Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය හා උතුරෙන් ආණ්ඩුවට ලැබුණු රතු එළිය

  • Home
  • /
  • My Blog
  • / ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය හා උතුරෙන් ආණ්ඩුවට ලැබුණු රතු එළිය

ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය හා උතුරෙන් ආණ්ඩුවට ලැබුණු රතු එළිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්රය ඉකුත් ඉරිදා දිනයේදී කැම්බල් පිටියේදී පැවැත්විණි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක් නොවීමට සාමූහික තීරණයක් ගනු ලැබිණි. ඒ සඳහා කුමන හේතු බලපා ඇතිදැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම රටේ ජනතාවට දැනගැනීමට සැලැස්වීම මාගේ යුතුකමක් ලෙස දකිමි. මූලිකම කරුණ නම් ශ්‍රී ලංකා නිදහස් […]
September 5, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්රය ඉකුත් ඉරිදා දිනයේදී කැම්බල් පිටියේදී පැවැත්විණි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක් නොවීමට සාමූහික තීරණයක් ගනු ලැබිණි.

ඒ සඳහා කුමන හේතු බලපා ඇතිදැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම රටේ ජනතාවට දැනගැනීමට සැලැස්වීම මාගේ යුතුකමක් ලෙස දකිමි. මූලිකම කරුණ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පාවාදෙමින්  පක්ෂ ප්‍රතිපත්ති කඩාදමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට පාවාදීමෙන් පැවැත්වෙන සම්මේලනයකට එක්වීමට අපට හැකියාවක් නොමැත.

මේ වනවිට පක්ෂය ආරම්භ කළ බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසිනි.

සම්මුතිවාදී ආණ්ඩුවට තමන් එක්වූයේ පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරන කරුණකි. එසේ නම් බිහිකළ සම්මුතිවාදී ආණ්ඩුවේ සහජීවනයක් නොමැත. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් නොවූවා නම් එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තලා පෙළා දැමීමට කටයුතු කරයිද යන්න මේ ප්‍රකාශ තුළින් මතුවන ගැටලුවකි.

එසේ පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති කණ්ඩායම මේ වනවිට පක්ෂයේ කොඳු නාරටිය බවට පත්ව ඇති සමෘද්ධි නිලධාරීන්ට හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි කර තිබේ.

මේ  පිළිබඳ ජනතාවට යම් පහැදිලි අවබෝධයක් ලබාදිය යුතුය. පසුගියදා සම්ම්ත කළ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙකදී අදාළ කොට්ඨාසයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අයට එම කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොවේ.

මේ වනවිට එසේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 420 ක් පමණ සිටින බවට මාධ්‍ය මගින් අනාවරණය වී ඇත. මේ මන්ත්‍රීවරුන් සියල්ලන්ටම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අවසථාව අහිමි වනු ඇත.

මේ මන්ත්‍රීවරුන් 420 අතරින් බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමෘද්ධි නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ට මැතිවරණවලට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමි කිරීම නිසා වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පාක්ෂිකයන්ටය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට එක්වූ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පාක්ෂිකයන් ආරක්ෂා කළේ මේ අයුරිනි.

නිදහස් පක්ෂය කැම්බල් පිටියේදී 66 වැනි සංවත්සරය සමරන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සාර්ථකව දකුණු පළාතේ ජනහමු පවත්වමින් සිටියේය. මේ සඳහා ජනතාවගේ ඇති දැඩි උනන්දුව එම ජනහමුවලට එක්වූ මට පෞද්ගලිකව දැකගැනීමට ලැබිණි.

කෙසේ වෙතත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට තවමත් තීරණයක් ගෙන නොමැත. නමුත් මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂය පුළුල් සන්ධානයක් නිර්මාණය කරන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහාය  ලැබෙනු ඇත. මේ ලිපිය ලියන විටත් අප හා සම්බන්ධ වීමට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු සාකච්ඡා පවත්විමින් සිටිති. ලබන සතියේදී අපි දේශපාලන පෙරළියක් බලාපොරොත්තුවෙන් සිටිමු.

