හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | එකොළොස්වන කොටස : මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක්.
ගෝලීය දේශපාලනය යන කරුණ අපට ඉතාමත් වැදගත් කාරණයකි. මා හට කොපමණ ජාත්‍යන්තර සබඳතා පැවතියත්, අන්තර් ජාතක වශයෙන් වැදගත් හිතමිතුරුකම් පැවතියත් ඒ මිතුරන්ට මෙන්ම මටද අවසානයේ ප්‍රමුඛතාවය වන්නේ තමන්ගේ ජාතික ප්‍රතිපත්තියයි. හිතවත්කමට මිත්‍රත්වයට බොහෝ රටවත් ආර්ථික වශයෙන් රට දියුණු කිරීමට උදව් කලද එහිදී ප්‍රමුඛතාවය හිමිවන්නේ ජාතික ප්‍රතිපත්තියට මිස හිතවත්කම් වලට නොවන බව පැවසිය යුතුය. පසුගිය වසර පහ තුල යහපාලන ආණ්ඩුව විසින් ගොඩ නගන ලද FCID යහපාලන ආයතනය හරහා වසර තුනක් පමණ විදේශ ගමන් තහනම් කර තිබුනද ඉන් අනතුරුව බොහෝ රටවල් වලට ගොස් මගේ රාජ්‍යතාන්ත්‍රික මිතුරන් හමුවීමට හැකියාව ලැබිණි.
එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස සිටියත් රාජ්‍ය නායකයින් මුණගැසීමටද ඔවුන්ගේ අවවාද උපදෙස් ලබා ගනිමින් අත්දැකීම් හුවමාරු කර ගැනීමට මට අවස්තාව හිමි විය. එසේම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා සහභාගී වෙමින් මේ රටේ අනාගතය පිළිබඳ නිර්මාණශීලි දැක්ම හා මතයන් ඉදිරිපත් කිරීමට අවකාශය ලැබිණි.ගෝලීය දේශපාලනය සහ කලාපිය දේශපාලනය ඉදිරියේදී සුවුශේෂී ස්ථානයක් ගනීවි යැයි මා විශ්වාස කරමි.අද වන විට මේ කොරෝන වෛරසය සමග අපේ රටට සංචාරකයන්, විදේශ ආයෝජන ගෙන එනවානම් එහිදී ඉතාම වැදගත් කාරණයක් වන්නේ අපගේ සමීප මිත්‍රයා කවුරුන්ද යන්නයි. එම නිසා එම කරණයේදී ආණ්ඩුවක් ලෙස අප අපගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියත් මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියත් අනුගමනය කිරීම ජනාධිපතිතුමන්ගේත් අග්‍රාමාත්‍යතුමන්ගේ දැක්මයි. එමගින් විදේශ, ආර්ථික, ආරක්ෂක යන ප්‍රතිපත්තීන් එකට තබා ගනිමින් අපට සාර්ථක ඉදිරි ගමනක් යාමේ හැකියාව ඇත.
Leave a Reply