Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

එක්සත් ජාතික පක්ෂය සෑම විටම ඡන්දයට බයයි.

  • Home
  • /
  • News
  • / එක්සත් ජාතික පක්ෂය සෑම විටම ඡන්දයට බයයි.

එක්සත් ජාතික පක්ෂය සෑම විටම ඡන්දයට බයයි.

• ඔබ දැන් බොහොම පරි­ණත බවක් පෙනෙ­නවා. රහස මොකක්ද කියලා මුලින්ම කියමු ද? ඕනෑම කෙනකු වය­සින් මුහු­කුරා යන විට පරි­ණ­ත­භා­ව­යට පත්වෙ­නවා. දැන් මගේ පාර්ලි­මේන්තු ජීවි­ත­යට වසර 10ක් වෙනවා. පාර්ලි­මේ­න්තු­වට ආවේ අවු­රුදු 23 දී. මේ පාර්ලි­මේ­න්තු­වෙත් පසු­ගිය පාර්ලි­මේ­න්තු­වෙත් තුන්වැ­නි­යට බාල කෙනා මම. පරි­ණ­ත­භා­වය සහ පළ­පු­රුද්ද ඇති­වෙන්නේ අත්දැ­කීම් සම­ඟයි. ඒක සාමන්‍ය දෙයක්. •දේශ­පා­ලන ජීවි­ත­යේ­දිත් ඔබ පරි­ණ­තද? මහින්ද […]
June 23, 2020 0 Comments by Namal Rajapaksa in News

• ඔබ දැන් බොහොම පරි­ණත බවක් පෙනෙ­නවා. රහස මොකක්ද කියලා මුලින්ම කියමු ද?

ඕනෑම කෙනකු වය­සින් මුහු­කුරා යන විට පරි­ණ­ත­භා­ව­යට පත්වෙ­නවා. දැන් මගේ පාර්ලි­මේන්තු ජීවි­ත­යට වසර 10ක් වෙනවා. පාර්ලි­මේ­න්තු­වට ආවේ අවු­රුදු 23 දී. මේ පාර්ලි­මේ­න්තු­වෙත් පසු­ගිය පාර්ලි­මේ­න්තු­වෙත් තුන්වැ­නි­යට බාල කෙනා මම. පරි­ණ­ත­භා­වය සහ පළ­පු­රුද්ද ඇති­වෙන්නේ අත්දැ­කීම් සම­ඟයි. ඒක සාමන්‍ය දෙයක්.

•දේශ­පා­ලන ජීවි­ත­යේ­දිත් ඔබ පරි­ණ­තද?

මහින්ද රාජ­පක්ෂ අග­මැති තුමා අද තීන්දු තීරණ ගන්නේ දේශ­පා­ලන ජීවි­තයේ අවු­රුදු 50ක පළ­පු­රුද්ද සම­ඟින්. ඒ වගේම තවත් ජ්‍යේෂ්­ඨ­යන් බොහො­ම­යක් සිටි­නවා. ඒ වගේ අපත් හැම­දාම දේශ­පා­ල­නය ඉගෙන ගන්නවා. අද­ටත් මහින්ද රාජ­පක්ෂ මැති­තුමා නූත­න­ත්වය පිළි­බඳ අධ්‍ය­ය­නය කර­නවා. ඒ වගේම නූතන තාක්ෂ­ණය පිළි­බඳ එතුමා ඉගෙන ගන්නවා. දේශ­පා­ල­න­යට එම අත්දැ­කීම් ගේන්නේ කොහො­මද කියලා එතුමා අධ්‍ය­ය­නය කර­නවා. දේශ­පා­ල­නය තුළ අපි හැම­දාම , සමාජ අව­ශ්‍යතා, රටේ අව­ශ්‍යතා ලෝකය යන මාවත සහ දිශාව පිළි­බ­ඳ අව­බෝ­ධ­ය­කින් සිටිය යුතුයි. පරි­ණ­ත­භා­වය සහ දේශ­පා­ලන අත්දැ­කීම් කියන දේ කාලෙන් කාලෙට අපේ ජීවි­ත­ව­ලට ගත යුතුයි. එය විවෘත මන­ස­කින් ගත යුතුයි. මම පරි­ණ­තයි, මම දැන් ඔක්කොම දන්නවා කියන න්‍යාය සාර්ථක වෙන්නේ නැහැ.

