Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

බැඳුම්කර පාඩුව හිලව් කිරීමට සමෘද්ධිය කැපීම

  • Home
  • /
  • My Blog
  • / බැඳුම්කර පාඩුව හිලව් කිරීමට සමෘද්ධිය කැපීම

බැඳුම්කර පාඩුව හිලව් කිරීමට සමෘද්ධිය කැපීම

2015 වසරේදී සිදු වූ බැඳුම්කර වංචාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතදීත් කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේය. ඊට පෙරාතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ගේ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීය. එම කමිටු වාර්තාවට කුමක් සිදුවීද […]
August 7, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

2015 වසරේදී සිදු වූ බැඳුම්කර වංචාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතදීත් කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේය. ඊට පෙරාතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ගේ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීය. එම කමිටු වාර්තාවට කුමක් සිදුවීද යන්න පිළිබඳ දැනගැනිමට නොහැකි වූ අතර, එහිදී වරදක් සිදුව නොමැති බවට සඳහන් වූ බව එකල වාර්තා විය.

මේ පිළිබඳ කෝප් කමිටුවද වාර්තාවක් සකස් කළේය. මත දෙකක සිටියද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී බැඳුම්කර වංචාව පිළිබඳ රටට හෙළි කිරීමට ආණ්ඩුවේ බලවත් පීඩනය හමුවේ කටයුතු කළ ආකාරයට ස්තුතිය ප්‍රකාශ කළ යුතුය. බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන විට කෝප් කමිටුව දෙකට බෙදුණි. නමුත් අවසානයේදී එක් වාර්තාවක් පැමිණි අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු එයට පාදක සටහන් දැමූහ.

කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී සිදුවන සාක්ෂි විභාගය අනුව රවි කරුණානයක මහතා පිළිබඳ මේ වනවිට සමස්ත රට තුළම කතිකාවතක් නිර්මාණය වී තිබේ. අප පවසන්නේ ඔහු එක් පුද්ගලයෙකු පමණක් බවයි. මේ වනවිට සමස්ත වංචාවම රවි කරුණනායක මහතා පිට දමා ඇඟ බේරාගැනීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

එසේම රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, එම පැමිණිල්ලේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් පැහැදිලි චිත්‍රයක් නොමැත.

රවි කරුණානයක මහතාගේ සිදුවීමත් සමගින් ඔහුගේ  බිරිඳ හා දියණියක්ද මේ වනවිට බැඳුම්කර ගනුදෙනුවට අදාළව නම් කියැවෙන චරිත බවට පත්ව ඇත. ඒ සඳහා පවුලේ උදවියගේ නම් යොදාගැනීම පිළිබඳ අපි කනගාටුවට පත්වෙමු. එමෙන්ම රවි කරුණානායක මහතාගේ දියණිය කළ ප්‍රකාශයක් අන්තර්ජාලයේ දැකගත හැකි වූ අතර, එහිදී ඇය සඳහන් කර තිබුණේ මීට වඩා ලොකු අය ආණ්ඩුවේ සිටින බවයි. මේ ප්‍රකාශය ඇය වගකීමෙන් කළ ප්‍රකාශයක්ද, එසේත් නොමැති නම් කම්පනයට පත්ව කළ ප්‍රකාශයක්ද යන්න සිතාගැනීමට අපහසුය. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ පවත්වන කොමිසම මේ පිළිබඳවද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව මගේ අදහසයි.

එමෙන්ම මහ දවල්, මහ බැංකුවේ සිදු වූ මහා හොරකම සාධාරණීකරණය කිරීමට කෝප් කමිටු වාර්තාවට පාදක සටහන් එක් කළ අය මෙන්ම, මහ බැංකු බැඳුම්කර වංචාව සාධරණීකරණය කිරීමට පොත් රචනා කළ අයද ආණ්ඩුවේ සිටිති. මේ පිළිබඳවද සමාජය තුළ වැඩි කතාබහකට ලක්ව ඇත. සමාජයේ ඇතැම් පාර්ශ්ව පවසන්නේ පාදක සටහන් මෙන්ම, පොත් රචනා කර ඇත්තේ මෙම ගනුදෙනුව හරහා අනියම් වාසි ලබාගත් අය බවයි. ඒ අනුව සමාජයේ පැතිර යන මෙම මතවාද පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වෙයි. ඒ හරහා ඇතැම්විට තවත් වැදගත් සාක්ෂි කිහිපයක්ම විශ්වාස කළ හැකිය.

