Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

නව සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රීඩාව ඉදිරියට යා යුතුයි. එල්.පී.එල්. මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියයි.

  • Home
  • /
  • My Blog Sinhala
  • / නව සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රීඩාව ඉදිරියට යා යුතුයි. එල්.පී.එල්. මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියයි.

නව සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රීඩාව ඉදිරියට යා යුතුයි. එල්.පී.එල්. මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියයි.

COVID-19 සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට අවසර ලබා දුන්නා. මේ වසරේ එල්.පී.එල් තරඟාවලිය දිවයිනේ පැවැත්වෙන පළමු ක්‍රීඩා තරඟාවලිය වන අතර එය මෙරටට දීර් කාලයක් තිස්සේ අවශ්‍යව තිබු තරගාවලියකි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු අප රට ක්‍රිකට් ඔස්සේ රැකගත් […]
November 8, 2020 0 Comments by Namal Rajapaksa in My Blog Sinhala

COVID-19 සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට අවසර ලබා දුන්නා.

මේ වසරේ එල්.පී.එල් තරඟාවලිය දිවයිනේ පැවැත්වෙන පළමු ක්‍රීඩා තරඟාවලිය වන අතර එය මෙරටට දීර් කාලයක් තිස්සේ අවශ්‍යව තිබු තරගාවලියකි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු අප රට ක්‍රිකට් ඔස්සේ රැකගත් කීර්ති නාමය මෑත වසරවල යම් පසුබෑමකට ලක්වු බව අප හැමෝටම පිළිගැනීමට සිදුව ඇති කරුණක්. විශේෂයෙන්ම එක්දින හා 20-20 ක්‍රීකට් ක්‍රීඩාවේ පසුබෑම ඒ අතරින් ප්‍රධානයි. මේ තත්ත්වයට දේශීය ක්‍රිකට් ක්‍රිඩාවේ තරගකාරීත්වය අඩුවීම ඇතුළු කාරණාවක් බලපා ඇතිබව පෙනී යනවා.

දිගු කලක් තිස්සේ එල්.පී.එල්. තරගාවලියක් පැවැත්වීමට මෙරටදී උත්සාහ කළ නමුත් එම යෝජනාවන් කිසිවකට සාකච්ඡාවලට වඩා ඉදිරියට යාමට හැකියාවක් ලැබුනේ නෑ. කෙසේ වෙතත්, මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සති කිහිපයකට පසු, මෙම යෝජනාව යළිත් වරක් මගේ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර, එය යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මග පෙන්වනු ලැබුවා. තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සහතික කිරීම සඳහා සියලු ක්‍රියා පටිපාටි අඛණ්ඩව සිදු වෙමින් පවතින අතර, කෙසේ වෙතත් මෑත සතිවලදී COVID-19 වසංගතය දිස්ත්‍රික්ක කිහිපයක් පුරා පැතිරයාම හේතුවෙන් අපට යම් පසුබෑමකට ලක්වන්නට සිදුවුනා. තරඟාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ තරග විකාශන කටයුතු කරන ආයතනයේ සාමාජිකයන් මෙහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් තරඟාවලිය ඉදිරියට යා හැකිද යන්න සහ ක්‍රීඩකයන්ගේ සහ ප්‍රාදේශීය මහජනතාවගේ ආරක්ෂාව අඩාල වේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වුනා.

කෙසේ වෙතත්, COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය යාන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා කරන ලද අතර තරඟාවලියට පෙර සහ අතරතුර දැඩි ලෙස ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ද කතාබහ කළා. මෙම මාර්ගෝපදේශ හා සැලසුම් අනුගමනය කරමින්, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම සෞඛ්‍ය බලධාරීන් සමඟ එකගවු යෝජනාව යළිත් වරක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත රැගෙන ගියා. සියලු මාර්ගෝපදේශ අධ්‍යයනය කිරීමෙන් පසු COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ යළිත් සාකච්ඡා කර සංවිධායකයින්ට තරගාවලිය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවසරය හිමිවුනා.