•ඔබ­ වටේ ඉන්නේ තරුණ පිරි­සක්. ඔබට තරුණ තරු­ණි­යන්ගේ ආක­ර්ෂණය වැඩි බවයි පෙනෙන්නේ. ඔවුන් කැම­තියි ඔබ සමඟ කතා කරන්න ඡායා­රූප ගන්න. ‌තරුණ ආක­ර්ෂණය දිනා­ගැ­නී­මට විශේෂ හේතු­වක් තිබෙ­න­වද?

එහෙම විශේෂ හේතු­වක් නැහැ. තරු­ණ­යන්ගේ සිතුම් පැතුම් පිළි­බඳ හොඳ අව­බෝ­ධ­යක් තිබෙ­නවා නම් ඒ වගේම තරු­ණ­යන්ගේ ගැටලු දෙස විවෘත මන­ස­කින් බලන්න පුළු­වන් නම් තරුණ පිරිස අප සමඟ සංවා­ද­යක නියැ­‍ෙළ­නවා. දේශ­පා­ල­නයේ දී මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගේත් තරුණ ආකර්ෂණය වැඩි බවක් පෙනෙන්න තිබෙ­නවා. අද­ටත් මේ රටේ ජන­තා­වගේ ආකර්ෂණය සහ ආද­රය දිනා ගත් නාය­කයා මහින්ද රාජ­පක්ෂ මහ­තායි. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාත් එහෙ­මයි. අපි හැමෝ­ගෙම ජීවි­ත­වල ලබා ගත් ජය­ග්‍ර­හණ සහ අත්දැ­කීම් තිබෙ­නවා. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුතා වීම නිසාත් එම ආකර්ෂණය තිබෙ­න්නට පුළු­වනි.

•නිල් බළ­කා­යක් හැදුවා නේද? ඒකට මොකද වුණේ?

නිල් බළ­කාය කියලා අප හැදුවේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තරුණ සංවි­ධා­න­යයි. අපි පක්ෂ­යෙන් එළි­යට ඒමත් සමඟ, පක්ෂ නාය­ක­ත්වය ගත් මෛත්‍රී­පාල සිරි­සේන මහතා නිල් බළ­කාය කියන නම වෙනස් කරන්න තීන්දු කළා. ඒ නම දාන වෙලාවේ ඒක යෝජනා කරන කොට ඒක සම්මත කළෙත් මෛත්‍රී­පාල සිරි­සේන මහතා. එත­කොට එතුමා එම පක්ෂයේ ලේකම්. ඉන්පසු එම පක්ෂයේ සභා­ප­ති­ව­රයා විදි­යට ඒ නම වෙනස් කළා. ඒක එතු­මාගෙ තීන්දු­වක්. පක්ෂ‌යේ ප්‍රති­සං­වි­ධාන කට­යුතු කරද්දි මම මගේ යුතු­කම ඉෂ්ට කළා.

• ඒ කාලයේ නිල් බළ­කා­යෙන් තරුණ තරු­ණි­යන්ට කළ සේවය ගැන කියන්න පුළු­වන් ද?

නිල් බළ­කාය කියන්නේ දේශ­පා­ලන බල­වේ­ග­යක්. එම දේශ­පා­ලන බල­වේ­ග­යෙන් තමයි අපි එදා ජනා­ධි­පති මැති­ව­ර­ණය මෙහෙ­ය­වුවේ. ඒ මඟින් අපි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තරුණ සංවි­ධා­න­ය­කට අවශ්‍ය පද­නම හැදුවා. ඒක අති­සා­ර්ථක වුණා. විප­ක්ෂය එදා වැඩි­පු­රම මඩ ගැහුවේ නිල් බළ­කා­යට. ඒ ඔවුන්ට ඒක දැනුණ නිසා. ජනතා විමුක්ති පෙර­මු­ණට තිබුණ වාමාං­ශික තරුණ කඳ­වුර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ඇදෙ­නවා කියලා ඔවුන් එදා බය වුණා. අද එම වාමාං­ශික දේශ­පා­ලන කඳ­වුර සම්පූ­ර්ණ­යෙන්ම පොදු­ජන පෙර­මුණ සමඟ ඉන්නවා. අද පොදු­ජන පෙර­මුණේ තරුණ සංවි­ධා­නය කියන්නේ එම දේශ­පා­ලන මත දරන තරුණ පිරිස.