මේ අතර ආණ්ඩුව සමෘද්ධිලාභීන් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. වාර්තා වන ආකාරයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් සමෘද්ධිය අහිමි වූ පවුල් සංඛ්‍යාව 12,000 ක් පමණ වෙයි. වියළි කාලගුණයෙන් මෙන්ම ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආණ්ඩුව එල්ල කරන තවත් පීඩනයක් ලෙස මෙම සමෘද්ධි කප්පාදුව හැඳින්විය හැකිය. අසරණ ගොවි ජනතාවට ආසන්න වශයෙන් කන්න තුනක් පමණ වගා කිරීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය බිඳ වැටී ඇත. අනෙක් අතින් සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද ඉහළ ගොස් තිබේ. මෙවැනි අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට ලබා දී ඇති සමෘද්ධිය කප්පාදු කිරීම නොව ජනතාවට තවදුරටත් සහන ලබාදීමට කටයුතු කිරීමයි.

ජනතාවට එදිනෙදා කුලී වැඩ කරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ආර්ථිකය එන්න එන්නම කඩාවැටෙමින් තිබේ. තවත් අවුරුදු දෙක තුනකින් ජනතාව විශාල ගැටලුවකට මුහුණදෙනු ඇත.

හම්බන්තොට වරාය චීනයට විකුණා ලබාගත් මුදල් හරහා රටේ ණය බරෙහි වෙනසක් සිදු නොවන බව අපි පසුගිය සතියේදි පැහැදිලි කර පෙන්වීමු. පසුගියදා පැවැති වරාය සංවත්සර උත්වසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් මුදලක් ලබාදෙන බවට කළ ප්‍රකාශය මේ සඳහා හොඳම උදාහරණයයි. රටේ ප්‍රාග්ධන වත්කම් විකුණා හෝ බදු දීමෙන් ලැබෙන මුදල් පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

එසේම වරාය චීනයට පැවැරීමෙන් සිදුවූයේ අනාගතයේදී ඩොලර් උල්පතක් බවට පත්වීමට තිබූ  වටිනා සම්පතක් අහමි කර ගැනීමකි. අනෙක් අතින් එයින් ලැබෙන මුදල් ආණ්ඩුව එදිනෙදා අවශතා වෙනුවෙන් යොදාගැනීම හරහා තවදුරටත් රටේ ණය බර වර්ධනය වෙනු ඇත.

මේ සඳහා හොඳ උදාහරණයක් දිය හැකිය. මේ සිදුව තිබෙන්නේ ගෙදර  සිටින බේබදු තාත්තා නිවසේ සිටින කිරි එළදෙන මස් කඩයට ලබාදීම වැනි වැඩකි. මස් කඩයට කිරි එළදෙන විකුණා  ලැබෙන මුදලින් මත්පැන් පානය කර, ලැබුණු මුදල් අවසන් වූ විට ගෙදරට කිරිවැස්සිත් නැත, කිරි ටිකත් නැත. හම්බන්තොට වරායටද සිදුවූයේ එවැනි දෙයකි.

ඔබට සුබ අනාගතයක්!

ලබන සතියේදී යළිත් හමුවෙමු!

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
මාධ්‍ය නිදහස හා දේශපාලන පළිගැනීම්
Next Post
බැඳුම්කරය යට ගහන්න රාජපක්ෂ භීතිකාව යළි එයි

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
1h

Congratulations to @Yupun94 for renewing his 60m indoor record! Clocking 6.59 sec. bettering his previous record of 6.78 sec! Keep up the good work! Great things come to those who work hard! #ජයගමු 🇱🇰

Reply on Twitter 1353647020695810059Retweet on Twitter 13536470206958100591Like on Twitter 135364702069581005922Twitter 1353647020695810059
Retweet on TwitterNamal Rajapaksa Retweeted
Media_NRNamal Rajapaksa Media@Media_NR·
5h

Fake news alert 🚨
ව්‍යාජ ප්‍රවෘත්තියක් පිලිබඳ අනාවරණය. 🚨
போலி செய்தி எச்சரிக்கை 🚨

Reply on Twitter 1353586758932443136Retweet on Twitter 13535867589324431365Like on Twitter 135358675893244313617Twitter 1353586758932443136
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
21h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259427Like on Twitter 1353352773857902594204Twitter 1353352773857902594
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.