ප්රභාකරන්ගේ ම්ලේච්ඡ පාලනය කාලේ සුමන්දිරම්ලා හිටියේ කොහේද? – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ලුණම සමූහ-සනත් ගමගේ (දිණමින පුවත්පත)
මේ රටේ දැන් මිලිටරි පාලනයක් සිදුවනවා කියන එක ගැන කථාකරන්න සුමන්දිරම් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බවත්, ප්රභාකරන් උතුර ම්ලේච්ඡ පාලනයක් කරන කාලේ සුමන්දිරම් මහත්තයලා හිටියේ කොහේද කියා තමා විමසා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.ඔහු මේ බව සදහන්කලේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙලෙසද කිය.
සුමන්දිරම් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පළකරන්න.මොකද මේ අය මේ ආණ්ඩුවට උදවු කරන අය නෙමෙයි.ඒ අය උදවුකරන්නේ එජාපයට .ඒකෙ කොටස් කරුවෝ. මේ කරන්නේ එජාපයේ මෙහෙයුමක්.එජාපය අවුරුදු 05ක් ආණ්ඩුවේ ඉදලා චන්දය දීපු දමිළ ජනතාවට කිසිදු සේවයක් කරන්නේ නැතිව ඒ ජනතාවගේ චන්දය එජාපයට පාවල දීපු සුමන්දිරම් මහත්තයා අද නැවත වතාවක් එජාපයේ අවශ්‍යතාවයන්ට කටයුතු කරනවා.බලන්න අද ගෝඨාභය මහත්තය කොතරම් සාධාරණව මේ මැතිවරණ කාලයේදී හැසිරෙනවද කියලා.තමන් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට නියෝගයක් දෙනවා කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වෙන්න එපා කියලා.ඒ නිලධාරීන් පත්කළේ ඒ රාජ්‍ය ආයතනයේ කටයුතු සදහා පමණයි කියලා.ඉතින් එවැනි පාලනයක් අද මේ රටේ තියෙනකොට සුබන්දිරම් මහත්තයට කියන්න දෙයක් නැතිවෙනකොට මිල්ටරි පාලනයක් ගැන කතාකරනවා. ප්රභාකරන් උතුර පාලනය කරන කාලේ සුමන්දිරම් මහත්තයල කොහෙද හිටියේ. එතකොට මේ මිල්ටරි තිබ්බේ නැද්ද.දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්රභාකරන් ඉවරකරලා දමිල ජනතාවට චන්ද බලය ලබාදීපු නිසානේ. දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා එන්න එන්නම දමිල ජනතාවත් ඒ අයට චන්දය දෙන්නේ නැහැ කියලා. ප්රභාකරන් හිටියනම් සුබන්දිරම් මහත්තයලාගේ පක්ෂය හැමදාම රජ කරනවා. අද ඒගොල්ලන්ට රජ කරන්න බැරිවෙලා තියෙන්නේ ප්රභාකරන් නිසා.අන්න ඒ නිසා තමයි අද ඒ තරහට මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ.
මෙරට නීතියට අවනත නොවී මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්දධයෙන් ආණ්ඩුවක් විදියට අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. පෞද්ගලිකවම මම ඒ ගැන කනගාටුවෙනවා. මොකද වගකිවයුතු රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වියානා කන්වකේෂන් එකට හැංගිලා මේ ලෝකෙම සෞඛ්‍ය අර්බුධයකට මුහුණපාලා තිබෙන අවස්ථාවේ එක එක රටවල් වල සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට ගරු කරන්නේ නැතිව හැසිරීම පිළිබදව අපි කනගාටු වෙනවා. මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න බලධාරීන් වගකියන්න ඕන කියන කාරණය අපි ප්‍රකාශ කරනවා.ඒවගේම මේ වගකිවයුතු රාජ්‍යයන් වල රාජ්‍ය නායකයන් නිසා රාජ්‍ය යාන්ත්රණයන ඉල්ලන්නේ කරුණාකරලා මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ රටවල් වල මේ වෙලාවේ පවතින තත්වය පාලනය කරන්න නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කරුණාකරලා එකට අනුගත වෙන්න ඒවාට ගරුකරන්න.තමන්ගේ තානාපති වරප්‍රසාද වලට හැංගිලා තමන්ගේ රටේ හයිය පෙන්නන්න සූදානම් වෙන්න එපා මොකද ඒ තුල අපහසුතාවයට ලක් වෙන්නේ මේ ලෝකයේ ජනතාව විතරක් නෙමෙයි ඒ රටවල් වල ආණ්ඩුවත් අපහසුතාවයට ලක්වෙනවා.මොකද මේ කොරෝනා කොහේ ඉදලද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනාවානේ. දැන් එක එක රටවල් වලට ඇගිල්ල දික්කරන්න යන්නේ.
ඉතින් මේ වගේ දේවල් වුනාම අපිටත් හිතෙන්නේ මේ රටවල් සැලසුම් සහගතව කොරෝනා අන් අපේ රටවල් වලට එවනවා කියල හිතෙනවා.
මුල් පුවත : https://bit.ly/2MUcHv2
Leave a Reply