එකාවන්න නොපෙනෙන සතුරෙකුට සටන් කළ අයුරු.
2019 වසරේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ අති බහුතර ඡන්දනයෙන් ශ්‍රී ලංකාවේ අභිනව ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විය.
2015 වසරේදී බලයට පත් රජයට අප ලබාදුන් ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වූ ආර්ථිකය 2019 වසරේදී නැවතත් අපට ලබාගැනීමට සිදුවූයේ ආසියාවේ අසාර්ථකම ආර්ථික වර්ධනයක් ඇති රටක් ලෙසිනි.
අපගේ ආර්ථික වර්ධනය ඉදිරියෙන් පැවැතියේ ඇෆ්ගනිස්ථානයට පමණි. නමුත් රාජපක්ෂවරුන්ට අභියෝගවලට මුහුණදීම එතරම් ගැටලුවක් නොවේ. ඒ අනුව කඩා වැටුණු රට අප ක්‍රමයෙන් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේ දේශීය ගොවියා, ව්‍යවසාකයා දිරිමත් කරමිනි.
පොහොර සහනාධාරය ලබාදෙමින් අප නැවතත් අපෙගේ කෘෂි ආර්ථිකය නංවන අතරේම යළිත් වරක් කර්මාන්ත, සේවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව ජීවයක් ලබාදුන්නේ අවශ්‍ය බදු සහන බදු විරාම ලබාදෙමිනි.
මේ සියලු දේවල් අප සිදුකරනු ලැබුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාවට නංවමිනි. එසේම පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැතිවය.
මෙවැනි ආකාරයට අප කටයුතු කරමින් සිටින විට මින් පෙර අප මුහුණ නොදුන් නොදකින සතුරෙක් සමග සටන් වැදීමට සිදුවිය. ඒ නව කොරෝනා වසංගතයට එරෙහි සටනය. මේ සටනද අප මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ජයගනිමින් සිටින්නෙමු.
ඒ සඳහා ජනපති හා අගමැතිගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධි අංශ. රාජ්‍ය සේවකයන් අති විශේෂ දායකත්වයක් ලබාදුන්නේය. නමුත් මේ ක්‍රියාවින්තය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මහජනතාව ලබාදුන් දායක්තවය අමතක නොකළ යුතුය.
රජය ඇතුළු සියලු අංශ ලබාදුන් උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් ඔවුන් කටයුතු කිරීම මේ වසංගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය වටපිටාව ඇතිවිය.ජනතාව ඒ දායකත්වය ලබානොදුන්නාම් අපට මේ තරමට සාර්ථක වීමට අවස්ථාවක් නොවුණි. 30 අවුරුදු යුද්ධය පරාජය කරීමේදී ජනතාව දැක්වූ දායක්තවමය මෙවර කොරෝනා වසංගතයට එරෙහි සටනේදී ජනතාව දායකත්වය දැක්වීය.
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වය පෙන්නුම් කළ මූලිකම සාධකය වූයේ අප හඳුනාගන්නා රෝගීන්ගෙන් සියයට 99.9ක්ම නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වීමය.
රජය ඒ ආකාරයෙන් කටයුතු කරන විට ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමැසීම වෙනුවෙන්ද රජය කටයුතු කළ යුතු විය. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් ජනපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට අප කටයුතු කළෙමු.
මෙම කාර්ය සාධක බලකාය ජනතාවට අවශ්‍ය සියලු දේ ඉතාමත් සාර්ථකත්ව බෙදා හරිමින් සිටින විට ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දායක්තවය දැක්වීය.
ඒ අනුව මා නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ වැඩපිළිවෙළ පිළිබඳව යම්තාක් දුරකට හෝ ඔබව දැනුවත් කිරීමට මම අදහස් කළෙමි. 68වර්ක කිලෝමීටර් 2609ක විශාලත්වයකින් යුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 188422ක් තුළ ජීවත්වන ජනතාවගේ සංඛ්‍යාව 654688කි.
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වැඩිහිටි දීමනා ලෙස ලක්ෂ 991, ආබාධිත දීමනා ලෙස ලක්ෂ 170ක්, සමෘද්ධී දීමනා ලෙස ලක්ෂ 4225ක්, ගොවි විශ්‍රාම වැටුප් ලෙස ලක්ෂ 451ක්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා ඇතුළුව ලක්ෂ 5870ක ප්‍රතිලාභ 117412ක් වන ජනතාවට ලබාදීහමට හැකියාවක ලැබුණි.
