Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

කොරෝනා නිසා විපතට පත් ලාංකීය ආර්ථිකයට පණ දෙන්න සැරසෙන “#ReStartSriLanka “

  • Home
  • /
  • LinkedIn
  • / කොරෝනා නිසා විපතට පත් ලාංකීය ආර්ථිකයට පණ දෙන්න සැරසෙන “#ReStartSriLanka “

කොරෝනා නිසා විපතට පත් ලාංකීය ආර්ථිකයට පණ දෙන්න සැරසෙන “#ReStartSriLanka “

මාරාන්තික කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ව්‍යාපාර හා වෙළෙදසැල් වසා දමා දින 52 ක ආර්ථිකමය පසුබෑමකට පසුව, ඊයේ සිට මෙරට ආර්ථිකය යළි පණගැන්වීම මහජනතාවගේ සහනයට හේතු වන බව සැක රහිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම රාජ්‍ය ‍යාන්ත්‍රණය එක්ව මාස 2කට ආසන්න කාලයක් පුරා රට පුරා ඇඳිරි […]
May 12, 2020 0 Comments by Namal Rajapaksa in LinkedIn My Blog

මාරාන්තික කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ව්‍යාපාර හා වෙළෙදසැල් වසා දමා දින 52 ක ආර්ථිකමය පසුබෑමකට පසුව, ඊයේ සිට මෙරට ආර්ථිකය යළි පණගැන්වීම මහජනතාවගේ සහනයට හේතු වන බව සැක රහිතයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම රාජ්‍ය ‍යාන්ත්‍රණය එක්ව මාස 2කට ආසන්න කාලයක් පුරා රට පුරා ඇඳිරි නීතිය පනවා මේවනවිට කොරෝනා වසංගත තත්ත්වය යම් පාලනයකට නතු කර, රටේ ආර්ථිකය පණ ගැන්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුලිකත්වයෙන් ක්‍රියාවට නැංවීම සඳහා කොළ එළියක් දල්වා තිබෙනවා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්යන්හි ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් තම සේවා ස්ථාන සඳහා සිය නිවෙස් තුළින් පිටවීමත් සමග කොළඹ සෙමෙන් සෙමෙන් ජීව නගරක් බවට පත්වීම සතුටට කරුණකි. ඊටත් වඩා දිරිගන්වන කාරණය නම්, මේ දක්වා පුද්ගලයින් 850 කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති කොරෝනා වෛරසය පැතිරීම තුරන් කිරීමේ සටනට සහය දැක්වීම සඳහා සියලු ජනතාව වගකීම් සහගතව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවත්වා ගෙන යන ආකාරයයි. කොරෝනා පරාජය කිරීමේ සටනේදී ජීවිත 9 ක් අහිමිවු බව අප අමතක යුතු නෑ.
කොරෝනා වෛරසයට එරෙහි මෙම යුද්ධයේදි අප දැන් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කරගත් මේ මොහොතේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට “#ReStartSriLanka “ නම් ජාතික ව්‍යාපාරය දියත් කළා. මහා පරිමාණ මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම සහ ඔවුන්ට සහාය වීම මෙම ජාතික ව්‍යාපාරයේ පදනමයි. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය සහිතව මෙම ව්‍යාපෘතිය දියත් කලේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයයි. අපේ ආර්ථිකයට පැහැදිලි ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාරවලට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය උපකාර සපයන මෙම ජාතික ව්‍යාපාරයේ කොටස්කරුවකු වීම ගැන මම ද ආඩම්බර වනවා.

ශ්‍රී ලාංකිකයින් සෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය පන්නරය හිමි ශක්තිමත් ජාතියක් වන අතර අපි කිසි විටෙකත් කිසිදු සටනක් පරාජය වී නැහැ. දශක තුනක් පැවති ත්‍රස්ත්‍රවාදී යුද්ධයේ සිට පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර දක්වාම මෙරට ආර්ථිකය යම් යම් පසුබෑම් වලට ලක්වුවද කාලයක් ගතවීමෙන් හෝ අප ජාතියක් ලෙස නැවත එම පසුබැසීම් ජයග්‍රහණයට මාවත ලෙස සකස් ගැනීමට සමත් වු බව ඉතිහාසය අපට සාක්ෂි සපයනවා. මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් අපේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවුවද අප වර්තමානයේ ආයෝජන සඳහා කදිම ස්ථානයක් මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්ව තිබීම, සුබවාදී අනාගතයක් ගැන බලාපොරොත්තු තැබිය හැකි සංකේත බව කිව හැකිය. කොරෝනා වසංගත යුද්ධය මධ්‍යයේ නැවත අපි රට පණගැන්වීම ආරම්භ කරන විට, නැවත වරක් අපගේ ව්‍යාපාර ඉහළ මට්ටමකට ගෙන මෙන්ම ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ,ආයෝජන කේන්ද්‍රස්ථානයට කරා රැගෙනයාමට ද අප ජාතියක් ලෙස අදිටන් කර ගත යුතුය.

