෙනුවෙන් විකිණිමට එරෙහිව මෙන්ම, තම දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාවගේ රැකියා අයිතීන් වෙනුවෙන් ඔහු නැගූ හඩ පිළිබදව කෙරෙන මතක ආවර්ජනයකි මේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ’ පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ’ පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය. එතුමන්ගේ පසුගිය දස වසරක දේශපාලන ගමන් මග පිළිබදව මෙන්ම ඉදිරි දේශපාලන දැක්ම පිළිබදවද බොහෝ තොරතුරු මෙහි අන්තර්ගත වේ.
අපේ නාමල් අතිරේකය කියවීම සදහා මෙහි පිවිසෙන්න
එක්සත් ජාතික පක්ෂය සෑම විටම ඡන්දයට බයයි.
• ඔබ දැන් බොහොම පරිණත බවක් පෙනෙනවා. රහස මොකක්ද කියලා මුලින්ම කියමු ද?
ඕනෑම කෙනකු වයසින් මුහුකුරා යන විට පරිණතභාවයට පත්වෙනවා. දැන් මගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 10ක් වෙනවා. පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 23 දී. මේ පාර්ලිමේන්තුවෙත් පසුගිය පාර්ලිමේන්තුවෙත් තුන්වැනියට බාල කෙනා මම. පරිණතභාවය සහ පළපුරුද්ද ඇතිවෙන්නේ අත්දැකීම් සමඟයි. ඒක සාමන්‍ය දෙයක්.
•දේශපාලන ජීවිතයේදිත් ඔබ පරිණතද?
මහින්ද රාජපක්ෂ අගමැති තුමා අද තීන්දු තීරණ ගන්නේ දේශපාලන ජීවිතයේ අවුරුදු 50ක පළපුරුද්ද සමඟින්. ඒ වගේම තවත් ජ්‍යේෂ්ඨයන් බොහොමයක් සිටිනවා. ඒ වගේ අපත් හැමදාම දේශපාලනය ඉගෙන ගන්නවා. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නූතනත්වය පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ වගේම නූතන තාක්ෂණය පිළිබඳ එතුමා ඉගෙන ගන්නවා. දේශපාලනයට එම අත්දැකීම් ගේන්නේ කොහොමද කියලා එතුමා අධ්‍යයනය කරනවා. දේශපාලනය තුළ අපි හැමදාම , සමාජ අවශ්‍යතා, රටේ අවශ්‍යතා ලෝකය යන මාවත සහ දිශාව පිළිබඳ අවබෝධයකින් සිටිය යුතුයි. පරිණතභාවය සහ දේශපාලන අත්දැකීම් කියන දේ කාලෙන් කාලෙට අපේ ජීවිතවලට ගත යුතුයි. එය විවෘත මනසකින් ගත යුතුයි. මම පරිණතයි, මම දැන් ඔක්කොම දන්නවා කියන න්‍යාය සාර්ථක වෙන්නේ නැහැ.
•ඔබ වටේ ඉන්නේ තරුණ පිරිසක්. ඔබට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි බවයි පෙනෙන්නේ. ඔවුන් කැමතියි ඔබ සමඟ කතා කරන්න ඡායාරූප ගන්න. තරුණ ආකර්ෂණය දිනාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. තරුණයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා නම් ඒ වගේම තරුණයන්ගේ ගැටලු දෙස විවෘත මනසකින් බලන්න පුළුවන් නම් තරුණ පිරිස අප සමඟ සංවාදයක නියැෙළනවා. දේශපාලනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේත් තරුණ ආකර්ෂණය වැඩි බවක් පෙනෙන්න තිබෙනවා. අදටත් මේ රටේ ජනතාවගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එහෙමයි. අපි හැමෝගෙම ජීවිතවල ලබා ගත් ජයග්‍රහණ සහ අත්දැකීම් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වීම නිසාත් එම ආකර්ෂණය තිබෙන්නට පුළුවනි.
•නිල් බළකායක් හැදුවා නේද? ඒකට මොකද වුණේ?