COVID-19 වසංගතය තුළ පවා ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට ඇති කැපවීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාවරයා ලෙස මා අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට ප්‍රශංසාව පිරිනමනවා. කොරෝනා වෛරසයෙන් මහජනතාව ආරක්ෂාකාරී කිරීමට ජාතියට නායකත්වය දෙන අතරම, ආර්ථිකය හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ක්‍රියා කිරීම මෙම නව සාමාන්‍ය තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය කරුණක් බව එතුමන්ලා පිළිගන්නා බවට මෙම තීන්දුව කදිම නිදසුනක් .කොරෝනා වෛරසය ලොව පුරා විනාශයට හේතු වී ඇති අතර, රටවල් අගුලු දැමීමට බල කෙරී ඇති අතර, අප රට ද මෙම තීරණාත්මක අවස්ථාවේදි ජනතාවගේ ජීවනෝපායන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහ කොරෝනා වෛරසයෙන් ඇතිවන බලපෑම අවම කිරීමට පියවර ගෙන ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. සෞඛ්‍ය පිළිබදව ගෝලීය විශේෂ දැනුම ඇති පුද්ගලයන්ට අනුව, වසංගතට විසදුමක් බොහෝ දුරට නොපෙනෙන බැවින්, කොරෝනා වයිරසයත් සමඟ ලෝකයට දැන් නව සාමාන්‍යයකට හැඩගැසීමට සිදුව තිබෙනවා.

එල්.පී.එල්. තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලබා දුන් අවසරයෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරඟාවලිය තවත් සතියක් කල් දමා නොවැම්බර් 26 වනදා ආරම්භ කිරීමට තීරණය කළා. සියලුම තරඟ සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කොරෝනා වසංගතයට මුහුණදීමට විද්‍යාත්මක බබලයක් හරහා තරගාවලිය පැවැත්වීමට තීරණය වී තිබෙනවා. මෙම සංකල්පය යටතේ, සියලුම කාර්ය මණ්ඩල, සහායක කාර්ය මණ්ඩල, දේශීය ක්‍රීඩකයින් සහ විකාශන කාර්ය මණ්ඩලය තරඟාවලිය ආරම්භ වීමට පෙර දින 14 ක නිරෝධායනයකට භාජනය වන අතර සියල්ලන්ම PCR පරීක්ෂණවලට භාජනය වනවා. තරඟාවලියට සහභාගී වීමට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණයට භාජනය වන අතර ඔවුන් දින 7 ක නිරෝධායනයකට ලක් වනවා.

එල්.පී.එල්. සංවිධානය කිරීමට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මා සහතික වනවා. මෙම අවස්ථාවේදි තරඟාවලිය පැවැත්වීමේ අවශ්‍යතාවය ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන අතර, ශ්‍රී ලංකාව ද COVID-19 ලෝකයේ ‘නව සාමාන්‍යයට’ හැඩගැසෙන අතර ජාතියේ ආර්ථික ප්‍රගතිය ශක්තිමත් කිරීම කෙරෙහි බැරෑරුම් ලෙස සොයා බැලිය යුතු කාලය මෙය බව මා විශ්වාස කරනවා. අනෙකුත් රටවල් දැනටමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සත්කාරකත්වය ලබා දීම අරඹා ඇති අතර ක්‍රිකට් යනු ක්‍රීඩාවක් හෝ විනෝදාස්වාදයක් පමණක් නොවේ.එය ලාංකීය ජාතියේම බලාපොරොත්තුවයි. ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය, රට ප්‍රවර්ධනය කිරීම මෙන්ම සැලකිය යුතු ආර්ථික ස්ථාවරත්වයක් ඒ හරහා ළගා කරගැනීමට අපට හැකිවනවා.

