Namal Rajapaksa
  • Home
  • Meet Namal
    • Namal’s Perspective
    • My Blog
    • Ape Namal | අපේ නාමල්
  • Get Involved
    • Rebooting Sport in Sri Lanka
    • Become a volunteer
  • Contact Me
  • Media
    • Photo Gallery
    • Instagram Gallery
    • Video Gallery
  • My Events
  • News

එක්වන්නේනම්, ජනතාව වෙනුවෙනි

  • Home
  • /
  • My Blog
  • / එක්වන්නේනම්, ජනතාව වෙනුවෙනි

එක්වන්නේනම්, ජනතාව වෙනුවෙනි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩල රැස්වීමකට එක්වීම සඳහා පසුගිය සතියේදී එංගලන්තයට පිටත්ව ගිය අතර, නැවතත් ඊයේ (08දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි වහාම “කුරහන් සුවඳ” තීරු ලිපිය ලිවීම අරම්භ කළෙමි. එංගලන්තයේ පැවැති බලමණ්ඩල රැස්වීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, ඔවුන් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ ඉහළ අවධානයක් යොමුකර ඇති […]
October 21, 2018 0 Comments by Namal Rajapaksa in My Blog

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩල රැස්වීමකට එක්වීම සඳහා පසුගිය සතියේදී එංගලන්තයට පිටත්ව ගිය අතර, නැවතත් ඊයේ (08දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි වහාම “කුරහන් සුවඳ” තීරු ලිපිය ලිවීම අරම්භ කළෙමි.

එංගලන්තයේ පැවැති බලමණ්ඩල රැස්වීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, ඔවුන් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ ඉහළ අවධානයක් යොමුකර ඇති බවත්, ඒ පිළිබඳ හොඳින් දැනුවත් වී ඇති බවත් පැවැත්වූ සාකච්ඡාවලදී දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විදෙස් බලමණ්ඩල කිහිපයකට මා එක්වූ අතර, ඒ සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අයුරු දක්නට ලැබීම කැපීපෙනෙන සාධකයක් විය.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය මෙන්ම ජනතාව මුහුණදී ඇති ආර්ථික අපහසුතා පිළිබඳ ඔවුන් හොඳින්ම දැනුවත්ව තිබිණි. එසේම අප සමග අදහස් හුවමාරු කරගත් ව්‍යාපාරිකයෝද ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනාත්මක කතා කරන්නට වූහ.

මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය සභාග ආණ්ඩුවක් පිළිබඳ යොමුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ව මෙම සභාග ආණ්ඩුව පිහිටුවීමට යන බව මාධ්‍ය වාර්තාවල පළවෙමින් තිබේ.

මේ පිළිබඳ මන්ත්‍රීවරුන් ලෙස අපේ අදහස ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉන් අනතුරුව %කුරහන් සුවඳ^ ලිපිය හරහා ඒ බව ඔබට දැනුම් දීමටද කටයුතු කරමි. පක්‍ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුය යන්න මාගේ අදහස වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත්වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පළිගැනීමේ වුවමනාවෙන් විනා රට සංවර්ධනය කිරීමේ කිසිදු චේතනාවකින් නොවේ.  පොදුජන පෙරමුණ නැවත වරක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ හුදෙක්ම රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමෙන් පළිගැනීමට නම්, එවැනි ආණ්ඩුවක් බිහිකිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව මාගේ අදහසයි.

ඒකාබද්ධ විපක්‍ෂ පක්‍ෂ නායකයන් මෙම තීරණය ගත යුත්තේ රටේ අනාගතයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර එය මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක්ය යන්න මාගේ අදහසයි. 

සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේ පළිගැනීමේ අපේක්‍ෂාවෙනි. මෙම සභාග ආණ්ඩුවත් එවැනි අරමුණකින් එක්වන්නේ නම්, ජනතාවට එයින් සෙතක් අත්නොවේ.

අනෙක් අතින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සභාග ආණ්ඩුවක් පිළිබඳ තම එකඟතාව ප්‍රකාශ කරන්නේ නැවත වරක් ජනපති ධුරයට පත්වීමේ අපේක්‍ෂාවෙන් නම්, එයද සිදු නොවිය යුතුය. ඔහු යම් හෙයකින් සභාග ආණ්ඩුවක් පිළිබඳ එකඟතාව ප්‍රකාශ කරන්නේ රටේ ජනතාව පිළිබඳ සිතමින් නම්, මීළඟ ජනපති අපේක්‍ෂකයෙකු පිළිබඳ කටයුතු කළ යුතුය යන්න මාගේ අදහසයි.

අනෙක් අතින්  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගෙනෙන යෝජනාව ජනපති අපේක්‍ෂකත්වය නම්, එය හුදෙක්ම රට ගැන සිතා ගන්නා තීරණයක් නොවේ. මේ අනුව  රටේ ඊළඟ ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරා ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබිය යුතු අතර එය ඔවුන්ගේ තීරණයකි.

යම් හෙයකින් අප ආණ්ඩුවක් නිර්මාණය කළා යැයි උපකල්පිතයකට පැමිණිය හොත් එසේ නිර්මාණය කරන ආණ්ඩුවේ ප්‍රධානම අංගයක් විය යුත්තේ ජනතාවට ඇත්ත පැවසීමට කටයුතු කිරීමය.

අවුරුද්දක දෙකක වැඩපිළිවෙළක් මෙහිදී ඉදිරිපත් කළ යුතු අතර කාලවකවානු අනුව ගන්නා තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලැස්මක් තිබිය යුතුය. මුලින් ආණ්ඩුවක් නිර්මාණය කර පසුව වැඩපිළිවෙළක් සකස් කිරීම ප්‍රායෝගික නොවේ.

