තමන් ඇතුළු රජය පසුගිය යහපාලන රජය මෙන් තම විරුද්ධවාදීන් මර්ධනය සදහා අනිසි බලය භාවිතා නොකරන බව නාමල් කියයි
පසුගිය රජය කළාක් මෙන් තම විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සදහා ඔවුනට එරෙහිව ඇති තවමත් විමර්ශනය කොට අවසන් නැති චෝදනා වෙනුවෙන් ඔවුන්ව සිරගත කිරීමට තමන් නියෝජනය කරන රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සෑම කෙනෙකුටම තම නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට අවස්ථාව ලැබිය යුතු බවත්, යම් හෙයකින් පසුගිය රජයේ හෝ වෙනත් ඕනෑම තරා තිරමක අයෙකු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තහවුරු වන්නේ නම් ඔවුනට එරෙහිව තදින් නීතය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කරන ලදී.
Leave a Reply