ශ්‍රී ලංකාව දැන් ඉදිරියට ගොස් ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව අනෙකුත් සියලුම ක්‍රීඩාවලදී ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එමගින් සෘජු හා වක්‍ර රැකියා අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. තවද මෙය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දක්ෂතා වර්ධනය කර ගැනීමට සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් වගේම ගෝලීය අවස්ථාවන් ද මේ හරහා නිරාවරණය වනු ඇත.මෙරට තුළ දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින නමුත් ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඇති බාධාවන් ඉවත් කිරීමට මෙම අවස්ථාවන් හරහා අපට හැකියාව ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

තවද, අන්තර්ජාතික තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකාව සතු ක්‍රීඩාංගණය ලබා දීමේ හැකියාව පිළිබඳව ද මා සාකච්ඡා කරමින් සිටිනවා.ක්‍රිකට් ක්‍රීඩාංගන පමණක් නොව, අප සතු සුදුසු පහසුකම් ඇති පාපන්දු, රග්බි සහ වෙනත් ක්‍රීඩාංගන ද ඒ සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙම සෑම පියවරකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සලකා බලන බවටත්, ඒ සදහා මාගේ අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන බවටත් මා සහතික වනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මාගේ වගකීමයි. එසේ කිරීමෙන් රටේ ප්‍රගතියට වාසි සැලසෙනවා. මෙමඟින් අත්‍යවශ්‍ය විදේශ විනිමය රට තුළට ගෙන එන අතර, ශ්‍රී ලංකාව කදිම ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතිනවා.එමගින් මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමත් වෙමින්, රැකියා උත්පාදනය වන බැවින් දහස් ගණනකට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනවා.

අවශ්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මා උපරිමයෙන් කටයුතු කරන අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලින් මා ඉල්ලා සිටින්නේ සෑම තරගාවලියකම විනිවිදභාවය පවත්වාගෙන ‍යමින්, වංචාව දුෂණය පිටුදකිමින් ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ඒවා සංවිධානය කරන ලෙසයි. මාගේ නායකත්වය යටතේ තරඟාවලි වල විනිවිදභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවට මා සහතික වනවා.

පශ්චාත් COVID-19 ලෝක තත්ත්වයක් තුළ මට වගේම ඔබ හැමෝටමටත් මුහුණදීමට සිදුවන අභියෝග තිබෙනවා. රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මහජනතාව හා රට වෙනුවෙන් එම අභියෝගය භාරගැනීමට මා සුදානම්. කොරෝනා වසංගතයත් සමග අද වන විට ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශවී ඇති අතර එම නව මාවතේ ගමන් කිරීමට මා මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
In this new normal, the game must go on. LPL to be the first International sports event to be held in Sri Lanka
Next Post
My Interview with "The Morning" News Paper | Youth and Sports Minister Namal Rajapaksa to restructure sports sector and create opportunities.

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
10h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259420Like on Twitter 1353352773857902594139Twitter 1353352773857902594
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
23 Jan

පුහුණු ශ්‍රමිකයින් ලෙස දෙස් විදෙස් රැකියා සඳහා තරුණයින් යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි.ඒ හරහා පවතින තරුණ විරැකියා ප්‍රතිශතය අඩු කිරීම අප අමාත්‍යංශයේ ඉලක්කයයි.විදෙස් භාෂාවන් ඉගැන්වීම හරහා දෙස් විදෙස් රැකියා වෙළඳපළට තරුණයින් යොමු කිරීම කාලෝචිතයි.ඒ සඳහා අප සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා

Ministry of Youth Affairs and Sports@MoYS_SriLanka

#ජයගමු 🇱🇰

Reply on Twitter 1352995880757039105Retweet on Twitter 13529958807570391054Like on Twitter 135299588075703910575Twitter 1352995880757039105
Retweet on TwitterNamal Rajapaksa Retweeted
MoYS_SriLankaMinistry of Youth Affairs and Sports@MoYS_SriLanka·
23 Jan

#ජයගමු🇱🇰

2
Reply on Twitter 1352826655312666626Retweet on Twitter 13528266553126666266Like on Twitter 135282665531266662663Twitter 1352826655312666626
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.