එක්ව එක ගමනක්!
පාසල් ගිය වයසේ සිටම විවිධ මැතිවරණ හා මැතිවරණ ව්‍ය්‍යාපාරයන් පිළිබදව නොයෙකුත් අත්දැකීම් මට තිබෙනවා.මා ක්‍රියාකාරී මැතිවරණය දේශපාලනයට ප්‍රවේශවීමට පෙර පියාගේ මැතිවරණ යාන්ත්‍රණයන් තුළත්, අනතුරුව දෙවතාවක් හම්බන්තොටින් පාර්ලිමේන්තු ගිය මගේ මැතිවරණය ව්‍යාපාරය තුළ මෙන්ම දුෂ්කරම විපක්ෂ භූමිකාවේදී පැවති පළාත් පාලන මැතිවරණයේදීත් ලැබු අත්දැකීම් බොහෝමයක් තරුණ වයසේදීම මාගේ ජිවිතයට ඒකරාශි වන්නේ වෙස් වලාගත් ආශිර්වාදයක් මෙනි.
සෑම මැතිවරණ ව්‍යාපාරයකදීම, අපේ කදවුර නියෝජනය නොකළ,වෙනත් පක්ශවලට සිය සෘජු සක්‍රීය දායකත්වය ලබාදුන් ආධාරකරුවන් අප හා එක්වීම සාමාන්‍ය තත්ත්වයකි. කෙසේවෙතත් මෙවර මැතිවරණයේදී පෙර නොවු විරු පරිද්දෙන් වෙනත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් විශාල ලෙස අපේ දේශපාලන කදවුර සමග කදවුරු බදින්නට එක්වන ආකාරයක් මැතිවරණ භූමියේ මේ දිනවල අත්දකිමින් ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ පිරිස් සිය දීර්ඝකාලීන දේශපාලන පක්ෂය හා මතවාදයන් හැරදමා අප හා එක්වීම මෙම අත්දැකීමයි. එම තත්ත්වය සුවිශේෂි එකක් බව නිසැකවම කියන්නට පුළුවන්කමක් තිබෙනවා.
විශේෂත්වය නම් වෙනදා අපේ ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීන්, විරුද්ධ පාක්ශිකයන් අප වෙත යොමු කිරීමට් යම් මැලිකමක් දැක්වූවත්, ඔවුන් මෙවර මැතිවරණයේ ඉතාමත් උනන්දුවෙන් එම කටයුත්තට දායකවෙමින් සිටීමයි.
එය ලාංකේය දේශපාලනයේ බිම් මට්ටමේ පාක්ශිකයන්ගේ දේශපාලන අදහස් වල සහ පරිචයේ සාධනීය වෙනසක් බව මා විශ්වාස කරනවා.
සෘජුවම මා හා සමග සම්බන්ධ වී රට වෙනුවෙන් වු කදවුර ශක්තියක් එක්කළ අය මෙන්ම අනෙකුත් අපේක්ෂකයන් හරහා සම්බන්ධවූ සියලුම අපේ නව සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස මා හෘදයාංගව හා උණුසුම්ව පිළිගන්නවා.
අපේ කදවුරේ ආදරණීය මිනිසුන් මෙන්ම අපේ නව ගමන් සගයන් ද “හෙට හම්බන්තොට” නිර්මාණය කිරීම වෙනුවෙන් අද සිටම අපේ ගමනේ කොටස්කරුවන් කරගන්නා බව පැවසිය යුතුමයි.
Leave a Reply