Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

ශ්‍රී ලංකාව මේ වසරේ පාස්කු ඉරිදා සමරන්නේ, වසරකට පෙර අපට අහිමි වූ අහිංසක ජීවිතවල අමිහිරි මතකයන් ද සමගයි.

  • Home
  • /
  • My Blog
  • / ශ්‍රී ලංකාව මේ වසරේ පාස්කු ඉරිදා සමරන්නේ, වසරකට පෙර අපට අහිමි වූ අහිංසක ජීවිතවල අමිහිරි මතකයන් ද සමගයි.

ශ්‍රී ලංකාව මේ වසරේ පාස්කු ඉරිදා සමරන්නේ, වසරකට පෙර අපට අහිමි වූ අහිංසක ජීවිතවල අමිහිරි මතකයන් ද සමගයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අද දිවයින පුරා ඇඳිරි නීතිය පැවතියත් අප ඔවුන්ගේ පවුලේ සමීපතම සාමාජිකයන් සමඟ මෙන්ම පාස්කු ඉරිදා සමරන සෙසු ශ්‍රී ලාංකිකයන් ද මේ මොහොතේ සංවේදිව මතක් කර සිටිනවා. පාස්කු ඉරිදා දෙවියන් නමදින අවස්ථාවක එල්ලවු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන් අහිංසක මිනිසුන් 250 කට වැඩි පිරිසකගේ ජීවිත පැහැරගෙන ගොස් වසරක් ගත වී ඇතත් ලාංකිකයින් ලෙස අපට මෙම […]
April 12, 2020 0 Comments by Namal Rajapaksa in My Blog

කොරෝනා වසංගතය හේතුවෙන් අද දිවයින පුරා ඇඳිරි නීතිය පැවතියත් අප ඔවුන්ගේ පවුලේ සමීපතම සාමාජිකයන් සමඟ මෙන්ම පාස්කු ඉරිදා සමරන සෙසු ශ්‍රී ලාංකිකයන් ද මේ මොහොතේ සංවේදිව මතක් කර සිටිනවා. පාස්කු ඉරිදා දෙවියන් නමදින අවස්ථාවක එල්ලවු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන් අහිංසක මිනිසුන් 250 කට වැඩි පිරිසකගේ ජීවිත පැහැරගෙන ගොස් වසරක් ගත වී ඇතත් ලාංකිකයින් ලෙස අපට මෙම බරපතල සිදුවීම කිසිලෙසකින් අමතක කළ නොහැක.

එම ප්‍රහාර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම භිතීයට කළා පමණක් නොව, ත්‍රස්තවාදය ගෝලීය වශයෙන් තුරන් කළ යුතු තර්ජනයක් බවත්, රටක ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව සැමවිටම එහි සියලු පුරවැසියන්ගේ ඉහළම ප්‍රමුඛතාවය විය යුතු බවත් එය අපට මතක් කර දුන්නේය.

පාස්කු ඉරිදා යනු මෙරට මෙන්ම ලොව පුරා සිටින සියලුම කිතුනුවන්ට ප්‍රීතිමත් දිනයක් වුවත් වසරකට පෙර පාස්කු ඉරිදා එල්ලවු ප්‍රහාර නිසා තම ආදරණීයයන් අහිමි වූවන්ට මුහුණදීමට සිදුවුනේ ජිවිතයේ නපුරුම අත්දැකීමටයි. මෙම බියකරු අත්දැකීමට වසරක් ගතවී ඇතත්, මියගිය අහිංසක මිනිසුන්ගේ පවුල් වල නෑසිය මිතුරන් තවමත් තමන්ට සිදුවු අසාධාරණයට පිළිතුරු සොයමින් සිටියි. තම ආදරණීයයන් මෙතරම් බිහිසුණු ප්‍රහාරයකින්, පූජනීය දේවස්ථාන තුළ ත්‍රස්තවාදයේ නාමයෙන් ජිවිත හැරගිය බව ඔවුන්ට තවමත් අදහා ගත නොහැකිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ සඳහා වසරකට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රජය අතිශයින්ම වැදගත් තීරණ රැසක් ගත් අතර මේ දක්වා, ප්‍රහාරවලට සම්බන්ධ ප්‍රධාන මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට ඒ අනුව හැකි වී ඇති අතර, ප්‍රහාරවලට සම්බන්ධ සියලු දෙනා සහ අත්අඩංගුවේ පසුවන සියල්ලන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් පවතියි. මෑතකදීම එනම් මාර්තු 29 වන දින මඩකලපුවේ සියොන් දේවස්ථානයට බෝම්බ එල්ල කළ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. විමර්ශන කඩිනම් වී ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ පමණක් වන අතර ප්‍රහාරයන්ට සම්බන්ධ සෑම වැරදිකරුවෙකුටම නීතිය ක්‍රියාත්මක වන බවට අපට සහතික විය හැකිය.

