Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

රාජ්‍ය සේවකයනි ප්‍රවේශමෙන්!

  • Home
  • /
  • My Blog
  • / රාජ්‍ය සේවකයනි ප්‍රවේශමෙන්!

රාජ්‍ය සේවකයනි ප්‍රවේශමෙන්!

“ඇල්ලේ ගුණවංශ හිමිට ෆොන්සේකා කළ ප්‍රකාශය හෙළා දකිමි” පසුගිය සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක් බවට පත්වූයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාටත් ලබාදුන් නඩු තීන්දුවයි. කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව කිසිසේත්ම විවේචනය නොකරමි. මෙම නඩුවේදී බොහෝ අවස්ථාවලදී මට නීතිඥයෙකු […]
September 11, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

“ඇල්ලේ ගුණවංශ හිමිට ෆොන්සේකා කළ ප්‍රකාශය හෙළා දකිමි”

පසුගිය සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක් බවට පත්වූයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාටත් ලබාදුන් නඩු තීන්දුවයි.

කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව කිසිසේත්ම විවේචනය නොකරමි. මෙම නඩුවේදී බොහෝ අවස්ථාවලදී මට නීතිඥයෙකු ලෙස් එක්වීමට අවස්ථාව ලැබුණ අතරම, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විටත් මම අධිකරණයේ සිටියෙමි.

එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවේ පොලීසිය හා රජය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුය.

එම කරුණු අනුවත්, ලබාදුන් නඩු තීන්දුව අනුවත් මේ වන විට රාජ්‍ය සේවකයන් යම්කිසි තැතිගැනීමකින් සිටින බව නම් පැහැදිලිය. අනෙක් අතින් වර්තමානයේදී නීතිරීති නොසලකා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේදී අත්වන්නේද මෙම ඉරණමම බව මතකයේ තබාගත යුතු වෙයි.

වර්තමානයේදී රජය යටතේ එසේ කටයුතු කරන අවස්ථා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කරන්නෙමු. ප්‍රධානම කරුණ වන්නේ හම්බන්තොට කර්මාන්ත කලාපය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමයි. මෙහිදී සම්පූර්ණයෙන්ම රටේ නීතියට පටහැනිව රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයන් කටයුතු කරමින් සිටින අතර, මේවා අනාගතයේදී අධිකරණයට යනු ඇත.

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණ මුදලින් කොටසක් අග්‍රාමාත්‍යවරයා විසින්  කපිලවස්තුපුරය සංවර්ධනය කිරීමට වැය කළේය. (බෞද්ධයෙකු ලෙස එසේ මුදල් වෙන්කිරීම ගැන ගැටලුවක් නොමැත. නමුත් ගැටලුව වන්නේ නියමිත ක්‍රමවේදයට පටහැනිව එය සිදුකිරීමයි) ඒ සඳහා අත්සන් කළ රාජ්‍ය නිලධාරියාට මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි හම්බන්තොට වරාය බදු දීමෙන් ලැබෙන මුදල් වරාය සේවකයන්ට බෝනස් ලබාදීම වෙනුවෙන් අත්සන් කිරීමට නියමිත රාජ්‍ය නිලධාරියාටද අනාගතයේදී සිදුවන්නේ මේ දේමය.

මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් මුදල් යොදාගෙන රජයේ ඉහළම සේවකයෙකු පොතක් එළිදක්වා තිබුණි. මෙයත් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමකි. එයද ඉදිරියේදී අධිකරණයක් හමුවේ විසඳෙනු ඇත.

මධ්‍යම අධිවේගය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී රජයේ ටෙන්ඩර් ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට ඉදිරියේදී සිදුවන්නේ එම ඉරණමමය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා විරෝධය දක්වා ඒ සඳහා සිය නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබියදී ඔහුගේ නිරීක්ෂණ පවා නොතකමින් මෙසේ මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ලබාදී තිබුණි.

අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ඉදිරියට දමා ගනිමින් ආණ්ඩුවෙන්  විපක්ෂයට යෑමට නියමිත ඇතැම් පුද්ගලයන්  බියවැද්දවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. කෙසේවෙතත් ජනතාව බලාපොරොත්තු වන පෙරළිය මේ කිසිවකින් නැවැත්විය නොහැක. මෙම පිරිස නුදුරේදීම විපක්ෂයට එක්වනු ඇත.

ශ්‍රී ලංකාව බැට කෑ තිස් අවුරුදු යුද්ධයෙන් රට බේරාගැනීම වෙනුවෙන් රණවිරුවන් සුවිශේෂී මෙහෙයක් කළේය. ඒ සඳහා එවකට ජනපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් නායකත්වය ලබාදුන් අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සියලු කටයුතු සම්බන්ධීකරණය කළේය. එවකට සිටි හමුදාපතිවරුන් සිය රණවිරුවන් නිසියාකාරව මෙහෙයවමින් අවසානයේ යුද්ධය ජය ගත්තේය.

