කුරුණෑගල පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය සුබ මොහොතින් ඇරැඹේ
පෙරේදා (12 වැනිදා) පස්වරු 12.12ට පැළ 12ක් සිටුවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැළ දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු, මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දී පැවැත්විණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ පනස්දාහකින් ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් මෙම පැළ දෙලක්ෂ පනස් දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 31,000ක් සහභාගී කරවාගෙන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සහභාගී විය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැළ ලක්ෂයක් සිටුවන බවට අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ගෙවතුවල පලතුරු, ඖෂධීය ශාක සිටුවීමද සිදුකෙරෙනු ඇත.
මෙහි විශේෂත්වය වනුයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමය.
මුල් පුවත සදහා : සති අග අරුණ
Leave a Reply