හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | දසවැනි කොටස | ජීවත්වන පරිසරය …
2010 සහ 2015 මැතිවරණ වලදී පවා මවිසින් පෝස්ටර් සහ කටවුට් භාවිත නොකලෙමි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ද ප්‍රථම වතාවට පෝස්ටර් කටවුට් වලින් තොරව ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස පසුගිය ජනාධිපතිවරණයට මුහුණ දුන්නේය. මවිසින්මෙම පෝස්ටර් කටවුට් සංස්කෘතියට එරෙහි වීමට ප්‍රධාන හේතු දෙකකි. ඉන් එකක් පරිසරයට සිදුවන හානිය වන අතර අනෙක තරුණ පරම්පරාව මේ පෝස්ටර් කටවුට් ගැසීමේ සංස්කෘතියෙන් ගලවාගෙන ඔවුන් ප්‍රතිපත්තිමය දේශපාලනයකට ගෙන ඒමට මා හට තිබු උවමනාවය. එහිදී ඔවුන් මේ සංස්කෘතියෙන් ගලවා ගැනීමට එම සංස්කෘතිය වෙනස් කිරීමට සිදු විය. පරිසරය පිලිබඳ අවධානය යොමු කිරීමේදී පසුගිය කොරෝනා සමයේ පවුලේ සියලු දෙනා එකට එක් වෙමින් අම්මා,තාත්තා, දුව,පුතා අතර ඇති සමීප සම්බන්දතාවය වඩාත් හොඳින් වැඩි දියුණු කර ගෙන ඇත. එහිදී මේ සම්බන්ධතා රැක ගනිමින් පරිසරය සුරැකීම අප කාගේත් යුතුකමය. විශේෂයෙන්ම පරිසරය ලෙස ගත් කල ගහ කොළ සතා සීපාවා පමණක් නොව තම නිවසේ උදවිය සමග පවතින සබඳතා, රැකියා ස්ථානය හා ඒ අවට පරිසරය හා බැඳුනු කරුණු කාරනා මේ පරිසරය සුරකිමු යන්න හා බද්ද වේ.
එමනිසා ගහකොළ සතා සිපාවන්ගෙන් ඔබ්බට ගමන් කරමින් තමන් ජිවත් වන වපසරිය රැක ගැනීම තුළින් ඉබේම මේ රටේ ජනතාව ගහ කොළ සතා සීපාවා රකිනා තැනකට යොමු කිරීමේ හැකියාව පවතී. එහිදී මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් ආයෝජන මෙරටට ගෙන ඒමට ලෝකයේ පිරිසිදුම වාතාශ්‍රය ඇති රට, ජලය ඇති රට බවට අපේ රට පත් කරගත යුතුවේ. අපට ඇති මේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගැනීමට නම් අප විසින් මහ මුහුද, වෙරළ පිරිසිදුව තබා ගත යුතු වේ. එසේම කුඹුර කමත හේන කේත පිරිසිදුව තබා ගත යුතු වන අතර අපි රසායනික පොහොර භාවිත කරනවාද කාබනික පොහොර භාවිත කරනවාද යන තීන්දුව ගනිමින් කාබනික පොහොර භාවිත කිරීමට ගොවින් යොමු කර ගත යුතුය. එසේම පාසල් පද්ධතිය තුළ, පන්ති කාමරය තුළ, නිවස තුළ පවතින පරිසරය පිරිසිදු විය යුතුයි. නිවස පියා මතට ඇබ්බැහිවී අඩදඹර සිදුවනවානම් ඒ තුළ දරුවාට ගොඩ නැගෙන්නට හැකි පිරිසිදු පරිසරයක් ඇතැයි සැලකිය නොහැකිය. මේ නිසා පරිසරය ලෙස සමාජයේ කතා බහ කෙරෙන ගහ කොළ යන ප්‍රධාන මාතෘකාවෙන් ඔබ්බට ගමන් කර පරිසරය පිරිසිදු කර ගැනීමේ නව මාවතක් ගොඩ නැංවිය යුතුය. විශේෂයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් ජනතාව මුහුණ දී තිබෙන මානසික ආතතිය සමනය කිරීමට ආණ්ඩුව ලෙස අප මැදිහත් විය යුතු වන අතර එහිදී අප ජිවත්වන පරිසරය රැක ගැනීම ප්‍රමුඛතම කාර්යයක් බව මාගේ විශ්වාසයයි.
Leave a Reply