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් නමුත් ලාංකිකයින් යනු ශක්තිමත් ජාතියකි. අපි වසර 30 ක යුද්ධයක් අපේ දිවයිනෙන් තුරන් කළ අතර මේ ආණ්ඩුවේ ශක්තිමත් නායකත්වය යටතේ ත්‍රස්තවාදයට නැවත අපේ දිවයිනට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොලැබේ. වසරකට පෙර තම ආදරණීයයන් අහිමි වූවන් මුහුණ දුන් අභියෝග තවමත් පවතින බව අපි දනිමු. ඔවුන්ගේ ශෝකය හා විලාපය කිසි විටෙකත් අපට අමතක කළ නොහැක. මෙම ඛේදවාචකය සිහිපත් වන විට , ඊට මුහුණ දුන් අහිංසක දරුවන් මෙන්ම ආදරණීයයන් අහිමි වූ පවුල්වල හිතවතුන් පිළිබදව මගේ හදවත තුළ තවමත් ඇත්තේ කම්පනයක්.

තරු පහේ හෝටල්වල පිපිරීම් වලින් පසු අපේ සංචාරක ව්‍යාපාරයට මෙම ප්‍රහාරය දැඩි බලපෑමක් ඇති කළේය. පාස්කු ත්‍රස්ත්‍ර ප්‍රහාරයන් සමග අප රටට සංචාරකයන් පැමිණීමේ අඩුවීමක් පෙන්නුම් කළ ද පසුගිය මාස 12 තුළ ලොවපුරා සංචාරකයින්ගේ විශ්වාසය යළිත් වරක් දිනා ගැනීම සමත් වුනා. මේ වනවිට යළිත් වරක් කොරෝනා ගෝලීය වසංගතය නිසා සංචාරක කර්මාන්තය අභියෝගයන් ලක්ව ඇති නමුත් අපි එම අභියෝග ජයගෙන අනාගතයේ යළිත් සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමට පූර්ණ ලෙස කටයුතු කරන්නෙමු.

ශ්‍රී ලංකාව තවදුරටත් රටක් ලෙස ඉදිරියට යායුතුව යද්දි. පාස්කු ත්‍රස්ත්‍ර ප්‍රහාර වලින් මියගිය අහිංසක ජනතාවගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අප වගකිවයුතු රජයක් ලෙස ක්‍රියා කරන්නේය. එමෙන්ම අන්තවාදී ත්‍රස්ත්‍රවාදය ද මුළුමනින්ම අතුගා දැමීමට ක්‍රීයා කර ඇති අතර යළි මෙරට තුළ අන්තවාදීන්ගේ ත්‍රස්ත්‍ර ප්‍රහරයකට අපි ඉඩ නොතබමු.

ත්‍රස්තවාදයට ආගමක් නැත. අදට වසරකට පෙර ත්‍රස්ත්‍රවාදීන් අපෙන් උදුරාගත් අහිංසකයින් පිළිබද මතකය තවමත් අප හදවතේ පවතින අතර නිවසේ රැඳී සිටියත්, අපි ඔවුන් සිහිපත් කරමින් ඉටිපන්දමක් පත්තු කරන්නෙමු. එමෙන්ම ඔවුන්ගේ පවුල් වල නෑදෑ හිතමිතුරන් ඉදිරියට යෑමට දිරිමත් කළ යුතු වනවා. ජාතියක් වශයෙන් අප කිසි විටෙකත් වැටී නැත. මෙම ප්‍රහාරයන්ගේ මතකයන් අපව දුර්වල කිරීමට කිසිලෙසකින් ඉඩ නොදෙමු.

අප සියලු ජන කොටස්වල සංස්කෘතින් හා උරුමයන් මතින් එකමුතුවෙන් ජිවත් වු ආඩම්බර ජාතියකි. අන්තවාදය පිටුදකිමින් අපි සියලු ජාතින්ගේ එකමුතුකම දිගටම පවත්වාගෙන යන්නෙමු.

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
Sri Lanka working round the clock to ensure safety of citizens stranded overseas
Next Post
කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන්හි පීඩාවට පත්ව සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට ශ්‍රී ලංකාවෙන් පැය 24 පුරා සේවාවක්.....

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
22m

Congratulations to @Yupun94 for renewing his 60m indoor record! Clocking 6.59 sec. bettering his previous record of 6.78 sec! Keep up the good work! Great things come to those who work hard! #ජයගමු 🇱🇰

Reply on Twitter 1353647020695810059Retweet on Twitter 13536470206958100591Like on Twitter 135364702069581005922Twitter 1353647020695810059
Retweet on TwitterNamal Rajapaksa Retweeted
Media_NRNamal Rajapaksa Media@Media_NR·
4h

Fake news alert 🚨
ව්‍යාජ ප්‍රවෘත්තියක් පිලිබඳ අනාවරණය. 🚨
போலி செய்தி எச்சரிக்கை 🚨

Reply on Twitter 1353586758932443136Retweet on Twitter 13535867589324431365Like on Twitter 135358675893244313617Twitter 1353586758932443136
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
20h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259427Like on Twitter 1353352773857902594204Twitter 1353352773857902594
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.