මහින්ද මෛත්‍රිට දුන්නෙ වේගයෙන් දියුණු වෙන රටක් මෛත්‍රි ගෝඨාභයට දුන්නෙ ආර්ථිකය පහළටම වැටුණු රටක්
ජේ. බණ්ඩාර – ගිරිබාව
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් පැරදිලා යන වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දුන්නේ වේගයෙන් දියුණු වෙමින් තිබුණ රටක්. එහෙත් රටේ අවාසනාවට අවුරුදු පහකට පස්සේ සිරිසේන උන්නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට භාර දුන්නේ ඇෆ්ගනිස්තානයටත් වඩා ආර්ථිකය පහළ වැටිච්ච රටක්. යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සෝලේවැව ගම්මානයේ පැවති ජනහමුවක දී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
‘‘පහුගිය අවුරුදු පහක කාලය තුළ යහපාලන ආණ්ඩුව විනාශ කරපු රට නැවත ගොඩගැනීම වර්තමාන රජයට පැවරුණ ලොකු වගකීමක්. යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශයට පත් කෙරුවා. ආර්ථිකය විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හදවත් තුළ තිබුණ සාරධර්ම පවා විනාශ කරලා දැම්මා. සහරාන්ලාගේ ප්‍රහාරය වෙලාවේ කිසිම වගකීමක් නැතුව වැඩ කෙරුවා. පාලකයෝ ගැන මිනිස්සුන්ගේ හදවත් තුළ ලොකු කලකිරීමක් ඇති කෙරුවා. ඒ නැති කරපු හැම දෙයක්ම යථා තත්ත්වයට කඩිනමින් පත් කරන වගකීම අපි භාර ගන්නවා. ඒ කටයුතු කිරීම සඳහා අලුත් ආණ්ඩුවට ප්‍රබල ජනවරමක් අවශ්‍ය වෙනවා. ඒකයි අපි තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා හිටින්නේ.
සිරිසේන – රනිල් හවුල් ආණ්ඩුවෙන් නැත්තටම නැති කරපු ආර්ථිකය යළි ගොඩ ගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සූදානම් වුණා විතරයි කොරෝනා වසංගතය ඇවිල්ලා ඒ වැඩ අවුල් වුණා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රට වටේ කියාගෙන යනවා කොරෝනා නිසා වැටුණ ආර්ථිකය නැවත ගොඩ ගන්ඩ එයාට රට භාර දෙන්නලු. එයාට අමතක වෙලා වෙන්ඩ ඇති රටේ ආර්ථිකය වැටුණේ කොරෝනා නිසා නෙමෙයි යහපාලන ආණ්ඩුව නිසා බව.”
මුල් පුවත සදහා : පිවිසෙන්න
Leave a Reply