•සෑම දෙන­කු­ගේම ජීවි­ත­වල ජය­ග්‍ර­හණ තිබෙ­නවා. ඔබ ජීවි­තයේ ලබපු ජය­ග්‍ර­ණන මොන­වාද?

ජීවි­තය ජය­ගත් අවස්ථා කිහි­ප­යක් තිබෙ­නවා. එකක් තමයි විප­ක්ෂයේ හිටපු වසර පහ. ඒ කාලය තමයි මගේ ජීවි­තයේ වැඩි­යෙන්ම අත්දැ­කීම් ලබපු කාලය. ඒ වසර පහ තුළ මගේ අම්මා තාත්තට දෙන්න බැරි­වුණ අත්දැ­කීම් මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තු­මාත් රනිල් වික්‍ර­ම­සිංහ අග­මැ­ති­තු­මාත් මට දුන්නා. ඒ මාව සිර­ගත කිරී­මෙන්. මම පෞද්ග­ලි­ක­වම එතු­ම­න්ලාට ස්තූති­වන්ත වෙනවා. ඒ ලබපු අත්දැ­කීම් මට කිසිදු අව­ස්ථා­වක ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ කාලය දුෂ්කර වුණත් ඒක මම ජීවි­තයේ ලබපු හොඳ අත්දැ­කී­මක්. ඒ වගේම ඕනෑම කෙන­කුගේ ජීවි­ත­යක විවා­හය කියන්නේ තවත එක් ජය­ග්‍ර­හ­ණ­යක් වගේම හොඳ අත්දැ­කී­මක්. මටත් ඒ ජය­ග්‍ර­හ­ණය අත්ද­කින්න පුළු­ව­න්කම ලැබුණා.

•ඔබ­තුමා පළ­මු­වෙන්ම අත්අ­ඩං­ගු­වට ගත්තේ සහ සිර­ගත කරනු ලැබුවේ මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ. එම නඩුව සම්බ­න්ධව කුමක්ද කියන්නේ?

අධි­ක­ර­ණයේ ඒ නඩුව තාම අහ­නවා. මාව කොහො­මද හිරේ දැම්මෙ කියලා රන්ජන් රාම­නා­යක මහ­තාගේ හඬ පටයේ පැහැ­දි­ලි­වම තිබෙ­නවා. මම ඇතුළු කණ්ඩා­යම හිරේ දැම්මෙ කොහො­මද කියන එක FCID එකේ හිටපු ප්‍රධා­නියා රවී මහ­තාගේ මාධ්‍ය ප්‍රකා­ශ­න­යේත් පැහැ­දි­ලිව තිබෙ­නවා. එම දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට මුදල් විශු­ද්ධි­ක­රණ පණත භාවිතා කළා කියලා පැහැ­දි­ලිව පෙනෙ­නවා. දේශ­පා­ලන පළි­ගැ­නීම් මත නිර්මා­ණය වුණු චෝද­නා­වන්ට තමයි එදා අප සියලු දෙනාම අත්අ­ඩං­ගු­වට ගත්තේ.

• හම්බ­න්තොට පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමේ චෝද­නා­ව­ක­ටත් ඔබ අත්අ­ඩං­ගු­වට ගත්තා ?

