පෙරටුගාමීන්ට පහරදීම නාමල් හෙළාදකී.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට පෙරේදා (9 වැනිදා) පොලිසිය විසින් කළ පහරදීම තරයේ හෙළාදකින බව අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ එම පහරදීම පිළිබඳව කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි. එම ට්විටර් පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.
‘පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මෑත කාලීන හැසිරීම නිසා කොවිඩ් 19 කාලය තුළ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව කළ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කනගාටුදායකයි. විරෝධතාවයේ නිරත අයට ඊයේ පහරදීම සිදුවීම මා තරයේ හෙළා දකින අතර කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු යැයි ඉල්ලා සිටිමි.
අරුණ පුවත් පත
මුල් පුවත සදහා : https://bit.ly/3cPiywb
Leave a Reply