හම්බන්තොට ගොඩ නගන වැඩපිළිවෙල | “හෙට හම්බන්තොට” ප්‍රතිපත්ති මාලාව | විසිවැනි කොටස | කලාව හා ක්‍රීඩාව වෙනුවෙන් …
දක්ෂ කලාකරුවන් රාශියක් මේ රටේ සිටි. අප කලයුත්තේ ඔවුන් ලෝකයට, ලෝක වෙළඳ පොලට හඳුන්වා දීමය.ඔවුන්ට දක්ෂතාවය තිබුණද අහිමි වි තිබෙන්නේ අවස්ථාවන්ය. නමුත් අද වන විට ඔවුන් ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, හා ට්විටෙර් ඔස්සේ යම් තරමක් ලෝකය සමග මුසුවී ඇත. නමුත් අපි රජයක් ලෙස මේ කලා කරුවන් ලෝකයට හඳුන්වා දීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතු වෙයි. එහිදී ලෝකයේ ප්‍රධාන සමාගම් සමග එක්ව චිත්‍රපට, ටෙලි නාට්‍ය, ගීත නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා රජය මැදිහත්ව ඔවුන් වෙනුවෙන් එය ඉටුකර දීමට කටයුතු සිදුකළ යුතුවේ. එලෙසම අද අප රටේ කලාව සහ ක්‍රීඩා ක්ෂේත්‍රය ගත් කළ වෘත්තිමය භාවයයෙන් පිරිහීමට ලක්ව තිබේ. එම නිසා කලා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් ජාත්‍යන්තර වෙළඳ පොලට හඳුන්වා දීමට හැකි මට්ටමට ඔවුන්ගේ වෘත්තිමයභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නෙමු. රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය අප එදා නිර්මාණය කරනු ලැබුවේ මේ බලාපොරොත්තු ඇතුවය. එවකට ඉන්දියාවේ චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්තාව ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. එසේම රන්මිණි තැන්න හරහා මෙරට පසුතල විදේශීය කලා කරුවන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කිරීමට එහිදී අවස්තාව හිමිය. පසුගිය වකවානුවේ මේ සියල්ල නතර වුවද නැවත රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සක්‍රිය කර විදෙස් චිත්‍රපට හෝ චිත්‍රපට කොටස් මෙහි නිෂ්පාදනය කිරීම මගින් මෙරට කලා කරුවන්ට සුවිශේෂී අවස්ථාවන් උදාකර දීමටත් රටට විදේශ විනිමය උත්පාදනය කිරීමටත් අවස්තාව සැලසෙනු ඇත. එම නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද අප බලාපොරොත්තු වන්නෙමු.
Leave a Reply