නිල් බළකාය කියලා අප හැදුවේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයයි. අපි පක්ෂයෙන් එළියට ඒමත් සමඟ, පක්ෂ නායකත්වය ගත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිල් බළකාය කියන නම වෙනස් කරන්න තීන්දු කළා. ඒ නම දාන වෙලාවේ ඒක යෝජනා කරන කොට ඒක සම්මත කළෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා. එතකොට එතුමා එම පක්ෂයේ ලේකම්. ඉන්පසු එම පක්ෂයේ සභාපතිවරයා විදියට ඒ නම වෙනස් කළා. ඒක එතුමාගෙ තීන්දුවක්. පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු කරද්දි මම මගේ යුතුකම ඉෂ්ට කළා.
• ඒ කාලයේ නිල් බළකායෙන් තරුණ තරුණියන්ට කළ සේවය ගැන කියන්න පුළුවන් ද?
නිල් බළකාය කියන්නේ දේශපාලන බලවේගයක්. එම දේශපාලන බලවේගයෙන් තමයි අපි එදා ජනාධිපති මැතිවරණය මෙහෙයවුවේ. ඒ මඟින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයකට අවශ්‍ය පදනම හැදුවා. ඒක අතිසාර්ථක වුණා. විපක්ෂය එදා වැඩිපුරම මඩ ගැහුවේ නිල් බළකායට. ඒ ඔවුන්ට ඒක දැනුණ නිසා. ජනතා විමුක්ති පෙරමුණට තිබුණ වාමාංශික තරුණ කඳවුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇදෙනවා කියලා ඔවුන් එදා බය වුණා. අද එම වාමාංශික දේශපාලන කඳවුර සම්පූර්ණයෙන්ම පොදුජන පෙරමුණ සමඟ ඉන්නවා. අද පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය කියන්නේ එම දේශපාලන මත දරන තරුණ පිරිස.
•සෑම දෙනකුගේම ජීවිතවල ජයග්‍රහණ තිබෙනවා. ඔබ ජීවිතයේ ලබපු ජයග්රණන මොනවාද?
ජීවිතය ජයගත් අවස්ථා කිහිපයක් තිබෙනවා. එකක් තමයි විපක්ෂයේ හිටපු වසර පහ. ඒ කාලය තමයි මගේ ජීවිතයේ වැඩියෙන්ම අත්දැකීම් ලබපු කාලය. ඒ වසර පහ තුළ මගේ අම්මා තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් මට දුන්නා. ඒ මාව සිරගත කිරීමෙන්. මම පෞද්ගලිකවම එතුමන්ලාට ස්තූතිවන්ත වෙනවා. ඒ ලබපු අත්දැකීම් මට කිසිදු අවස්ථාවක ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ කාලය දුෂ්කර වුණත් ඒක මම ජීවිතයේ ලබපු හොඳ අත්දැකීමක්. ඒ වගේම ඕනෑම කෙනකුගේ ජීවිතයක විවාහය කියන්නේ තවත එක් ජයග්‍රහණයක් වගේම හොඳ අත්දැකීමක්. මටත් ඒ ජයග්‍රහණය අත්දකින්න පුළුවන්කම ලැබුණා.
•ඔබතුමා පළමුවෙන්ම අත්අඩංගුවට ගත්තේ සහ සිරගත කරනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ. එම නඩුව සම්බන්ධව කුමක්ද කියන්නේ?
අධිකරණයේ ඒ නඩුව තාම අහනවා. මාව කොහොමද හිරේ දැම්මෙ කියලා රන්ජන් රාමනායක මහතාගේ හඬ පටයේ පැහැදිලිවම තිබෙනවා. මම ඇතුළු කණ්ඩායම හිරේ දැම්මෙ කොහොමද කියන එක FCID එකේ හිටපු ප්‍රධානියා රවී මහතාගේ මාධ්‍ය ප්‍රකාශනයේත් පැහැදිලිව තිබෙනවා. එම දේශපාලන පළිගැනීම්වලට මුදල් විශුද්ධිකරණ පණත භාවිතා කළා කියලා පැහැදිලිව පෙනෙනවා. දේශපාලන පළිගැනීම් මත නිර්මාණය වුණු චෝදනාවන්ට තමයි එදා අප සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේ.
• හම්බන්තොට පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමේ චෝදනාවකටත් ඔබ අත්අඩංගුවට ගත්තා ?
