සදාකාලීකවම ආදරයෙන් ස්මරණය කරන මතකයන්…..
මව්පියන්ගේ සදාකාලීක ආදරය…..
කුඩා කල සිටම, මව්පියන්ගෙන් මට අසිමීත ආදරයක් හා රැකවරණයක් ලැබුණු අතර, මගේ සහෝදරයන්ටද එලෙසම මගේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු ඒ ආදරය හා රැකවරණය මිල කරන්නට පුළුවන්කමක් නැහැ. වැඩිහිටියන් වශයෙන්,මව්පියන්ගෙන් ලැබුණු ජීවන අත්දැකීම් වගේම ආදරයත් අද අපට යහපත්,ගුණගරුක මිනිසුන් ලෙස නිවැරදි දේ වැරැද්දෙන් වෙන් කොට හඳුනාගෙන,සෑමවිටම මනුෂ්‍යත්වය අගය කරන ස්වාධීන මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර තිබෙනවා.
ඔබ හැමෝම දන්නා පරිදි, වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට සුවිශේෂී සේවාවක් කර ඇති යුග පුරුෂයෙක්. ඔහුගේ දේශපාලන නායකත්වයෙන් හා සේනාධිනායකත්වයෙන් මෙරට තුළ දශක 3ක් පැවති ම්ලේච්ඡ LTTE ත්‍රස්තවාදය නිමාකර, පසුව දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් හරහා දෙස් විදෙස් ප්‍රජාව තුළ අප රටට ඉහළ පිළිගැනීමක් ලැබුණු බව අවිවාදිතය. අදටත් මගේ පියා පවතින කොරෝනා වසංගතයෙන් මේ මව්පොළොව සහ ජනතාව බේරාගැනීමට කැපවීමෙන් හා ධෛර්යවන්තව දිවා රෑ නොබලා සේවය කරන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යෝධ සෙවණැල්ල බවට පත්වෙමින්.
ශිරන්ති රාජපක්ෂ වන මගේ මව, හැමවිටම අපේ පවුලේ කොඳු නාරටියයි. ඇය මගේ පියා සහ මා ඇතුළු මාගේ සහෝදරයින් දෙදෙනා වෙනුවෙන් නිරතුරුවම කැපවුණු සුවිශේෂී චරිතයක්. මගේ පියා ජාතික දේශපාලනයේ නියැලෙන අතරතුර අප සහෝදරයින් තිදෙනාගේ සෑම අවශ්‍යතාවයක්ම සොයා බලමින්, කෙතරම් කාර්යබහුල වුවද ගෘහණියක් ලෙස නිවසේ වැඩ කටයුතු වලද නියැලෙනවා. ඇගේ අමිල ආදරය අපේ ජිවිත වල සදාකාලික සිහිවටනයක් වන අතර එය මට හා මගේ සහෝදරයින්ට මිහිපිට ඇති ලොකුම වස්තුව යැයි කීම අතිශයෝක්තියක් නම් නෙවෙයි.
මම අද මගේ මව්පියන්ගේ වටිනා පින්තූර කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමතියි. අපගේ ළමා කාලය තුළ මගේ මව්පියන් කෙතරම් කාර්යබහුල වුවද මාගේ සහෝදරයන් හා මා වෙනුවෙන් කළ කැපවීම් ඔබට මේ හරහා දැකගත හැකියි. මගේ මතකයට අනුව පාසලේ සුවිශේෂී අවස්ථා, පාසල් රග්බි ඉසව් හෝ අපගේ වෙනත් කිසිදු වටිනා දිනයක් මගේ ආදරණීය මව්පියන් අමතක කලේ නෑ. අම්මත් තාත්තත් ඒ වටිනා දිනයන්ට නිවැරදි වටිනාකම දෙමින් ඒ තුළ ඔවුන් දෙදෙනා ජිවත්වු ආකාරය තවමත් මාගේ මතකය තුළ පවතිනවා.