උදාහරණයක් ලෙස මේ වන විට ජනතාව දැඩි බදු බරකින් පෙළෙයි. මෙම ගැටලුවට එක් රැයකින් විසඳුමක් ලබාදිය නොහැකිය. කෙසේ වෙතත් එය විසඳීමට යම් කාලයක් ගතවන අතර, එම කාලසීමාව කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුය. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව බැටකන ප්‍රධානම ක්‍ෂේත්‍රයක් වනුයේ රටේ බදු බරය. මේ හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුඳු වී අවසන්ය.

මේ අතර, රුපියල අවප්‍රමාණය වීමද දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ. ආර්ථික විශේෂඥයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ, රටේ විදේශ විනිමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විදෙස් සංචාරයකට එක් නොවන බවයි. ඔහු ඒ කියමන ප්‍රකාශ කර උණුසුම් යෑමටත් මත්තෙන් මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විදෙස්ගතව තිබේ.

පසුගිය මහින්ද රාජපක්‍ෂ සමයේදී %සීෂෙල්ස්^ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ කළුසල්ලි සැඟවීමට එසේ කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා මේ සටහන ලියැවෙන විට “සීෂෙල්ස්” සංචාරයකට එක්ව තිබේ. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය කුමක්දැයි යන්න පැහැදිලි කළ යුතු වෙයි.

අනෙක් අතින් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සටන වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා යුරෝපයට පැමිණි අතර, එහිදී ඔහුට විදේශ විනිමය ගැන බලාපොරොත්තුවක් නොපැවැතියේද ‍යන්නත් විමසීමට අවස්ථාවක් කර ගනිමි.

පාලකයන් පිටරට යෑම ඩොලරයේ කඩාවැටීමට හේතුවක් නොවේ.  අනෙක් අතින් ලෝක වෙළෙඳ පොළෙ කඩාවැටීමද ලංකාවේ රුපියල කඩා වැටීමට හේතුවක් නොවේ. එය අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදු වූවකි. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රැඳී සිටීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මේ තරමටම කඩාවැටීමකට ලක්විය.

අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් තරගයට මෙන් විදේශ සංචාර සඳහා එක්වුවද, එයින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඵල කුමක්දැයි යන්න ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතු වෙයි. ගිවිසුම් රාශියක් අත්සන් කළද මේ දක්වා පැමිණි ආයෝජනයක් හෝ පිටරට රැකියා අවස්ථා ලැබීමක් හෝ සිදුවූයේදැයි යන්න ජනතාවට පැහැදිලි කළ යුතු වෙයි. එසේ කිසිදු ආකාරයක වාසියක් ශ්‍රී ලංකාවට අත්වුණු බවක් පෙනෙන්න නොවේ.

පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විදේශ නිල සංචාර සඳහා එක්වූවා නම්, විදෙස් ආයෝජන ලබා ගැනීම ප්‍රමුඛස්ථානයක තිබූ අතර, එහිදී අපට ජනතාව වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන කිහිපයක්ම ලබා ගැනීමට අවස්ථාව තිබිණි.

ලබන සතියේදී හමුවෙමු!

ඔබට සුබ අනාගතයක්!

Share this:
  • Facebook
  • Twitter
  • Email to a Friend
Previous Post
ජනතා විරෝධයට අවධානය යොමු කිරීමට කාලයයි
Next Post
ජනපතිට අමතක 21 වැනි සියවස

Related News

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka
January 18, 2021 by Namal Rajapaksa
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්ම දින සැමරුම
January 8, 2021 by Namal Rajapaksa
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
Youth unemployment crisis in the country needs immediate and focused solutions, starting from Divisional Secretaries
December 27, 2020 by Namal Rajapaksa

Leave a Reply - Cancel reply

Your email address will not be published. Required fields are marked (required)

Latest Tweets

Namal RajapaksaFollow

Namal Rajapaksa
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
1h

Cultivating youth entrepreneurship through a Startup Eco System is the key to unlocking massive economic potential of Sri Lanka

https://bit.ly/3qu3BqD

Reply on Twitter 1351006312398811136Retweet on Twitter 13510063123988111362Like on Twitter 135100631239881113623Twitter 1351006312398811136
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
16 Jan

HE @narendramodi vision for #StartUpIndia has not only revolutionized the Indian #startup eco system in #india but @BimstecInDhaka & the globe! Thank you Hon @PiyushGoyal for inviting me. Proud moment for #LKA that @PickMeLK was also recognized today! 🙏🏽 #ජයගමු 🇱🇰 @IndiainSL

2
Reply on Twitter 1350480817613545475Retweet on Twitter 135048081761354547514Like on Twitter 1350480817613545475205Twitter 1350480817613545475
RajapaksaNamalNamal Rajapaksa@RajapaksaNamal·
16 Jan

The Kalutara district Social Infrastructure Development Committee was conducted today. Main points of concern were education & vocational training. Issues were identified & measures were taken to remedy them. Grateful to all the Hon. ministers & officials who participated.

4
Reply on Twitter 1350412834337800195Retweet on Twitter 13504128343378001952Like on Twitter 135041283433780019581Twitter 1350412834337800195
Load More...
Archives
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • April 2020
  • November 2019
  • April 2019
  • February 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • September 2017
  • August 2017
  • July 2017
  • June 2017
  • January 2015
Latest Video
https://www.youtube.com/watch?v=8V1QByu3fqE
View All Videos
CONNECT WITH NAMAL
Take Action

Carlton House, Tangalle, Sri Lanka  |  Phone: (+94) 472240332  |  E-mail: namal@nr.lk

Copyright © 2020, Namal Rajapaksa.
All Rights Reserved.