එවැනි සිදුවීම් එකක් දෙකක් නෙමෙයි කිහිපයක්ම සිදුවුණා. හම්බන්තොට පමණක් නොවෙයි කොළඹත් එවැනි දේ සිදුවුණා. විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමකදී. අපි රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න ගියාම පොලිසිය දාලා අපට ගහලා ඉන්පසු අපි රාජ්‍ය දේපළ විනාශ කරන්න ආවා කියලා අත්අඩංගුවට ගත්තා. අන්තිමට රාජ්‍ය දේපළ විකුණපු අය එළියෙ ඉන්නවා, බේරගන්න ගිය අය ඇතුළෙ ඉන්නවා.
•මේ සියලු සිදුවීම් දේශපාලන පළිගැනීම් කියල ද ඔබතුමා කියන්නේ?
සියයට දාහක්ම දේශපාලන පළිගැනීම් කියලා මම කියනවා. මම කිව්වේ මට අත්විඳින්න සිදුවුණු දේශපාලන පළිගැනීම්. මෙවැනි දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. රාජ්‍ය සේවකයන්, දේශපාලනඥයන් වගේම පොලිස් නිලධාරීන් පවා ඉන්නවා. ඇතැම් පොලිස් නිලධාරීන්ට අප අත්අඩංගුවට ගන්න කිව්වාම නීතියේ රාමුව තුළ සිට ඒ අය ගත් තීන්දු තීරණ තිබෙනවා. එදා ආණ්ඩුවේ සිටි සියලු දෙනාම මේවාට වගකිව යුතුයි.
•මේ මැතිවරණය ගැන ඔබ මොනවද සිතන්නේ, මේ කාලය තුළ මැතිවරණයක් පැවැත්වීමට විපක්ෂය අකමැති වුණා?
එක්සත් ජාතික පක්ෂය අද විතරක් නෙවෙයි මැතිවරණ පැවැත්වීමට විරුද්ධ වුණේ. 1993න් පසුව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය ලැබුවා. ජයග්‍රහණ ලැබුවේ යම් යම් අවස්ථාවල පමණයි. නමුත් ඊට පෙරත් වසර 17ක් මැතිවරණ නැතිව මේ රට පාලනය කරන්න උත්සාහ කළා. මේ පාරත් මැතිවරණ නැතිව ආණ්ඩුව දුවන්න උත්සාහ කළා. අවසානයේ දැන් මැතිවරණ කල් දාන්න උත්සාහ කරනවා. මැතිවරණ කල් දැමීමේ සහ මැතිවරණ නොතියා සිටීමේ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා. ප්රජාතන්ත්රවාදය පිළිබඳව ලෝකය වටේම කතා කරන එක්සත් ජාතික පක්ෂය ප්රජාතන්ත්රවාදයේ මූලබීජය වන ඡන්ද අයිතිය ලංකාවේ මිනිසුන්ට නැති කරන්න හදනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත්භාවයයි.
•එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම ඔබතුමන්ලාට වාසිදායක ද?
ඒ අය එකට සිටියත් දෙකඩ වී සිටියත් අපට කලබල වන්න හේතුවක් නැහැ. අපි එදා සිටම මැතිවරණ කළේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ. අපි කිසිදිනක අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම කේන්ද්‍ර කරගෙන මැතිවරණ මෙහෙයවා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙවතාවක්ම හම්බන්තොටින් සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද ප්‍රමාණයක් ගැනීමට මට හැකිවුණේ මම ප්‍රතිපත්ති පදනම් කරගෙන වැඩ කරපු නිසයි. මම හම්බන්තොට මැතිවරණ වේදිකාවෙදි සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය කරල නැහැ. ඉදිරියේ දී එහෙම කරන්නෙත් නැහැ. මට ප්‍රතිපත්තියක් තිබෙනවා. මම විශ්වාස කරනවා මගේ ජනතාවට ඒ ප්‍රතිපත්ති ගැන දැනගැනීමට අවශ්‍යයි කියලා. ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම හැමෝම හිතුවා හම්බන්තොටින් විශාල අභියෝගයක් දෙයි කියලා. නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාත් විශ්වාස කළා. එහෙම කළේ අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන ගිය නිසයි. අපි මඩවලින් දේශපාලනය කළේ නැහැ. ඒ අය ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කළා. අපි ඒවා ගැන කියන්න ගියේ නැහැ අපි කතා කළේ ප්‍රතිපත්ති ගැන. මම හිතන්නේ මේ දේශපාලනයේ දී කවුරු බෙදිල ද වෙන්වෙලා ද කියන කාරණය නොවෙයි වැදගත් බුද්ධිමත් ජනතාවක් සිටින රටක ප්‍රතිපත්ති පදනම් කරගෙන අප දේශපාලනය කළ යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය බෙදුණද, එකතු වුණාද කියන කාරණය පිළබඳ අපි අවධානය යොමු කරන්නේ නැහැ. එයාලගෙ අභ්‍යන්තර ගැටලුව ගැන අපි සොයන්නේ නැහැ.