එවැනි සිදු­වීම් එකක් දෙකක් නෙමෙයි කිහි­ප­යක්ම සිදු­වුණා. හම්බ­න්තොට පම­ණක් නොවෙයි කොළ­ඹත් එවැනි දේ සිදු­වුණා. විශේ­ෂ­යෙන්ම රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරී­ම­කදී. අපි රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න ගියාම පොලි­සිය දාලා අපට ගහලා ඉන්පසු අපි රාජ්‍ය දේපළ විනාශ කරන්න ආවා කියලා අත්අ­ඩං­ගු­වට ගත්තා. අන්ති­මට රාජ්‍ය දේපළ විකු­ණපු අය එළියෙ ඉන්නවා, බේර­ගන්න ගිය අය ඇතුළෙ ඉන්නවා.

•මේ සියලු සිදු­වීම් දේශ­පා­ලන පළි­ගැ­නීම් කියල ද ඔබ­තුමා කියන්නේ?

සිය­යට දාහක්ම දේශ­පා­ලන පළි­ගැ­නීම් කියලා මම කිය­නවා. මම කිව්වේ මට අත්වි­ඳින්න සිදු­වුණු දේශ­පා­ලන පළි­ගැ­නීම්. මෙවැනි දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට ලක්වුණු විශාල පිරි­සක් මේ රටේ ඉන්නවා. රාජ්‍ය සේව­ක­යන්, දේශ­පා­ල­න­ඥ­යන් වගේම පොලිස් නිල­ධා­රීන් පවා ඉන්නවා. ඇතැම් පොලිස් නිල­ධා­රීන්ට අප‌ ­අ­ත්අ­ඩං­ගු­වට ගන්න කිව්වාම නීතියේ රාමුව තුළ සිට ඒ අය ගත් තීන්දු තීරණ තිබෙ­නවා. එදා ආණ්ඩුවේ සිටි සියලු දෙනාම මේවාට වග­කිව යුතුයි.

•මේ මැති­ව­ර­ණය ගැන ඔබ මොන­වද සිතන්නේ, මේ කාලය තුළ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට විප­ක්ෂය අක­මැති වුණා?

එක්සත් ජාතික පක්ෂය අද විත­රක් නෙවෙයි මැති­ව­රණ පැවැ­ත්වී­මට විරුද්ධ වුණේ. 1993න් පසුව එක්සත් ජාතික පක්ෂය දිගින් දිග­ටම පරා­ජය ලැබුවා. ජය­ග්‍ර­හණ ලැබුවේ යම් යම් අව­ස්ථා­වල පම­ණයි. නමුත් ඊට පෙරත් වසර 17ක් මැති­ව­රණ නැතිව මේ රට පාල­නය කරන්න උත්සාහ කළා. මේ පාරත් මැති­ව­රණ නැතිව ආණ්ඩුව දුවන්න උත්සාහ කළා. අව­සා­නයේ දැන් මැති­ව­රණ කල් දාන්න උත්සාහ කර­නවා. මැති­ව­රණ කල් දැමීමේ සහ මැති­ව­රණ නොතියා සිටීමේ ඉති­හා­ස­යක් එක්සත් ජාතික පක්ෂ­යට තිබෙ­නවා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බ­ඳව ලෝකය වටේම කතා කරන එක්සත් ජාතික පක්ෂය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මූල­බී­ජය වන ඡන්ද අයි­තිය ලංකාවේ මිනි­සුන්ට නැති කරන්න හද­නවා. ඒකෙන් පැහැ­දිලි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බංකො­ලො­ත්භා­ව­යයි.

•එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම ඔබ­තු­ම­න්ලාට වාසි­දා­යක ද?

