“හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව – පළමු කොටස | හම්බන්තොට තාරුණ්‍යය වෙනුවෙන් අපේ අනාගත වැඩපිළිවෙල.
හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල හෙවත්, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව අද සිට කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න:
පළමු කොටස:
මා විශ්වාස කරන පරිදි තරුණ පරම්පරාව තුළ ඇති ප්‍රධානතම ගැටළු කිහිපයකි. අධ්‍යාපනය, විරැකියාව, තමාගේම කියා ඉඩමක් ලබා ගැනීම, තමාගේම වාහනයක හිමිකාරිත්වය ලබා ගැනීම සහ තවත් කෙනෙකුට අත නොපා කාගේවත් පසු පස නොයා අහිංසක ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කර ගැනීම එහිදී මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කරුණු පිළිබඳ අවබෝධයකින් තමයි සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍රකරගත් ආයෝජන කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ වගේම හම්බන්තොට අලුතින් ඉදිකරණ ලද රෝහල අවට අක්කර 400ක ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන ගම්මානයක් (Pharmaceutical Manufacturing Village) ඇති කිරීමට මේ වන විට මුලික සැලසුම් සම්පාදනය කර ඇත. කොරෝනා කාල සිමාවේ වුවද නව තාක්ෂනය ඔස්සේ ආයෝජකයින් හා සාකච්ඡා කර ශ්‍රි ලංකාව තුළ ආයෝජනයට ඔවුන්ගේ කැමැත්ත ලබා ගෙන තිබේ. ඒ අනුව අපේ රටේ පමණක් නොව ඒ ඒ රටවල ගුවන් තොටුපල විවෘත වූ වහාම මේ ආයෝජන කලාප සක්‍රිය ආයෝජන කලාප බවට පත් කිරීමට අපට හැකිවනු ඇත. එමගින් තරුණයින්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන රැකියාව නිර්මාණය කර දෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට සඳහා අප නව වැඩසටහන් මාලාවක් සකස් කර ඇත. එමගින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීම මුලික ඉලක්කයක්. එහිදී රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල හම්බන්තොට දිස්තික්කය තුළ ස්ථාපනය වන අතර එහි පළමු විශ්ව විද්‍යාලය ලෙස ජාතික තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය තුල ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර මහා මැතිවරණයෙන් අනතුරුව එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇත.
Leave a Reply