• ඔබ මැතිවරණයට ඉදිරිපත්වන්නේ හම්බන්තොටින්. සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අතහැර කොළඹින් ඉදිරිපත් වී සිටිනවා. එය ඔබට බලපාන්නේ කොහොම ද?
මම ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා. එතුමා එම තීන්දුව ගත්තේ වැරදි වෙලාවක. එතුමාට කොළඹින් ඉදිරිපත් වෙන්න ඕනෑ කියන තීන්දුව ගන්න තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. එතුමාගෙ වැරදි දිස්ත්‍රික්කයකින් ආවේ. එතුමාගේ ප්‍රතිපත්ති අපේ දිස්ත්‍රික්කයට ගැළපෙන්නේ නැහැ. අපේ ජනතාව එතුමාගෙ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළා. මම අදටත් දුක් වෙනවා සජිත් මහතා හම්බන්තොටින් ගියපු එක ගැන. එයා හම්බන්තොටම සිටියා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුණා කියල මම හිතනවා.
• සුළු පක්ෂවල සහයෝගය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවන්න හැකියි කියා ඔබ සිතනවද?
පැහැදිලි බහුතරයක් පාර්ලිමේන්තුවේ දී ගන්නවා කියලා අපි දන්නවා. අපි කොහොමත් රිෂාඩ් බදියුදීන්ලා සමඟ ආණ්ඩු හදන්නේ නැති බව පැහැදිලිව කියා තිබෙනවා. අපි සන්ධානය විදියට බහුතර ආසන සංඛ්‍යාවක් ගන්නවා.
• ඔබතුමන්ලා ඒ ගැන පැහැදිලි විශ්වාසයකින් ඉන්නවා?
ඔව්. අපි පැහිදිලි විශ්වාසයකින් ඉන්නවා. අපට කලබල වෙන්න දෙයක් නැහැ. ජනතාව කෙරේ අපට පැහැදිලි විශ්වාසයක් තිබෙනවා. අපි වැඩ කළා. ලංකාව වටේ ගම්වල ඇවිදින විට අපට දැනෙන කාරණය තමයි අපට වෙන පක්ෂවල සහාය අවශ්‍ය නැහැ කියන එක. අපේ පක්ෂය සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය වෙන පරිදි අපේක්ෂකයො දාලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ අපේක්ෂකයො තේරී පත් වෙලා පාර්ලිමේන්තුවට එයි කියලා.
• එම අපේක්ෂයන් බුද්ධිමත් සහ දූෂණ වංචාවලින් තොර පිරිසක් කියා ඔබතුමාට විශ්වාස ද?
අපි හොඳ දක්ෂ කණ්ඩායමක් දාලා තිබෙනවා. ඒ කණ්ඩායම තුළ හැම ජන කොට්ඨාසයක්ම නියෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාවලදී බොරු චෝදනා නඟන පිරිස හැරුණු කොට අපි අධිකරණයක දී වැරදිකරුවන් වුණු කිසිවකුට අපේක්ෂකත්වය දීලා නැහැ.
•මෙවර මැතිවරණ නීති සැකසී තිබෙන්නේ සෞඛ්‍ය නිර්දේශයන් මත. පෝස්ටර්, කටවුට් නැහැ, රැස්වීම්වලත් පිරිස සීමා කොට තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
මම පෞද්ගලිකව මේ ක්‍රමයට කැමතියි. මේක අපට ගමට යන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ගම ඇතුළට යන්න නම් 100ක් ගෙන්වන්න ඕනෑ නැහැ. අපේක්ෂකයන්ට පුළුවන් විය යුතුයි ගම ඇතුළට යන්න. ඡන්ද දායකයන්ගෙ පැත්තෙන් හොඳ දෙයක්. තමන්ගෙ මන්ත්‍රීවරයා හැම ගමකටම එනවා. මෙය හොඳ ක්‍රමයක්. ඉදිරි මැතිවරණවලටත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියා මම හිතනවා.