ඒ අය එකට සිටි­යත් දෙකඩ වී සිටි­යත් අපට කල­බල වන්න හේතු­වක් නැහැ. අපි එදා සිටම මැති­ව­රණ කළේ දේශ­පා­ලන ප්‍රති­පත්ති සමඟ. අපි කිසි­දි­නක අපේ­ක්ෂ­ක­යාගේ පෞද්ග­ලික පසු­බිම කේන්ද්‍ර කර­ගෙන මැති­ව­රණ මෙහෙ­යවා නැහැ. පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේදී දෙව­තා­වක්ම හම්බ­න්තො‌ටින් සජිත් ප්‍රේම­දාස මහ­තාට වඩා ඡන්ද ප්‍රමා­ණ­යක් ගැනී­මට මට හැකි­වුණේ මම ප්‍රති­පත්ති පද­නම් කර­ගෙන වැඩ කරපු නිසයි. මම හම්බ­න්තොට මැති­ව­රණ වේදි­කා­වෙදි සජිත් ප්‍රේම­දාස මහ­තාගේ චරි­තය ඝාත­නය කරල නැහැ. ඉදි­රියේ දී එහෙම කර­න්නෙත් නැහැ. මට ප්‍රති­ප­ත්ති­යක් තිබෙ­නවා. මම විශ්වාස කර­නවා මගේ ජන­තා­වට ඒ ප්‍රති­පත්ති ගැන දැන­ගැ­නී­මට අව­ශ්‍යයි කියලා. ගොඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණාම හැමෝම හිතුවා හම්බ­න්තො­ටින් විශාල අභි­යෝ­ග­යක් දෙයි කියලා. නමුත් ජන­තාව මහින්ද රාජ­පක්ෂ මහතා සහ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් විශ්වාස කළා. එහෙම කළේ අපි ප්‍රති­පත්ති පද­නම් කර­ගෙන ගිය නිසයි. අපි මඩ­ව­ලින් දේශ­පා­ල­නය කළේ නැහැ. ඒ අය ද්විත්ව පුර­වැ­සි­භා­වය ගැන කතා කළා. අපි ඒවා ගැන කියන්න ගියේ නැහැ අපි කතා කළේ ප්‍රති­පත්ති ගැන. මම හිතන්නේ මේ දේශ­පා­ල­නයේ දී කවුරු බෙදිල ද වෙන්වෙලා ද කියන කාර­ණය නොවෙයි වැදගත් බුද්ධි­මත් ජන­තා­වක් සිටින රටක ප්‍රති­පත්ති පද­නම් කර­ගෙන අප දේශ­පා­ල­නය කළ යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය බෙදු­ණද, එකතු වුණාද කියන කාර­ණය පිළ­බඳ අපි අව­ධා­නය යොමු කරන්නේ නැහැ. එයා­ලගෙ අභ්‍ය­න්තර ගැට­ලුව ගැන අපි සොයන්නේ නැහැ.

• ඔබ­ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වන්නේ හම්බ­න්තො­ටින්. සජිත් ප්‍රේම­දාස මහතා හම්බ­න්තොට අත­හැර කොළ­ඹින් ඉදි­රි­පත් වී සිටි­නවා. එය ඔබ‌ට බල­පාන්නේ කොහොම ද?

මම ඇත්ත­ටම ඒ ගැන කන­ගාටු වෙනවා. එතුමා එම තීන්දුව ගත්තේ වැරදි වෙලා­වක. එතු­මාට කොළ­ඹින් ඉදි­රි­පත් වෙන්න ඕනෑ කියන තීන්දුව ගන්න තිබුණේ මීට වසර ගණ­නා­ව­කට පෙරයි. එතු­මාගෙ වැරදි දිස්ත්‍රි­ක්ක­ය­කින් ආවේ. එතු­මාගේ ප්‍රති­පත්ති අපේ දිස්ත්‍රි­ක්ක­යට ගැළ­පෙන්නේ නැහැ. අපේ ජන­තාව එතු­මාගෙ ප්‍රති­පත්ති ප්‍රති­ක්ෂේප කළා. මම අද­ටත් දුක් වෙනවා සජිත් මහතා හම්බ­න්තො­ටින් ගියපු එක ගැන. එයා හම්බ­න්තො­ටම සිටියා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුණා කියල මම හිත­නවා.

• සුළු පක්ෂ­වල සහ­යෝ­ගය නොමැ­තිව ආණ්ඩු­වක් පිහි­ටු­වන්න හැකියි කියා ඔබ සිත­න­වද?