මීට අමතරව විවිධ වර්ගවල සහල, සීනි, පරිප්පු, සීනි, ලූණු, මිරිස්, විවිධ ධානය, හාල්මැස්සන්, සැමන්, අල ආදී වශයෙන් වියළි ආහාර කිලෝ 1000000 පමණ බෙදා හැරීමට අවස්ථාව ලැබුණි. මෙම භාණ්ඩ සතොස හා සමූකාර හරහා පමණක් බෙදා හැර ඇති ප්‍රමාණය වෙයි.
එසේම ජනතාව වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් ප්‍රමාණය 4587ක් වෙයි.
අනෙක් අතින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ හාල් සම්බන්ධනයෙන්ද මෙහිදී ඔබව දැනුවත් කළ යුතු වෙයි. ඉදිරි මාස කිහිපයකට ප්‍රමාණවත් වි තොග මේ වන විටත් හම්බන්තොට දිස්ත්‍රික්කය සතුව පවතී. මේ වන අස්වනු නෙලා ඇති බිම් ප්‍රමාණය හෙකටයාර 34000ක් වන අතර තවත් නෙලීමට ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 2000ක් පමණ වෙයි.
මේ වන විට වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 715ක්, රජයේ මූලය පහසුකම් යටතේ වී මෝල් හිමියන් සතුව මෙට්‍රික් ටොන් 27.5ක්, වී මෝල් වලට අදාළ ගබඩා තුළ මෙට්‍රික් ටොන් 6615ක් වශවෙන් මෙට්‍රික් ටොන් 7357ක් ගබඩා කර තිබේ. මීට අමතරව ගොවීන් ළඟ තබාගෙන ඇති වී ප්‍රමාණයද ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
එසේම හම්බන්තෙට දිස්ත්‍රික්ය පුරා සෑම වසරකම එළවළු හා පළතුරු අතිරික්ත නිශ්පාදනයක් පවතින හෙයින් දිස්ත්‍රික්කය තුළ එළවළු හා පළතුරු පිළිබඳව හිඟයක්ද ඇති නොවෙයි.
මේ හා සමගාමිව දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා විශේෂිත ආරක්ෂක වැඩසටහනක්ද යොදවා ඇති අතර පොලීසිය හා ආරක්ෂක අංශ ඒ සඳහා මැදිහත්ව සිටියි. ජංගම මුර සංචාර, පොලිස් මාර්ග බාධක ඇතුළු සියලුම ආරක්ෂක විධි විධාන මේ හා සමගාමීව ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව රජය මගින් පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනක්ද දියත් කළේය. ඇඳිරි නීතිය තුළ දේශිය එළවළු නිශ්පාදනය වැඩි කිරිම වෙනුවෙන් ගෙවතු වගා වැඩසටහනද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ අතර එහිදී බීජ පැකට් පවුල් 25740කට බොදා තිබූ අතර තවත් පවුල් 12500කට බීජ පැකට් බෙදා හැරීමට නියමිතය.
මීට අරමතරව වගා කළ හැකි එහෙත් වගා කර නොමැති ඉඩම් අක්කර 2115ක් තුළ මිරිස්, ලූණු, වාණිජ භෝග වගාකිරීමට නියිමිතව තිබේ.
එසේම ජනතාවට හදිසි අවස්ථාවක් වෙනුවෙන් විරකැටිය, ලුණුගම්වෙහෙර, වීරවිල, සූරියවැව, වැලිගත්ත යන ප්‍ර දේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සැලසුම්කර තිබේ. මේ ආකාරයට සෑම දිස්ත්‍රික්කයක් තුළම විශේෂි වැඩටසහන් නිකුත් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්වය යම්තාක් දුරකට පාලනය කිරීමට සමත්වූ හෙයින් හෙට (20දා) සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කටයුතු සියයට 50කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව රජය හා සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් නිසියාකාර පිළිපදිමින් කටයුතු කර ආර්ථිකයට යථා තත්ත්වයට පත්කරන අතරේම නැවතත් වයිරසය ව්‍යාප්තවීමට අවස්ථාව නොදෙමින් කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.
සුබ අනාගතයක්!
Leave a Reply