මෙරට 18 වැනි ක්‍රීඩා ඇමතිවරයා ලෙසින් 18 වැනිදා නාමල් වැඩ භාර ගනියි
මෙරට 18 වැනි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසින් පත්වූ නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා පෙරවරුවේ ඉතා චාම් අයුරින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අදාළ ධුරයේ වැඩ භාරගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. ජාතික කණ්ඩායමක් නියෝජනය කළ හා ජාතික කණ්ඩායමක නායකත්වය දැරූ ක්‍රීඩකයෙක් මෙරට ක්‍රීඩා ඇමැතිවරයා බවට පත්වන ප්‍රථම අවස්ථාව සටහන් කරමින් ඊයේ (12 වැනිදා) ඔහු ක්‍රීඩා සහ තරුණ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසින් දිව්රුම් දුන්නේය.
මෙරට රග්බි ක්‍රීඩාව සහ එහි ප්‍රවර්ධනයේ කැපී පෙනෙන චරිතයක් වූ නාමල් රාජපක්ෂ, 2004 වසරේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ද 2005 වසරේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ රග්බි කණ්ඩායමේ නායකයා ද වූ අතර මෑත ඉතිහාසයේ මහනුවර රග්බි ඒකාධිකාරයට අභියෝග කළ එකම කණ්ඩායම වන නාවික හමුදා රග්බි කණ්ඩායම මෙහෙයවමින් අන්තර් සමාජ රග්බි ක්ෂේත්‍රයේ පෙරළියකට මගපෑදූ ඔහු වර්ෂ 2013 දී ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේය.
යහපාලන ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මෙන්ම ඔහුගේ සොයුරන්ගේ ද ක්‍රීඩා දායකත්වයට අනේකවිධ කෙනෙහිළිකම් කරමින් ඔවුන්ව ක්‍රීඩාවෙන් ඈත්කර තිබූ නමුත් ඉන් වසර 5ක ඇවෑමෙන් නාමල් රාජපක්ෂ මෙරට ක්‍රීඩා ඇමැතිවරයා ලෙසින් දිව්රුම් දීම දෛවෝපගත අවස්ථාවක් බවට පත්විය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රිකට් පාලක මණ්ඩලය හා ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන 8ක් නාමල් රාජපක්ෂ මහතාගේ කැබිනට් අමාත්‍ය ධුරයට යටතට හිමිව තිබේ.
මෙවර අමාත්‍යංශ නම් කිරීමට අනුව ක්‍රීඩාවට අදාළ අනෙක් අමාත්‍යංශය වන ‘ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන’ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම දිනාගත් තේනුක විදානගමගේ මහතා ඊයේ (12 වැනිදා) දිව්රුම් දුන්නේය. එම අමාත්‍යංශය යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ජාතික ක්‍රීඩා සභාව, සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය යන ආයතන නම් කර ඇත.
මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වෙනසක් සිදුකරමින් වත්මන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා යන දෙදෙනාගෙන් කෙනෙකු පත්වීමට නියමිත බවද සැලවේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
Leave a Reply