යුද්ධය ජය ගැනීමත් සමග කොටි ඩයස්පෝරාවේ මගපෙන්වීම අනුව නොයෙක් රටවල් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නට විය. මෙයින් රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතුය. ඒ රණවිරුවන් සිය ජීවිතය පවා කැප කරමින් උතුරත් දකුණත් යා කරමින් 30 වසරක සාපය අවසන් කළ හෙයිනි.

මේ සා කැපවීමක් කළ රණවිරුවන්ට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුද අපරාධ චෝදනා එල්ල කරන විට රජය පාර්ශ්වයෙන් ඒවා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට සිදුකළේ එවකට සිටි යුද හමුදාපතිවරයා රණවිරුවන් පාවාදීමය.

හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල වන විට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළේ ඔහු ආරක්ෂා කරනවා වෙනුවට ඔහු  අපරාධ කළ බවට ප්‍රකාශ කිරීමය.  මෙය කුමන ප්‍රතිලාභ අපේක්ෂාවන් කළ ප්‍රකාශයක්ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මේ ප්‍රකාශයත් සමගින් දෙමළ ඩයස්පෝරාව නැවතත් ක්‍රියාත්මක වී තිබේ. යුද්ධය කාල සීමාවේදී යුද හමුදාපති වශයෙන් ඔහු කළ මෙම අසත්‍ය ප්‍රකාශය බොහෝදෙනෙකු විශ්වාස කරනු ඇත. එය රටට ඉතාමත් අහිතකරය.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බවට ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම ගැටලුව අවසන් නොවනු ඇත. කළයුතු වන්නේ ඔහු කළ මෙම ප්‍රකාශය ඔහු ලවාම නිවැරදි කිරීමය.

මේ අතර ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූ රට වෙනුවෙන් සිය සේවය නොපිරිහෙළා ඉටුකරන ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේට පවා අපහාස කිරීමට ඔහු කටයුතු කළේය. බෞද්ධයෙකු වශයෙන් ස්වාමීන් වහන්සේනමකට ඔහු කතා කරන ආකාරයක බලා සිටීමට පවා නොහැකිය. ආණ්ඩුව අද බුදුදහමටත්, බුද්ධ චීවරයටත් ලබාදී  ඇති තැන මෙයයි.

සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයකින් වරදකරු වීමෙන් අනතුරුව ඔහුට බන්ධනාගාරගත වීමට සිදුවිය. මෙහිදී ඒ සඳහා විරෝධය පළ කළ ස්වාමීන් වහන්සේලා අතර ඉදිරියෙන්ම ඇල්ලේ ගුණවංශ හිමි සිටියහ. උන්වහන්සේ එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවා මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළහ. එසේම මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අසාධ්‍යව සිටි ෆොන්සේකා මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහුට සෙත්පැතූ හිමිවරුන් අතර ඉදිරියෙන්ම ඇල්ලේ ගුණවංශ හිමි සිටියහ. මෙවැනි ස්වාමීන් වහන්සේ නමකට ෆොන්සේකා මහතා ද්වේශ සහගතව කළ ප්‍රකාශය තරයේ හෙළා දැකීමටත් මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

ලබන සතියේදී යළිත් හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය හා උතුරෙන් ආණ්ඩුවට ලැබුණු රතු එළිය
Next Post
බැඳුම්කර කොමිසමත් යහපාලන නාටකයක් වෙන හැඩ

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
11h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259421Like on Twitter 1353352773857902594146Twitter 1353352773857902594
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
23 Jan

පුහුණු ශ්‍රමිකයින් ලෙස දෙස් විදෙස් රැකියා සඳහා තරුණයින් යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි.ඒ හරහා පවතින තරුණ විරැකියා ප්‍රතිශතය අඩු කිරීම අප අමාත්‍යංශයේ ඉලක්කයයි.විදෙස් භාෂාවන් ඉගැන්වීම හරහා දෙස් විදෙස් රැකියා වෙළඳපළට තරුණයින් යොමු කිරීම කාලෝචිතයි.ඒ සඳහා අප සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා

Ministry of Youth Affairs and Sports@MoYS_SriLanka

#ජයගමු 🇱🇰

Reply on Twitter 1352995880757039105Retweet on Twitter 13529958807570391054Like on Twitter 135299588075703910575Twitter 1352995880757039105
Retweet on TwitterNamal Rajapaksa Retweeted
MoYS_SriLankaMinistry of Youth Affairs and Sports@MoYS_SriLanka·
23 Jan

#ජයගමු🇱🇰

2
Reply on Twitter 1352826655312666626Retweet on Twitter 13528266553126666266Like on Twitter 135282665531266662663Twitter 1352826655312666626
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.