Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

ඩෙංගු වසංගතයක් වීමේ වරද කාගෙද?

  • Home
  • /
  • My Blog
  • / ඩෙංගු වසංගතයක් වීමේ වරද කාගෙද?

ඩෙංගු වසංගතයක් වීමේ වරද කාගෙද?

අප මීට ඉහතදී “කුරහන් සුවඳ” ලිපි තීරුව හරහා ඔබව දැනුවත් කළ කරුණක් මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම හරහා රජයටත්, ජනතාවටත් අනිසි විපාක සිදුවෙන බවට අප ඔබව දැනුවත් කළ අතර, මේ හරහා සමාජ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන බවත්, එහිදී කසළ ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා බවත් අපි සඳහන් කළෙමු. […]
June 19, 2017 0 Comments by Namal Rajapaksa in My Blog

අප මීට ඉහතදී “කුරහන් සුවඳ” ලිපි තීරුව හරහා ඔබව දැනුවත් කළ කරුණක් මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම හරහා රජයටත්, ජනතාවටත් අනිසි විපාක සිදුවෙන බවට අප ඔබව දැනුවත් කළ අතර, මේ හරහා සමාජ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන බවත්, එහිදී කසළ ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා බවත් අපි සඳහන් කළෙමු.

එය යථාර්ථයක් වී ඇත්තේ ඩෙංගු රෝගය මේ වනවිට වසංගතයක් බවට පත්ව ඇති බැවිනි. මේ වනවිට ඩෙංගු රෝගීන් 70000කට ආසන්න වීමට පැමිණ ඇති අතර, රෝහල්වල ඇඳන් ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස් තිබේ. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉක්ම ගොස් තිබේ.

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල හා මහනුවර වැනි ජනාකීර්ණ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන අතර, ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින කසළ එදිනෙදා බැහැර කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇතිව තිබෙන අපිරිසුදු බව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබේ.

ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රජයේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවේ ආණ්ඩුවට ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රශ්න පමණක් බවත්, එයින් එකක් කසළ ප්‍රශ්නය වෙන බවත්ය.

ජනාධිපතිවරායට කසළ පිළිබඳව ගැටලුව කුඩා ප්‍රශ්නයක් නම් එය විසඳීමට දැන් ඕනෑ තරම් කල්ගත වී තිබේ. නමුත් ඒ පොඩි ප්‍රශ්නයවත් ආණ්ඩුවට විසඳාගත නොහැකිනම් ඉතිරි ප්‍රශ්න ගැන කතා කිරීමෙන් පලක් නොමැත.

පළාත් පාලන යාන්ත්‍රණය බිඳවැටීම හේතුවෙන් සිදුවූ අනිසි ප්‍රතිඵල දැන් ජනතාවට දරාගැනීමට සිදුව තිබේ. මේ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ජනපති මන්දිරයට කැඳවා කොළඹ කසළ ගැටලුව දින තුනක් ඇතුළත විසඳන ලෙස ඔහුට උපදෙස් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයතු කළ බව සඳහන් වේ. කොළඹ කසළ පිළිබඳ ගැටලුවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට අවවාද කිරීම පලක් නොවන්නේ මේ ගැටලුව ඇතිවීමට මූලික බීජය වන්නේ යහපාලන ආණ්ඩුව වන හෙයිනි.

පළාත් පාලන මැතිවරණය පවත්වා කොළඹ මහනගර සභාව, දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව, කෝට්ටේ මහනගර සභාව ඡන්දය පැවැත්වූවා නම්, කසළ ගැටලුව විසඳෙනු ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනුයේ චක්‍රලේඛ බිඳ දමමින් හෝ ජනතාවට සේවය සපයන ලෙසය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයන් හඳුන්වා දෙමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් පවා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

2014 වසරේදී ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදියෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් හඳුන්වා දෙනු ලැබීය. නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයට අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ව බන්ධනාගාරගත කර ඔවුන්ට එරෙහිව කටයුතු කළේය.

