Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

ජනපතිට අමතක 21 වැනි සියවස

  • Home
  • /
  • My Blog
  • / ජනපතිට අමතක 21 වැනි සියවස

ජනපතිට අමතක 21 වැනි සියවස

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉඩ ලබා දෙන ලෙස කළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස අපේ ගැටලු පවතී නම්, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේද අපම හෙයින් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද සිය […]
October 21, 2018 0 Comments by Namal Rajapaksa in My Blog

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉඩ ලබා දෙන ලෙස කළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස අපේ ගැටලු පවතී නම්, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේද අපම හෙයින් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විදේශීය මැදිහත්වීමක් සම්බන්ධයෙන් පාර කැපුවේද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙම ආණ්ඩුව බව සඳහන් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව, එංගලන්තය, මැසඩෝනියාව, මොන්ටිනෙග්‍රෝ ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙන ආ යෝජනාවලියට ශ්‍රී ලංකාවද සමඅනුග්‍රහය දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ ගැටලු පවතී නම්, එය විසඳීම වෙනුවෙන් විදේශීය මැදිහත්වීමට රජය අවස්ථාව දුන් බව ජනතාවට අමතක නැත.

එම යෝජනාවලිය ගෙන එන විට රටේ විධායක ජනපතිවරයා වශයෙන් විරුද්ධ වීමට ඔහු කටයුතු කළේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙවැනි ඉල්ලීමක් වර්තමානයේදී කිරීමට සිදු නොවනු ඇත. මෙම සමුළුවට සමගාමීව ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මතභේදාත්මක ප්‍රකාශයක් කළේය. ඒ යුද්ධයේ අවසන් සති දෙක තුළ සිදු වූ සිදුවීම් පිළිබඳවය.

ඔහු සඳහන් කළේ, එම සති දෙකේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පැවැති හෙයින් එවක හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, හමුදාපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයාද රටින් පිටව ගිය බවත්, ඒ හේතුවෙන් තමන්ට අවසන් සති දෙකේදී ආරක්‍ෂක ඇමතිකමේ වැඩ බැලීමට සිදූ වූ බවත්ය.

මේ සම්බන්ධයෙන් එවක යුද හමුදාපති වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැහැදිලි පිළිතුරක් ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව මට මෙහිදී යමක් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය නොවුණද, ජනතාව වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැවසීම මගහැරීමටද නොහැකිය.

අවුරුදු දෙකයි, මාස නවයක කාලයක් පුරා පැවැති යුද්ධයෙන් කිසිදු අවස්ථාවක පැන යෑමට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක ලේකම්වරයා හෝ එවකට ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන්ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා කිසිවෙකුට අවශ්‍යතාවක් නොතිබිණි.

ජාත්‍යන්තර බලපෑම් හමුවේ පවා ආරක්‍ෂක අංශයන්ට පීඩනයක් නොදී යුද්ධයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය. එයිනුත් නොනැවතී ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් මාගේ මල්ලී යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදාවට එක් කිරීමටද මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

එතැනින් නොනැවතී ආරක්‍ෂක අංශවල අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය නොතකමික් අපගේ විරෝදාර හමුදාවන් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදවාගත් ප්‍රදේශ වෙත ගොස් පෞද්ගලිකවම රණවිරුවන් හමුවී ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළේය. මෙවැනි කැපවීමක් කළ නායකයෙකුට යුද්ධයේ අවසන් සති දෙකේදී එයින් පලායෑමට අවශ්‍යතාවක් නොවිණි.

එසේම ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳ මට හැඟීමක් නොවේ. නමුත් එතුමා දැන සිටිය යුතු කරුණක් වන්නේ ලෝකයම මේ වන විට විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බවයි. ඇමෙරිකාවේදී කරනු ලබන ප්‍රකාශයක් එම මොහොතේම ජනතාවට අසීමට, දැකීමට අවස්ථාව තිබේ. මේ බව ඔහුට අමතක වී ඇත. මීට වසර තිහ, හතළිහකට පෙර පොළොන්නරුවේදී කළ ප්‍රකාශයකට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් කොළඹදී කිරීමට හැකියාවක් තිබිණි. නමුත් විසිඑක්වැනි සියවසේදී නම් එවැනි දේ කිරීමට අවස්ථාවක් නොමැත.

අනෙක් අතින් ජාත්‍යන්තරය පවසන පරිදි යුද්ධයේ අවසන් කාලයේදී මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සිදුව ඇත්තම් ඒ සඳහා වගකිව යුතු පුද්ගලයෙකු ලෙසද ජනාධිපතිවරයා හැඳින්විය හැකිය. අවසාන වශයෙන් මේ පිළිබඳ ප්‍රකාශ කිරීමට ඇත්තේ සිය ජනපති ධුරයේ අවසන් මාස කිහිපය ගතකරමින් සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමේ අදහසින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි.