ආණ්ඩුව පනත් ඉදිරිපත් කිරීම හා ඒවාට සංශෝධන එකතු කරන ආකාරය කොතරම් දුරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට, ව්‍යවස්ථාවට පටහැනිදැයි ඔබට මීට ඉහතදී අපි දැනුවත් කළෙමු.

මෙවැනි ආකාරයට, ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙස කටයුතු කරන ආණ්ඩුවට උතුරත්, දකුණත් එකට එක්ව දැන් පිළිතුරු ලබාදීම ආරම්භ කර තිබේ. ඒ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා තුළ පරාජයට පත් වීම හේතුවෙනි.

මෙහිදී උතුරේදී එම පනත් කෙටුම්පත පරාජයට පත්වීමෙන් ආණ්ඩුවට දුන් රතු එළිය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා උතුරේ ජනතාව දැඩි කැපවීමක් කළ බව පැහැදිලි කරුණකි. අද වනවිට උතුරේ ජනතාව නියෝජනය කරන පළාත් සභාවේ ඒ ජනමතය වෙනස් වෙමින් යන බව පෙනෙන්නට ඇති බවට මෙය හොඳම උදාහරණයයි. දකුණේ තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

මේ අතර නේපාලයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 77 ක ආධාරයක් ලබාදුන් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දුන්නේය.

බෞද්ධයන් ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් සහාය දැක්වීම ගැන අපට ගැටලුවක් නොමැත. නමුත් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වයෙන් මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම, නියං තත්ත්වයන් යටතේ ගැටලුවට පත්ව ඇති ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලබා නොදීමට රජය අපොහොසත් වී ඇති අවස්ථාවක නේපාල ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට පැමිණීමයි.

ආණ්ඩුව ප්‍රදර්ශනය සඳහා වැඩ කරද්දීත්, නිවාස අමාත්‍යවරයා හම්බන්තොට සිටියදීත් ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් අපි තවදුරටත් නිහඬව සේවය කරමින් සිටිමු. එහි  තවත් එක් පියවරක් ලෙස කිරම ප්‍රදේශයේදී ගංවතුර හේතුවෙන් විපතට පත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර එය බාරදීමට අපට හැකියාව ලැබිණි. ගමේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ එකතු වීමෙන් මේ දේ කිරීමට හැකියාව ලැබිණි.

ලබන සතියේදී හමුවෙමු…

සුබ අනාගතයක්…

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
හවුල් ආණ්ඩුවේ අවුල්
Next Post
රාජ්‍ය සේවකයනි ප්‍රවේශමෙන්!

Related News

A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
February 25, 2021 by Namal Rajapaksa
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
9h

I pray for a speedy recovery of @RahulGandhi who has tested positive for #COVID19. I pray to see him back again strong and in good health.

Rahul Gandhi@RahulGandhi

After experiencing mild symptoms, I’ve just tested positive for COVID.

All those who’ve been in contact with me recently, please follow all safety protocols and stay safe.

Reply on Twitter 1384446941036122113Retweet on Twitter 13844469410361221136Like on Twitter 138444694103612211364Twitter 1384446941036122113
Retweet on TwitterNamal Rajapaksa Retweeted
ParliamentLKParliament of Sri Lanka@ParliamentLK·
12h

The official text of the prohibited sports stimulants for 2021 to be tabled in Parliament tomorrow (21) - Minister of Youth & Sports @RajapaksaNamal
https://www.parliament.lk/en/committee-news/view/2129/?category=33
#9thParliamentLK #lka #SriLanka

Reply on Twitter 1384393101800734723Retweet on Twitter 13843931018007347232Like on Twitter 138439310180073472322Twitter 1384393101800734723
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
19 Apr

Wish former Indian Prime Minister Dr. Manmohan Singh a speedy recovery from COVID19 and hope to see him back again in good and strong health.

Reply on Twitter 1384167683462090766Retweet on Twitter 138416768346209076637Like on Twitter 1384167683462090766332Twitter 1384167683462090766
Load More...
Archives
  • February 2021
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.