ජනාධිපතිවරයා අලුත් චක්‍රලේඛ හරහා නීතිය හඳුන්වා නොදෙන අතර, කතාවට පමණක් නීතියට පිටින් වැඩ කිරීමට රාජ්‍ය සේවකයන්ට උපදෙස් ලබැදීම පමණක් සිදුකරයි. ඩෙංගු ඇතුළුව විවිධ විපත්වලින් ගැටලුවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුවට අවශ්‍ය නම්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකළ යුතු වන්නේ නව චක්‍රලේඛයක් හඳුන්වා දෙමින් ජනතාවට වරප්‍රසාද හා සහන ලබාදීමය. පසුව රාජ්‍ය සේවකයන්ට එය අනුගමනය කරමින් කටයුතු කිරීමට අවස්ථාව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට විනය පරීක්ෂණ පවත්වන බවට සඳහන් කර තිබේ. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජීවතුන් අතර සිටියේනම්, විනය පරීක්ෂණ පවත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නොව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති කඩා විනාශ කළ වත්මන් නායකයන්ටය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය, ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට කටයුතු කළේය. අප එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී රට බෙදීමට සහාය නොදැක්වීම මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට හේතුව නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිබඳව අපි කනගාටු වන්නෙමු.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගන්නවා වැඩිය. රට අගාධයට යන බව පවසමින් ජනතාව රවටා බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මේ වනවිට විශාල ලෙස ණය ලබාගනිමින් තිබේ. 2017 වසරේ අයවැය අනුව මේ වසරේ ලබාගත හැකි ණය ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වත්මන් ආණ්ඩුව මාස හයක් තුළ ලබාගෙන අවසන්ය. ඒ අනුව ඉතිරි මාස හයක කාලය සඳහා ආණ්ඩුවට ණය ලබාගත හැක්තේ තවත් සියයට 20ක් වැනි ප්‍රමාණයකි.

කුමන අයුරින් පම්පෝරි ගැසුවද මේ ආණ්ඩුවට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බව ජනතාවට දැන් හොඳින්ම තේරී අවසන්ය. මේ අවුරුද්දේ නොවැම්බර් හා දෙසැම්බර් වනවිට රට ආර්ථික වශයෙන් දරුණු අගාධයකට පත්වීමට නියමිතය. ආණ්ඩුව ණය ලබාගත්තද එම ණය භාවිත කරමින් සිදුකළ සංවර්ධනයක් හෝ වෙනත් දෙයක් පෙනෙන්නට නොමැත. ආණ්ඩුව වහාම ණය භාවිත කරමින් කළ දේ පිළිබඳව ජනතාව පැවසීම අත්‍යවශ්‍ය කරුණකි.

ලොකයේ තෙල් මිල දිගින් දිගටම අඩුවීම හේතුවෙන් ආණ්ඩුවට ලැබුණු වාසිය ඩොලර් බිලියන 4.3ක් පමණ වෙයි. තෙල්වලින් රටට ලැබුණු මුදල්වලින් ශ්‍රී ලංකාවේ ණයෙන් ප්‍රමාණවත් මුදලක් ආපසු ගෙවීමටත් අවස්ථාව තිබිණි. ඉන් ඉතිරි වූ මුදලට සිදුවූ දෙයක් පෙනෙන්නට නොමැත.  

තවදුරටත් මහින්ද රාජපක්‍ෂට හෝ පැවැති ආණ්ඩුවට බැණ වැදීමකින් තොරව මේ ආණ්ඩුව කළ යුතු වන්නේ රට ගොඩනැගීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමය. ජනාධිපතිවරයා පත්වී අවුරුදු දෙකහමාරක පමණ කාලයක් ගතව තිබුණද ජනතාවට, රටට දැනෙන වෙනසක් ඇතිකිරීමට ඔවුන් අපොහොසත්ව තිබේ.

ලබන සතියේදී යළිත් හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
සංවේදීව උමා ඔය දෙස බලමු
Next Post
මෙගා බොරු හා ලිච්ඡවී පාලනය

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
10h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259420Like on Twitter 1353352773857902594139Twitter 1353352773857902594
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
23 Jan

පුහුණු ශ්‍රමිකයින් ලෙස දෙස් විදෙස් රැකියා සඳහා තරුණයින් යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි.ඒ හරහා පවතින තරුණ විරැකියා ප්‍රතිශතය අඩු කිරීම අප අමාත්‍යංශයේ ඉලක්කයයි.විදෙස් භාෂාවන් ඉගැන්වීම හරහා දෙස් විදෙස් රැකියා වෙළඳපළට තරුණයින් යොමු කිරීම කාලෝචිතයි.ඒ සඳහා අප සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා

Ministry of Youth Affairs and Sports@MoYS_SriLanka

#ජයගමු 🇱🇰

Reply on Twitter 1352995880757039105Retweet on Twitter 13529958807570391054Like on Twitter 135299588075703910575Twitter 1352995880757039105
Retweet on TwitterNamal Rajapaksa Retweeted
MoYS_SriLankaMinistry of Youth Affairs and Sports@MoYS_SriLanka·
23 Jan

#ජයගමු🇱🇰

2
Reply on Twitter 1352826655312666626Retweet on Twitter 13528266553126666266Like on Twitter 135282665531266662663Twitter 1352826655312666626
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.