පැහැ­දිලි බහු­ත­ර­යක් පාර්ලි­මේ­න්තුවේ දී ගන්නවා කියලා අපි දන්නවා. අපි කොහො­මත් රිෂාඩ් බදි­යු­දීන්ලා සමඟ ආණ්ඩු හදන්නේ නැති බව පැහැ­දි­ලිව කියා තිබෙ­නවා. අපි සන්ධා­නය විදි­යට බහු­තර ආසන සංඛ්‍යා­වක් ගන්නවා.

• ඔබ­තු­මන්ලා ඒ ගැන පැහැ­දිලි විශ්වා­ස­ය­කින් ඉන්නවා?

ඔව්. අපි පැහි­දිලි විශ්වා­ස­ය­කින් ඉන්නවා. අපට කල­බල වෙන්න දෙයක් නැහැ. ජන­තාව කෙරේ අපට පැහැ­දිලි විශ්වා­ස­යක් තිබෙ­නවා. අපි වැඩ කළා. ලංකාව වටේ ගම්වල ඇවි­දින විට අපට දැනෙන කාර­ණය තමයි අපට වෙන පක්ෂ­වල සහාය අවශ්‍ය නැහැ කියන එක. අපේ පක්ෂය සෑම ජන කොට්ඨා­ස­යක්ම නියෝ­ජ­නය වෙන පරිදි අපේ­ක්ෂ­කයො දාලා තිබෙ­නවා. අපි විශ්වාස කර­නවා ඒ අපේ­ක්ෂ­කයො තේරී පත් වෙලා පාර්ලි­මේ­න්තු­වට එයි කියලා.

• එම අපේ­ක්ෂ­යන් බුද්ධි­මත් සහ දූෂණ වංචා­ව­ලින් තොර පිරි­සක් කියා ඔබ­තු­මාට විශ්වාස ද?

අපි හොඳ දක්ෂ කණ්ඩා­ය­මක් දාලා තිබෙ­නවා. ඒ කණ්ඩා­යම තුළ හැම ජන කොට්ඨා­ස­යක්ම නියෝ­ජ­නය කර­නවා. එක්සත් ජාතික පක්ෂය මැති­ව­රණ වේදි­කා­ව­ලදී බොරු චෝදනා නඟන පිරිස හැරුණු කොට අපි අධි­ක­ර­ණ­යක දී වැර­දි­ක­රු­වන් වුණු කිසි­ව­කුට අපේ­ක්ෂ­ක­ත්වය දීලා නැහැ.

•මෙවර මැති­ව­රණ නීති සැකසී තිබෙන්නේ සෞඛ්‍ය නිර්දේ­ශ­යන් මත. පෝස්ටර්, කට­වුට් නැහැ, රැස්වී­ම්ව­ලත් පිරිස සීමා කොට තිබෙ­නවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහො­මද?

මම පෞද්ග­ලි­කව මේ ක්‍රම­යට කැම­තියි. මේක අපට ගමට යන්න පුළු­වන් හොඳම අව­ස්ථා­වක්. ගම ඇතු­ළට යන්න නම් 100ක් ගෙන්වන්න ඕනෑ නැහැ. අපේ­ක්ෂ­ක­යන්ට පුළු­වන් විය යුතුයි ගම ඇතු­ළට යන්න. ඡන්ද දාය­ක­යන්ගෙ පැත්තෙන් හොඳ දෙයක්. තමන්ගෙ මන්ත්‍රී­ව­රයා හැම ගම­ක­ටම එනවා. මෙය හොඳ ක්‍රම­යක්. ඉදිරි මැති­ව­ර­ණ­ව­ල­ටත් මේ ක්‍රමය අනු­ග­ම­නය කළ යුතුයි කියා මම හිත­නවා.

•කොරෝනා වසං­ග­තය ජය ගැනීමේ දී වත්මන් ආණ්ඩුව නිවැ­රදී තීරණ නොගත් බව ජන­තාව කිය­නවා. මේ ගැන ඔබේ අද­හස?

පසු­ගිය රජය සිටියා නම් දුර්වල පරි­පා­ල­නය සහ කළ­ම­නා­කා­රි­ත්වය සමඟ විශාල විනා­ශ­යක් වෙන්න තිබුණා. ඒක වැළ­කුණේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගේත් මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගේත් ජනා­ධි­පති සහ අග­මැති අතර තිබිය යුතු අව­බෝ­ධය සහ රාජ්‍යයාන්ත්‍ර­ණයේ මෙහෙ­ය­වී­ම නිසයි.