•කොරෝනා වසංගතය ජය ගැනීමේ දී වත්මන් ආණ්ඩුව නිවැරදී තීරණ නොගත් බව ජනතාව කියනවා. මේ ගැන ඔබේ අදහස?
පසුගිය රජය සිටියා නම් දුර්වල පරිපාලනය සහ කළමනාකාරිත්වය සමඟ විශාල විනාශයක් වෙන්න තිබුණා. ඒක වැළකුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනාධිපති සහ අගමැති අතර තිබිය යුතු අවබෝධය සහ රාජ්‍යයාන්ත්‍රණයේ මෙහෙයවීම නිසයි.
• මේ මැතිවරණයේ දී කොරෝනා වසංගතය ඔබතුමන්ලාට ආශිර්වාදයක් වුණාද?
කිසි වසංගතයක් ආශිර්වාදයක් වෙන්නේ නැහැ. මැතිවරණයකට මුහුණදෙන්න වුණාම ඒ මුහුණ දෙන ආකාරය පිළිබඳව ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවෙනවා. පාස්කු ප්‍රහාරයේ දී එක්සත් ජාතික පක්ෂය කළ වැරදි කිහිපයක් තිබෙනවා. පළමු කාරණය පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා. දෙවෙනි කාරණය ප්‍රහාරයෙන් පසුව සිදුවුණ සිදුවීම්වලට මුහුණ දුන් ආකාරය. මේ දෙකම වැරදියි. වර්තමාන ආණ්ඩුව කොරෝනා එන්න කලින් වළක්වා ගැනීම ආරම්භ කළා. කොරෝනා ආසාදිතයන් රැකගැනීමටත් ආසාදනය නොවුණු අය නිරෝධායනය කිරීමටත් වැඩපිළිවෙළක් සැකසුවා. රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සහ නිරෝධායනය යන මේ දෙකම සාර්ථකව සිදුකළ නිසා අද අපට මේ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබුණා. පාස්කු ප්‍රහාරයේ දී පසුගිය ආණ්ඩුව මේ දෙකම කළේ නැහැ.
සංවාද සටහන –
චතුමී පිටිපන
මුල් පුවත සදහා – http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=d1461101&imageview=0
Addressing the Sri Lanka Association of Inbound Tour Operators (SLAITO)
It was a privilege to address the Sri Lanka Association of Inbound Tour Operators (SLAITO) as we Restart Sri Lanka. Post COVID19SL, the stagnant industry demands initiative from the Youth which I believe is not only the present & future solution to build a sustainable & resilient industry.
#RestartSL යටතේ ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය (SLAITO) ඇමතීමට ලැබීම භාග්‍යයක් කොට සළකමි. #COVID19SL පසු, නතරවී ඇති මෙම කර්මාන්තය,තාරුණ්‍යයින්ගේ මූලිකත්වයෙන් වර්තමාන සහ අනාගත ගැටළු වලට විසඳුම් ලබාදෙමින් වඩාත් තිරසරව ගොඩනැගීමට බලකරමින් සිටින බව මම විශ්වාස කරමි.
Enabling Knowledge Economy in the post COVID -19 SL, with 9000+ scholarships handed out to Sri Lankan youth under ‘Restart Sri Lanka’ initiative
In the post COVID-19 world, digital and knowledge based economy has taken a lead role.
While maintaining social distancing and limiting outside gatherings will now be the new norm in the COVID-19 world, it is time Sri Lanka steps up to educate and train its citizens, especially the youth sector.
As you all know, last month as Sri Lanka opened its capital for economic activities after being shut for over 2 months, it was and still is a struggle for many businesses to resume normal services due to a blow to the local and global economy. As people overcome their financial losses and now adjust to new demands in the domestic and international market, the Sri Lanka Institute of Marketing under the guidance of the Honorable Prime Minister’s Office lat month launched the ‘Restart Sri Lanka’ project to help businesses move forward in the post COVID world as well as offer them advice and guidance.
While this project has and is still changing the lives of many, the Education Ministry together with the Sri Lanka Institute of Marketing have gone a step further by providing free scholarships worth Rs.70 million to over 9000 students under the Restart Sri Lanka initiative.
The scholarships will be handed over to students who obtained A9 results at the 2019 GCE O/Level examinations and this scholarship will enable students to obtain a professional certificate in marketing. The selection process will be transparent and there will be no political and undue interference in handing out the scholarships. It will be handed out to those deserving from any background.