රුපියල අවප්‍රමාණය වීමට ස්ථිර විසඳුම් නොදී මේ වන විට මුක්කු විසඳුම් ගසමින් රට ඉදිරියට පවත්වාගෙන යෑමට රජය කටයුතු කරමින් සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ වවනවාට අඩුවෙන් විදේශයෙන් ආහාර ගෙන්වා ජනතාවට ලබාදිය හැකි බවයි. පොල් මිල ඉහළ යන විට එක්සත් ජාතික පක්‍ෂයේම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ ලංකාවේ මිලට වඩා අඩුවෙන් පොල් ආනයනය කර ලබාදිය හැකි බවයි. මේ වන විට ඔවුන්ම ප්‍රකාශ කරන්නේ අපනයන ආර්ථිකයක් ලෙස රට දියුණු කිරීමට අවශ්‍ය බවයි. නමුත් ආණ්ඩුව දැන් එය සිදු කිරීමට උත්සාහ කරන විට සියලු දේ සිදුව හමාරය.

මෙයින් පැහැදිලි වන්නේ අවුරුදු හතරක් තිස්සේ ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රධානව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි බවට ඔවුන් පිළිගෙන ඇති බවයි. පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී මේ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබිණි. ක්‍රමයෙන් ආනයන සීමා කරමින් ඒ සඳහා ආදේශක රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ අතර, එහි අතිරික්තයන් අපනයනය කිරීමේ සැලසුමක්ද අපට තිබිණි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආනයන සීමා කිරීමට කටයුතු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය ලබාදීම වසර එකහමාරකට කල් දැමීමට කටයුතු කිරීමය. කෙසේ වෙතත් මේ වන විට සියලු මන්ත්‍රීවරුන් තමන්ට හිමි බලපත්‍ර යොදා ගනිමින් වාහන ගෙන්වා අවසන්ය. එවැනි තත්ත්වයක මෙවැනි තීරණයක් ගත්තේ හුදු ජනතාවගේ පැහැදීමක් අපේක්‍ෂාවෙන් වුවද, මේ වන විට එහි නිරුවත  ජනතාව හමුවේ හෙළිව තිබේ. ජනතාවට පටි තදකර ගැනීමට  පවසමින් ඇමතිවරුන්ට වාහන ගෙන්වූ ආණ්ඩුව මෙම තීරණයෙන් පසුව තවදුරටත් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්විය.

නමුත් මෙම තීරණයේ බලපෑම ඇතිව තිබෙනුයේ අහිංසක රාජ්‍ය සේවකයන්ටය. අවුරුදු ගණනාවක් වැඩ කිරීමෙන් පසුව ඔවුන්ට හිමි වන වාහන බලපත්‍රය පවා ඔවුන්ට අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

පසුගිය දින කිහිපයේදී නැගෙනහිර පළාතේ ජනතාව සමග දින කිහිපයක් ගතකිරීමට අවස්ථාව ලැබුණු අතර, එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්ව දේශපාලන ප්‍රවාහයට පැමිණි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නැතහොත් අප සියලු දෙනාම දන්නා “පිල්ලෙයාන්” හමුවීමටද අවස්ථාව ලැබිණි. මඩකලපුව බන්ධනාගාරයට ගොස් ඔහු සමග කෙටි සාකච්ඡාවකටද එක්වූ අතර, වසර තුනකට අධික කාලයක් තිස්සේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජය කටයුතු කර තිබේ. එසේම ජනතාව සමග පැවැති සාකච්ඡාවලදී ඔවුන් සඳහන් කළේ, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පසුව කිසිදු සංවර්ධනයක් සිදු නොවූ බවයි. එසේම ඔවුන් දැඩි ආර්ථික අපහසුතා සඳහා මුහුණ දී සිටින අයුරු සියැසින්ම දැක ගැනීමට අවස්ථාව ලැබිණි.

ලබන සතියේදී යළිත් හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
එක්වන්නේනම්, ජනතාව වෙනුවෙනි
Next Post
ආනයන සීමා කිරීම විධිමත්ම කළ යුතුය

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
46m

Congratulations to @Yupun94 for renewing his 60m indoor record! Clocking 6.59 sec. bettering his previous record of 6.78 sec! Keep up the good work! Great things come to those who work hard! #ජයගමු 🇱🇰

Reply on Twitter 1353647020695810059Retweet on Twitter 13536470206958100591Like on Twitter 135364702069581005922Twitter 1353647020695810059
Retweet on TwitterNamal Rajapaksa Retweeted
Media_NRNamal Rajapaksa Media@Media_NR·
5h

Fake news alert 🚨
ව්‍යාජ ප්‍රවෘත්තියක් පිලිබඳ අනාවරණය. 🚨
போலி செய்தி எச்சரிக்கை 🚨

Reply on Twitter 1353586758932443136Retweet on Twitter 13535867589324431365Like on Twitter 135358675893244313617Twitter 1353586758932443136
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
20h

#SoSriLanka captured in many creative forms by our talented YouTubers, as we open our doors to travellers, I comment the ministry of #tourism for its efforts to revive the nation’s hospitality industry. @tourismlk

Reply on Twitter 1353352773857902594Retweet on Twitter 135335277385790259427Like on Twitter 1353352773857902594204Twitter 1353352773857902594
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.