කොරෝනා ගෝලීය වසංගතයට එරෙහි මෙම සටන අප සියල්ලන්ම පරීක්‍ෂාවට ලක් කළ අතර අප නිවෙස්වලට වී සිටි කාලයේදි ලාංකිකයින් ලෙස අපගේ සැබෑ හැකියාවන් දකින්නට ලැබුනා.වෛරසයට මුහුණ දී සිටියදී උසස් තත්ත්වයේ මුහුණු ආවරණ, පීපීඊ, ස්ක්‍රබ් සහ හුස්ම ගැනීමේ ආධාරක යන්ත්‍ර වැනි අත්‍යවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනය කළ බව ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බරයෙන් කිව හැකියි. අපි අපේම විෂබීජ නාශක කුටි, සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනය,ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා අපගේ ආයුර්වේද ඖෂධ පරීක්‍ෂා කළ අතර වෛරසය පිළිබඳ අපගේම පර්යේෂණ ආරම්භ කළා. තවද, මිනිසුන් සොබාදහමට වඩාත් සමීපවී ඇති අතර ආහාරවල වැදගත්කම තක්සේරු කිරීමට පටන් ගෙන තිබෙනවා. මේනිසාම තම ආහාර භෝග නිවෙස්වල වගා කිරීමට පටන්ගෙන ඇත. මා මාර්තු මාසයේ ආරම්භ කළ ගෙවතු වගා අභියෝගය අද රට පුරා ව්‍යාප්ත වී තිබේ.

අද වන විට, ලාංකිකයින් සියලු දෙනාගේ එකමුතුකම හා වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රජා අතර වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා. කොරෝනා ගෝලීය වෛරසයට කිසි විටෙකත් ලාංකිකයින්ගේ ශක්තිය බිඳ දැමීමට හැකිවුණේ නැති බව මා ආඩම්බරයෙන් මතක් කරනවා.කොරෝනා ගෝලීය වසංගතයෙන් බැට කෑ ඇතැම් රටවල් අනාගතයේදි සීමාවන් ලිහිල් කිරීමට පටන් ගන්නා විට අපනයන වෙළඳපොල යළි විවෘත වනු ඇත. නමුත් පශ්චාත් කොරෝනා වසංගත ලෝක තත්වය තරමක් වෙනස් වනු ඇත. ඉල්ලීම් වෙනස් වනු ඇත. නිෂ්පාදන අවශ්‍යතා වෙනස් වනු ඇත. සංචාරක අංශය වෙනස් වනු ඇත. ඒ සඳහා අප දැන් සිටම සූදානම් විය යුතුයි.

ශ්‍රී ලංකාවේ අපට ඇති වාසිය නම් අපගේ හැකියාවන් අප දැනටමත් අවබෝධ කරගෙන ඇති අතර ලොව පුරා අපගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනටමත් ගෝලීය වෙළෙඳපොළ තුළ නිෂ්පාදන ඉල්ලීම් අධ්‍යයනය කිරීම අරඹා තිබීමයි. එමඟින් දේශීය නිෂ්පාදන ඉක්මනින් ගෝලීය වෙළඳපොළට පිවිසීමේ වාසිය අප රටට ලබා ගත හැකිය.ව්‍යාපාරයන් ද ආනයන වෙළඳපොළ අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති අතර පශ්චාත් කොරෝනා වසංගත තත්ත්වය තුළ ලෝක වෙළඳපොළට මෙරට නිෂ්පාදන වලින් වඩාත් ගැලපෙන්නේ කුමක්ද යන්න අවබෝධයකින් මෙරට ව්‍යාපාරකයින් ද පසුවනවා. ශ්‍රී ලංකාවට යළිත් සිය පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට අවශ්‍ය දිගු මාවතක් කොරෝනා වසංගතය හරහා නිර්මාණය වී තිබෙනවා. ඒ 30 වසරක යුද්ධයේ අවසානයෙන් පසු අප ගමන් කළ මාර්ගයට හා සමාන මාර්ගයක්. අපි එවකට එම දුෂ්කර මග ගෙවා දැමුවේ නම්, අපට අද ද එම මග ගමන් කළ හැකිය.

“#ReStartSriLanka “ ජාතික ව්‍යාපාරය සමඟ ඔබට වගේම රටටත් සාර්ථකත්වයට යන මාර්ගය පහසු වනු ඇත.
ඒ වෙනුවෙන් රටට යළි පණ දෙන්න, ව්‍යාපාර පණගන්වන්න ක්‍රියා කළ සැමට මම සුබ පතමි. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් සුරක්ෂිතව සිටින ලෙසත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
Sri Lanka launches 'Restart Sri Lanka' as economic activities resume
Next Post
11 years ago, we restarted Sri Lanka after defeating the war, 11 years later lets restart the country once again

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
19h

Heartening to see the kind of passion & love @rohanbopanna has towards tennis & his commitment towards developing youngsters for the future. Hope you’ll be able to extend your support to the upcoming tennis players in #SriLanka too. Wishing you best of luck in the @AustralianOpen

Rohan Bopanna@rohanbopanna

Want to provide youngsters with everything I didn’t have: Rohan Bopanna https://www.olympicchannel.com/en/stories/features/detail/want-to-provide-youngsters-with-everything-i-didn-t-have-rohan-bopanna/

Reply on Twitter 1351389081104572418Retweet on Twitter 13513890811045724182Like on Twitter 135138908110457241847Twitter 1351389081104572418
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
18 Jan

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka

https://bit.ly/3qu3BqD

Reply on Twitter 1351006312398811136Retweet on Twitter 135100631239881113614Like on Twitter 1351006312398811136151Twitter 1351006312398811136
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
16 Jan

HE @narendramodi vision for #StartUpIndia has not only revolutionized the Indian #startup eco system in #india but @BimstecInDhaka & the globe! Thank you Hon @PiyushGoyal for inviting me. Proud moment for #LKA that @PickMeLK was also recognized today! 🙏🏽 #ජයගමු 🇱🇰 @IndiainSL

2
Reply on Twitter 1350480817613545475Retweet on Twitter 135048081761354547516Like on Twitter 1350480817613545475224Twitter 1350480817613545475
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.