Taking into consideration that we live in a post COVID-19 world, the entire course for the scholarship will be provided online with the sole objective of empowering our local youth with innovation, marketing and entrepreneurship to move further toward a knowledge based economy.
The world is soon leading towards an information age and technology is the driving force behind it. The SLPP government, under the strong leadership of President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa will do everything possible to study the current trends and bring in new opportunities so that Sri Lanka will be a driving force in information technology and knowledge in the region.
Sri Lanka already enjoys a high literacy rate and our youth have the talent in competing and providing to global demands. It is time the government provides equal opportunity for all its citizens, from all parts of the country irrespective of their financial backgrounds and hunts out new talent who will take drive this country’s economy forward.
Sri Lanka has a long way to go in its journey but I can assure you we are now on the right path. Take care and stay safe.
ප්රභාකරන්ගේ ම්ලේච්ඡ පාලනය කාලේ සුමන්දිරම්ලා හිටියේ කොහේද? – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ලුණම සමූහ-සනත් ගමගේ (දිණමින පුවත්පත)
මේ රටේ දැන් මිලිටරි පාලනයක් සිදුවනවා කියන එක ගැන කථාකරන්න සුමන්දිරම් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බවත්, ප්‍රභාකරන් උතුර ම්ලේච්ඡ පාලනයක් කරන කාලේ සුමන්දිරම් මහත්තයලා හිටියේ කොහේද කියා තමා විමසා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.ඔහු මේ බව සදහන්කලේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙසද කිය.
සුමන්දිරම් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පළකරන්න.මොකද මේ අය මේ ආණ්ඩුවට උදවු කරන අය නෙමෙයි.ඒ අය උදවුකරන්නේ එජාපයට .ඒකෙ කොටස් කරුවෝ. මේ කරන්නේ එජාපයේ මෙහෙයුමක්.එජාපය අවුරුදු 05ක් ආණ්ඩුවේ ඉදලා චන්දය දීපු දමිළ ජනතාවට කිසිදු සේවයක් කරන්නේ නැතිව ඒ ජනතාවගේ චන්දය එජාපයට පාවල දීපු සුමන්දිරම් මහත්තයා අද නැවත වතාවක් එජාපයේ අවශ්‍යතාවයන්ට කටයුතු කරනවා.බලන්න අද ගෝඨාභය මහත්තය කොතරම් සාධාරණව මේ මැතිවරණ කාලයේදී හැසිරෙනවද කියලා.තමන් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට නියෝගයක් දෙනවා කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වෙන්න එපා කියලා.ඒ නිලධාරීන් පත්කළේ ඒ රාජ්‍ය ආයතනයේ කටයුතු සදහා පමණයි කියලා.ඉතින් එවැනි පාලනයක් අද මේ රටේ තියෙනකොට සුබන්දිරම් මහත්තයට කියන්න දෙයක් නැතිවෙනකොට මිල්ටරි පාලනයක් ගැන කතාකරනවා. ප්‍රභාකරන් උතුර පාලනය කරන කාලේ සුමන්දිරම් මහත්තයල කොහෙද හිටියේ. එතකොට මේ මිල්ටරි තිබ්බේ නැද්ද.දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රභාකරන් ඉවරකරලා දමිල ජනතාවට චන්ද බලය ලබාදීපු නිසානේ. දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා එන්න එන්නම දමිල ජනතාවත් ඒ අයට චන්දය දෙන්නේ නැහැ කියලා. ප්‍රභාකරන් හිටියනම් සුබන්දිරම් මහත්තයලාගේ පක්ෂය හැමදාම රජ කරනවා. අද ඒගොල්ලන්ට රජ කරන්න බැරිවෙලා තියෙන්නේ ප්‍රභාකරන් නිසා.අන්න ඒ නිසා තමයි අද ඒ තරහට මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ.