• මේ මැති­ව­ර­ණයේ දී කොරෝනා වසං­ග­තය ඔබ­තු­ම­න්ලාට ආශි­ර්වා­ද­යක් වුණාද?

කිසි වසං­ග­ත­යක් ආශි­ර්වා­ද­යක් වෙන්නේ නැහැ. මැති­ව­ර­ණ­ය­කට මුහු­ණ­දෙන්න වුණාම ඒ මුහුණ දෙන ආකා­රය පිළි­බ­ඳව ජන­තාව තුළ ප්‍රසා­ද­යක් ඇති­වෙ­නවා. පාස්කු ප්‍රහා­රයේ දී එක්සත් ජාතික පක්ෂය කළ වැරදි කිහි­ප­යක් තිබෙ­නවා. පළමු කාර­ණය පාස්කු ප්‍රහා­රය වළක්වා ගැනී­මට තිබුණා. දෙවෙනි කාර­ණය ප්‍රහා­ර­යෙන් පසුව සිදු­වුණ සිදු­වී­ම්ව­ලට මුහුණ දුන් ආකා­රය. මේ දෙකම වැර­දියි. වර්ත­මාන ආණ්ඩුව කොරෝනා එන්න කලින් වළක්වා ගැනීම ආරම්භ කළා. කොරෝනා ආසා­දි­ත­යන් රැක­ගැ­නී­ම­ටත් ආසා­ද­නය නොවුණු අය නිරෝ­ධා­ය­නය කිරී­ම­ටත් වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සුවා. රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැ­ක්වීම සහ නිරෝ­ධා­ය­නය යන මේ දෙකම සාර්ථ­කව සිදු­කළ නිසා අද අපට මේ තත්ත්ව­යට එන්න පුළු­ව­න්කම ලැබුණා. පාස්කු ප්‍රහා­රයේ දී පසු­ගිය ආණ්ඩුව මේ දෙකම කළේ නැහැ.

සංවාද සට­හන –

චතුමී පිටි­පන

මුල් පුවත සදහා –  http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=d1461101&imageview=0

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
Namal Rajapaksa - Exclusive Interview with Lake House
Next Post
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් පිලිබඳව ‘දිනමිණ' පුවත්පත විසින් පළකල විශේෂ අතිරේකය.

Related News

A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
A video presentation made to commemorate the visit of His Excellency Imran Khan
February 25, 2021 by Namal Rajapaksa
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
11h

I pray for a speedy recovery of @RahulGandhi who has tested positive for #COVID19. I pray to see him back again strong and in good health.

Rahul Gandhi@RahulGandhi

After experiencing mild symptoms, I’ve just tested positive for COVID.

All those who’ve been in contact with me recently, please follow all safety protocols and stay safe.

Reply on Twitter 1384446941036122113Retweet on Twitter 13844469410361221136Like on Twitter 138444694103612211365Twitter 1384446941036122113
Retweet on TwitterNamal Rajapaksa Retweeted
ParliamentLKParliament of Sri Lanka@ParliamentLK·
14h

The official text of the prohibited sports stimulants for 2021 to be tabled in Parliament tomorrow (21) - Minister of Youth & Sports @RajapaksaNamal
https://www.parliament.lk/en/committee-news/view/2129/?category=33
#9thParliamentLK #lka #SriLanka

Reply on Twitter 1384393101800734723Retweet on Twitter 13843931018007347232Like on Twitter 138439310180073472322Twitter 1384393101800734723
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
19 Apr

Wish former Indian Prime Minister Dr. Manmohan Singh a speedy recovery from COVID19 and hope to see him back again in good and strong health.

Reply on Twitter 1384167683462090766Retweet on Twitter 138416768346209076637Like on Twitter 1384167683462090766332Twitter 1384167683462090766
Load More...
Archives
  • February 2021
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.