මෙම පින්තූර වලින් දැක්වෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නිවාසාන්තර රග්බි තරගාවලියේ අපගේ නිවාසය නියෝජනය කරමින් මම සහ මගේ සහෝදරයින් දෙදෙනා රග්බි තරඟවලට සහභාගි වු අවස්ථාවක්. මගේ අම්මත් තාත්තත් සුපුරුදු පරිදි මෙම තරග නැරඹීමට සහභාගිවු අතර තරුණ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙම පින්තූරවල සිටින්නේ ඔහුගේ පුත් හා මාගේ පාසල් මිතුරා ජොහාන් ප්‍රනාන්දු ද එම නිවාසාන්තර රග්බී තරගාවලිය ක්‍රීඩාකිරිම නැරඹීමට පැමිණී නිසාවෙන්.
රග්බි ක්‍රීඩවට මා සහ මගේ සහෝදරයන් කුඩාකළ සිටම දැඩි ඇල්මක් දැක්වූ අතර නිවසේදිත් ඉන් පිටදීත් අපේ බොහෝ කතාබහ සිදුවුණේ රග්බි ක්‍රීඩාව හා බැදුණු දේ පිළිබදවයි. අප තුළ රග්බි ක්‍රීඩාවට තිබු උනන්දුව හා ආදරය නිසාම මගේ මව්පියන් අප ක්‍රීඩාකළ කිසිදු රග්බි තරගයක් නැරඹීම මග හැරියේ නෑ. එය වයස අවුරුදු 15 න් පහළ තරඟ වේවා නිවාසාන්තර තරඟ වේවා අන්තර් සමාජ තරඟ වේවා හෝ ජාතික කණ්ඩායමේ තරග වේවා මා හෝ මගේ සහෝදරයන් සහභාගී වූ සියලු තරග නැරඹීම මගේ මව්පියන් ජිවිතයේ කොටසක් කරගෙන තිබුණා. මේනිසාම පාසල් සමයේ වගේම ඉන් අනතුරුවත් රග්බී පිටියේ සිදුවු දේ පිළිබදව අපූරු මතකයන් රාශියක් මාගේ මතකයේ තවමත් ඉතිරිව තිබෙනවා.
මගේ පියා සහ මව, මා ,මගේ සහෝදරයන් මෙන්ම අප නියෝජනය කළ කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩාගාර වල සිට ඔල්වරසන් දීම අදටත් මට තිබෙන ආදරණීය මතකයක්. අප රග්බී ක්‍රීඩාවේ නියැලෙන අතරතුර අබාධයකට ලක්වුවහොත් මගේ මව කනස්සල්ලට හා දුකට පත්වන ආකාරය මාගේ මතකය තුළ තවමත් නොනැසි පවතිනවා.
අසීමිතව අපට ආදරය කළ මගේ මව්පියන් කෙරෙහි මගේ අගය හා ආදරය ප්‍රකාශ කිරීමට වචන ප්‍රමාණවත් නෑ. ඔබේ මව්පියන් ඔබට මෙන්, මගේ මව්පියන් මට ද ඔවුන්ගේ ජීවිතයේ අනෙකුත් සියලු දේ නොතකා අප වෙනුවෙන් අසීමිතව කැපවීම් එදා මෙන්ම අදත් ඉටුකරමින් සිටිනවා.
අපේ වයස කුමක්වුවත්, අපගේ මව්පියන් සැමවිටම අපගේ ශක්තිය වන අතර අද මා මෙම සටහන ලියා තබන්නේ මගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයන් දෙදෙනා කෙරෙහි මගේ ආදරය, අගය කිරීම සහ කැපවීම ප්‍රකාශ කිරීමටයි. ජිවිතයේ මා ලැබු ඒ අසිමීත ආදරය හා රැකවරණයට මෙන්ම අපට ඉගැන්වු ඒ උත්තම මිනිස් ගුණදහම් වලට අම්මේ තාත්තේ ඔබ දෙදෙනාට ගොඩක් පිං
Comments (3)
nuwan prasanna
ස්ර් මම ලිවුවා නාමල් සර්ට ලියුමක් ඒතුමාට කියා හරිි ඔබතුමා හරි මැදිහත් වි මා හට සාධාරනයක් ඉටුකර ෙදන්න මම දනන් අැමතිතුමා සාලින්ද අමතිතුමා ඒතුමා දැන් ජිවතුන් අතර නැ ඒ හින්දා කියනන් ෙකෙනක් නැ ඒකයි නිමල් මහත්තයාට ෙකලින්ම ලිවුෙව්. ස්තුතියි