මෙරට නීතියට අවනත නොවී මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්දධයෙන් ආණ්ඩුවක් විදියට අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. පෞද්ගලිකවම මම ඒ ගැන කනගාටුවෙනවා. මොකද වගකිවයුතු රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වියානා කන්වකේෂන් එකට හැංගිලා මේ ලෝකෙම සෞඛ්‍ය අර්බුධයකට මුහුණපාලා තිබෙන අවස්ථාවේ එක එක රටවල් වල සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට ගරු කරන්නේ නැතිව හැසිරීම පිළිබදව අපි කනගාටු වෙනවා. මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න බලධාරීන් වගකියන්න ඕන කියන කාරණය අපි ප්‍රකාශ කරනවා.ඒවගේම මේ වගකිවයුතු රාජ්‍යයන් වල රාජ්‍ය නායකයන් නිසා රාජ්‍ය යාන්ත්රණයන ඉල්ලන්නේ කරුණාකරලා මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ රටවල් වල මේ වෙලාවේ පවතින තත්වය පාලනය කරන්න නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කරුණාකරලා එකට අනුගත වෙන්න ඒවාට ගරුකරන්න.තමන්ගේ තානාපති වරප්‍රසාද වලට හැංගිලා තමන්ගේ රටේ හයිය පෙන්නන්න සූදානම් වෙන්න එපා මොකද ඒ තුල අපහසුතාවයට ලක් වෙන්නේ මේ ලෝකයේ ජනතාව විතරක් නෙමෙයි ඒ රටවල් වල ආණ්ඩුවත් අපහසුතාවයට ලක්වෙනවා.මොකද මේ කොරෝනා කොහේ ඉදලද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනාවානේ. දැන් එක එක රටවල් වලට ඇගිල්ල දික්කරන්න යන්නේ.
ඉතින් මේ වගේ දේවල් වුනාම අපිටත් හිතෙන්නේ මේ රටවල් සැලසුම් සහගතව කොරෝනා අන් අපේ රටවල් වලට එවනවා කියල හිතෙනවා.
මුල් පුවත : https://bit.ly/2MUcHv2
It’s important to safeguard the image of Sri Lanka police. Violent acts could ruin the noble services of this department towards the nation.
Political victimization is a heavy word. It brings with it severe consequences for the victim, who mentally undergoes trauma and reflects negatively on the entire state and the government in power.
In my 10 year political career, I have always spoken against all forms of political victimization. Because my family and I have been victims to it too. Since the day I entered Parliament, 10 years ago, I have always been against all forms of violence whether it be caused by the police, state or any other party. I have always respected the will of the people and their right to protest in a peaceful manner, and if laws are broken then they must be dispersed in an equally disciplined way.
Today, I reiterate my comments, that political victimization and police violence is the downfall of any country. During the previous UNP government, I have been victim to it several times. From being dragged into the FCID, seeing my parents and brothers being questioned by the state over absurd allegations for hours and days, and then being remanded for protesting against unjust decisions taken by the former government. One may recall, that in January 2017, when we held a peaceful protest in Hambantota, police brutally assaulted one of the protestors Su Bandara, and he was later hospitalized with severe injuries to his ear. Further, hundreds of us were remanded unjustly for taking part in the protests and were violently manhandled. We were politically victimized for days in addition to what my family and I too had to go through as well.
Further, in the previous UNP government, students were also severely manhandled every time they took to the streets to raise issues and concerns faced by them. Hundreds of the students, including males and females were arrested and back then too, I did not hesitate to talk against violence unleashed by the police on protestors.
Now talking about the recent protest which took place outside the US Embassy in Colombo, by the Front Line Socialist Party members, I believe that while protestors should have respected the court order, the level of force unleashed by some members of the police force was appalling. I have condemned the assault unleashed on the protestors and call for it to be investigated and action to be taken as soon as possible. No violence must go unprobed. The police at no times, must resort to the American way of manhandling protestors. The way George Floyd suffered brutal torture, moments before his death by the American police officers, should never be repeated by any officer, anywhere in the world. In Sri Lanka, especially presently when the police have done a commendable job in the fight against the COVID-19, the behaviour of some police officers is truly condemned and the department should take steps to ensure that this never happens again. Violence is never the answer in dispersing any protest.
While the recent police action has received much condemnation, it is also the responsibility of every citizen in this country to abide by the laws of the country. While in a democracy, protesting is a citizen’s right, it should also not be misused especially at a time when the country is attempting to rise from a pandemic which has crippled all nations. When protests turn violent, it receives widespread media attention which goes into the world, and this damages the image of the country when we, in unity, are trying to rise from the ashes. While it is everyone’s right to protest, it is also upon us to respect the law of the land.
