උපන්බිම භිතියට පත් මොහොතක පැමිණි උපන්දිනය……
මෙම සටහන තබන මොහොත වනවිට ලොවපුරා මිලියන 1.7 කට ආසන්න කොරෝනා අසාදිතයන් වාර්තා වෙද්දි මෙම ගෝලිය වසංගතයෙන් ලොවපුරා මිය ගිය ගණන ලක්ෂයත් ඉක්මවා අවසන්.
මා උපන් අද දිනය වනවිට මාගේ උපන්බිමේ ද පුද්ගල මරණ 7 ක් වාර්තා වෙද්දි තවත් පුද්ගලයින් 190 ක් පමණ අසාදිතයන් වු මෙම දරුණු වසංගතය නිසා අපේම සහෝදර ජනතාව අන් කවරදාටත් වඩා තැතිගැන්මකට ලක්වයි සිටින්නේ.
ජාතියේ තීරණාත්මක මොහොතක පැමිණි මාගේ උපන්දිනය, කිසිදු අයුරක සැමරීමක් නොකිරීමට රටේ වගකිව යුතු පුරවැසියෙකු ලෙස ක්‍රීයා කළා.
කෙසේවෙතත් මෙරට හා විදෙස්ගත මාගේ මිතුරන්, හිතවතුන් ඇමතුම්,කෙටි පණිවුඩ මගින් මෙන්ම ෆෙස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද සුබ පැතුම් විශාල සංඛ්‍යාවක් එවා තිබුනේ මාගේ උපන්දිනය සුවිශේෂි එකක් බවට පත් කරමින්.
නමුත් මා පෙර කී ලෙස අප ජාතියක් ලෙස තීරණාත්මක කඩඉමකට සේන්දුවී ඇති අතර මෙම ගෝලීය අර්බුදයෙන් අප මීදිමට ක්‍රීයා කිරීම අත්‍යවශ්‍ය කරුණක්. අප මාතෘභූමියට අර්බුද පැමිණි සෑම අවස්ථාවකදීම ජාතියක් ලෙස එකට සිට එම අර්බුද පළවා හැරීමට ක්‍රීයා කළ ආකාරය ඉතිහාසය අපට ඕනෑවටත් වඩා සාක්ෂි සපයනවා.
මේ මොහොතේදීත් ජාතියේ අවශ්‍යතාවය ද එයමයි. මෙම ගෝලීය වසංගතයේදී ඊට මුහුණදිය නොහැකිව බලවත් රාජ්‍යයන් අසරණ වෙද්දි අප තුළ ඇති සමගිය හා එකමුතුවෙන් කොරෝනා ගෝලීය වසංගතය යම් පාලනයකට නතු කිරීමට මේ වන විට අපට හැකිව තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය මෙන්ම සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය නිලධාරින් , පුද්ගලික අංශය, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය , ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු රටේ සෑම සමාජ තිරුවක්ම මෙතෙක් අප ලැබු ජයග්‍රහණයේ කොටස්කරුවන් වග සිහිපත් කළ යුතුයි. එහෙත් තවම අර්බුදය අවසන් වී නෑ. අප තීර අදිටනින් ජාතියක් ලෙස ඉදිරි අර්බුදයන්ට මුහුණදීමට කල්තියාම සුදානම් විය යුතුයි. අනාගත ආහාර අර්බුදයට මුහුණදීම අරමුණු කරගනිමින් අප ගොඩනැගු #homegardenchallenge සදහා දැනටමත් අපේම සහෝදර ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව ඇති අතර මේ උතුම් අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. අතීතයේ අප රට ආහාරමය ලෙස ස්වයංපෝෂිත වුවා සේ , නැවතත් අපේ දේ අපි වවා රට දිනවන්න එකතුවන්න කියා මේ සුවිශේෂී දිනයේදි යළිත් වරක් මා ජාතියෙන්ම ආයාචනා කර සිටිනවා.
නිවෙස්වලට වී ඉන්න. පරිස්සමෙන් ඉන්න.
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
නීතිඥ නාමල් රාජපක්ෂ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
#HappyBirthdayNR
අභියෝග වලට මුහුණ දෙමු
වගකීම් ඉටු කරමු
වෙනස අපි වෙමු 🇱🇰
Leave a Reply