නාමල් රාජපක්ෂ මැතිතුමනි,
ජාතික හැදුනුම්පත් අංක 843582893 V දරණ මා දැනට වසර 10 ක පමණ සිට ෙනා 17- ගැඩුමාන ෙහ්ෙන්ගම , ගම්පහ යන ලිපිනෙයහි ම ෙග් දුරින් නැයකුෙග් නිවෙස් පදිංචිව සිටිම්. මා ෙග් උපන් ගම කුරැණැගල වන අතර දැනට තනිකඩව ෙමම නිවෙස් පදිංචිව මා ෙග් අධ්‍යාපන ෙපාත් අ ලවි කිරිෙම් ව්‍යාපාරයක මිතුරකු සමග ඒකතුව අාරම්බ කැර කරෙගන යන අතර ඒම ව්‍යාපාර කටයුතු ෙමම ව්‍යසනයන් හමුෙව් අඩාලවුණු අතර මා දැනට රැ.200000 ක පමණ ලංකා බැංකුෙව් ණය මුදෙල්ද වාරික ෙගවාගත ෙනාහැකිව අසරන වි සිටිමි. රැ.5000 ක දිමනාව සදහා ගාමනිලධරැවාෙගන් විමසු විට මා පදිංචිව සිටින නිවෙස් අය ෙවත ගියවර රැ.5000 ක් නිකුත් කර අැති බැවින් ඒය මාහට ලබාදිය ෙනාහැකි බව පැවසන ලදි. නමුත් ප්ාෙයා්ගිකව බලන විට මා අසරණ වි අැත ඔවුන්ෙග් නිවෙස් පදිංචි වු පමණින් මා ඒම පවුෙල් සාමාජිකෙයක් ෙලස සැලකිම සාධාරණද මා අසරණව සිටි නමුත් ෙමවැනි ෙමන්ම ෙමෙස් ෙනාවනද ෙබා්ෙහා් අය හට 5000 දිමනාව දැනට ලැබි තිෙබ්. මා උපතින්ම ශිලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන්ෙන් පවුල් පසුබිමිනි ඒදා සිට අද දක්වා අාගම ෙන් මා ඔබතුමාෙග් පියතුමා ජනධිපති ෙලස අ ෙප්ක්ෂකත්වයට පත්වු දා පටන් ෙම් දක්වා ඒතුමා ෙග් අනුගාමිකෙයක් ඒයට ෙහාදම නිදසුන මා ෙග් ෙමම Facebook පිටුෙව් Profile Picture ඒෙක් ඉතිහාසයයි ඒය බලන ඔ්නාම අයකුට ඒය තහවුරැෙව් December 25, 2017 වර්ශෙය් සිටම අැත්ෙත් පියතුමාෙග් හා වර්ථමාන ජනපතිතුමාෙග් චායාරැපයි.
මා හට සාධාරණයක් කිරිමට ඔබතුමාෙග් ඒක දුරකතන අමතුමකට හැකිය. ගාමනිළධාරි ෙලස 292 වස ෙම් Wilimbula North
Mr. K.A.C.B. Kaluarachchi (Act) මහතා
GS Office, Wilimbula, Henegama දුරකතන අංක 0776937655 කටයුතු කරණ අතර අපෙග් ග ෙම් ප්රා ෙද්ශිය සභාෙව් මන්ත්රි වරයා ෙලස විළිබුල ගාමෙය් ගාමිණි කරස්නාෙගාඩ මැතිදුන් දු.ක. 0761574000 ඔබතුමන්ෙග් පක්ෂෙයන් නිෙයා්ජනය කරයි.
ඔබතුමන්ෙග් කාරැණික අවධානය අෙප්ක්ෂා කරමි.
ෙමයට විශ්වාසි මා
ඒන් . පි . නුවන් ප්රසන්න සුමනරත්න,
ජාතික හැදුනුම්පත් අංක 843582893 V දරණ
ෙනා 17- ගැඩුමාන ෙහ්ෙන්ගම , ගම්පහ.
මහර ප්රා ෙද්ශිය සභාවට අයිති ෙව්.
මා ෙග් දුරකථන අංකයයි – 0713930751
Lyn
Namal you seem to be a very kind person at heart. can you contact me please.
Thank you.
Indika sanjeewa
Hemadama sirta jaya