හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල, “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | පස්වන කොටස | මොකක්ද මේ Restart Sri Lanka?
කොරෝනා වසංගතය හේතුවෙන් අපි සියලු දෙනාට නිවාස තුළට වී සිටින්නට සිදුවිය. රට වසා දමන්නට සිදු විය. ඇමරිකානු ජනාධිපතිවරයා කොරෝනවට එරෙහිව එරට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල අසාර්ථක වුවද නැවත ඇමරිකාව විවෘත කිරීමට ගත් තීරණය නිවැරදි යැයි හැගේ. ජපානයල චීනය, කොරියාවද එලෙස නැවත තම රටවල් සාමාන්‍ය කටයුතු සදහා විවෘත කළේය. එමඟින් ගෝලීය ආර්ථිකයට යම් සහනයක් හිමි විය. අප ද රටක් ලෙස රට වසා ගෙන සිටීනවාට වඩා නැවත රට විවෘත කිරීමට කටයුතු කළයුතු යැයි මා විශ්වාස කළෙමි. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයත් SLIM ආයතනයත් සමඟ එක්ව RESTART ශ්‍රී ලංකා වැඩසටහන මගින් රට නැවත රට විවෘත කිරීම අපේ රටේ අනාගතයට විශාල පිටිවහලක් වනු ඇතැයි මා තුළ විශ්වාසයක් පැවති අතර එය ජය ගැනීමට අපට හැකියාව ලැබිණි. ඒ අනුව SLIM ආයතනයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව රටේ වැසි ගිය ග්‍රාමීය කර්මාන්ත ශාලා මුඩු බිම් වූ ගොවි බිම් නැවත සක්‍රිය වැඩබිම් බවට පත් කෙරෙමින් පවතී.
Leave a Reply