Further, in this day and age, it is also the responsibility of every politician and political party to not use the opinion of certain sections of society, take it out of context, to create disunity and disharmony in the country. I have seen in certain countries when politicians attempt to politicize certain issues for their selfish gains, and mislead the public, it leads to clashes on the streets which has a direct hit on the livelihoods of every citizen as well as cripple all vital sectors. This will then lead to authorities also reacting and things turning violent. In Sri Lanka we have witnessed many such clashes in the past which has then created a huge negative image of the country being portrayed across the globe.
With responsibility comes great power. This is a motto that every one should keep in mind. Violence can lead to ruin and this can have a lasting impact. I will always speak up against any police violence and political victimization in all its form, but at the same time I also appeal to all citizens to behave sensibly and abide by the laws of the land. Sri Lanka has emerged as one of the best countries to eliminate the COVID-19 virus from society, and this was possible because we all abided by the rules and regulations and remained united. This is an example of how much we can achieve together.
Lets make Sri Lanka great again, not push it back into a lawless state – the ripples of which will be felt by all. Take care.
මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන්ට සදාචාරාත්මක අයිතියක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මේ රටේ මිලිටරි පාලනයක් ගැන කතා කරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ද කීවේය.
සුමන්දිරන් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පළකරන්න. මොකද මේ අය මේ ආණ්ඩුවට උදව් කරන අය නෙමෙයි. ඒ අය උදව් කරන්නේ එජාපයට. මේ කරන්නේ එජාපයේ මෙහෙයුමක්. එජාප ආණ්ඩුවේ අවුරුදු 5ක් ඉඳලා ඡන්දය දීපු දමිළ ජනතාවට කිසිදු සේවයක් නැහැ. ඒ ජනතාවගේ ඡන්දය එජාපයට පාවල දුන් සුමන්තිරන් මහත්තයා අද නැවත වතාවක් එජාපයේ අවශ්‍යතාවන්ට කටයුතු කරනවා.
බලන්න අද ගෝඨාභය මහත්තය කොතරම් සාධාරණව මේ මැතිවරණ කාලයේදී හැසිරෙනවාද කියලා. තමන් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට නියෝගයක් දෙනවා කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වෙන්න එපා කියලා. ඒ නිලධාරීන් පත්කළේ ඒ රාජ්‍ය ආයතනයේ කටයුතු සඳහා පමණයි කියලා. ඉතින් එවැනි පාලනයක් අද මේ රටේ තියෙනකොට සුමන්තිරන් මහත්තයට කියන්න දෙයක් නැතිවෙනකොට මිලිටරි පාලනයක් ගැන කතා කරනවා. ප්‍රභාකරන් උතුර පාලනය කළ කාලයේ සුමන්තිරන් මහත්තයලා කොහෙද හිටියේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රභාකරන් ඉවර කර දමිළ ජනතාවට ඡන්ද බලය ලබා දීපු නිසයි. දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා. එන්න එන්නම දමිළ ජනතාවත් ඒඅයට ඡන්දය දෙන්නේ නැහැ කියලා.
මෙරට නීතියට අවනත නොවී මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදිහට අපේ මතය ප්‍රකාශ කරලා තිබෙනවා. පෞද්ගලිකවම මම ඒ ගැන කනගාටු වෙනවා. මොකද වගකිවයුතු රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. අපේ රටේ සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට ගරු කරන්නේ නැතිව හැසිරීම පිළිබඳව. මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න බලධාරීන් වගකියන්න ඕන කියන කාරණය අපි ප්‍රකාශ කරනවා. ලෝකයේ රටවල්වල මේ වෙලාවේ පවතින තත්ත්වය පාලනය කරන්න නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කරුණාකරලා ඒකට අනුගත වෙන්න. ඒවාට ගරුකරන්න තමන්ගේ තානාපති වරප්‍රසාදවලට මුවාවෙලා තමන්ගේ රටේ හයිය පෙන්නන්න සූදානම් වෙන්න එපා. මොකද ඒ තුළ අපහසුතාවට ලක්වෙන්නේ අපේ රටේ ජනතාව පමණක් නෙමෙයි ඒ රටවල්වල ආණ්ඩුත් අපහසුතාවට ලක්වෙනවා. මේ වගේ දේවල් වුණාම අපට මේ රටවල් සැලසුම් සහගතව කොරෝනා අපේ රටවල්වලට එවනවාද කියලා හිතෙනවා.
අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට (සති අග අරුණ)
මුල් පුවත සදහා : https://bit.ly/3hhyVVW