හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දෙවන කොටස : හම්බන්තොට අධ්‍යාපනයේ හෙට දවස.
පාසල් අධ්‍යාපනය අතින් හම්බන්තොට දිස්තික්කය ඉතාමත් ඉහළ තැනක පැවතියද පාසල් ක‍්‍රීඩා අතින් සිටින්නේ ඉතාමත් පහළ මට්ටමකය. පාසල් අධ්‍යාපනය සේම ක‍්‍රීඩාව, කලාව, සංස්කෘතිය සඳහාත් ප‍්‍රමුඛතාවය දිය යුතුය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් කිරීමට සාකච්ඡුා කෙරෙන අතර එම වෙනස හම්බන්තොට දිස්ත‍්‍රික්කයට ගෙනා යුතුවේ. එහිදී සුරියවැව තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමේදී විශ්වවිද්‍යාලය සේම තාක්ෂණ පීඨය නැවත වතාවක් බල ගැන්විය යුතුය. එසේම සාගර විශ්වවිද්‍යාලය මේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට ද පත්කළ යුතුය. අපගේ වෘත්තීය පුහුණු ආයතන වල පවතින පාඨමාලාවන් ද නැවත නව පාඨමාලාවන් සමග බල ගැන්විය යුතු වේ. දැනට ඒවායේ පවතින්නේ පැරණි පාඨමාලා වන අතර ඒවා ලෝක වෙළඳ පොළේ රැකියා ලබා ගැනීමට තරම් සුදුසුවන නුතනත්වය හා බැඳුනු ඒවා නොවේ. ඒවායින් බහුතරයක් 1998 වසර මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෘත්තීය පුහුණු ආයතන ආරම්භ කිරීමේදී පැවති ඒවාය. මේ හේතුවෙන් ජාතික ව්‍යාපාරයක් ලෙස මේ වෙනස කරා අප ගමන් කිරීමට අප කටයුතු කරනු ඇත.
Leave a Reply