අපේ පරපුරේ උරුමය ගොවිතැනයි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ටිකිරි කොරටුව – දිනමිණ පුවත්පතින්
මුල් පුවත කියවීම සදහා – https://bit.ly/2z6sljo
හම්බන්තොට දිස්ත්‍රික්කය ආර්ථික සහ දේශපාලනිකව සමෘද්ධිමත් දිශාවකට පරිවර්තනය කරමින් අපූරු තරුණ නායකයෙක් සිය උරුමයත්, පන්නරයත් එකසේ එක්ව ජනතාව වෙනුවෙන් මහ පොළවේ අරගලය දියත් කරන ලබන සංවේදී මිනිසෙකු වෙමින් කුරහන් සාටකයෙන් නිරූපිත සමාජය යථාර්ථයන් අභිමුවට ගනිමින් “සෞභාග්‍යයේ දැක්ම” වගා සංග්‍රාමය යථාවක් කරන්නට වෙහෙසෙන අපේ කාලයේ තරුණ නායකයෙකි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා.
“සෞභාග්‍යයේ දැක්ම” වගා සංග්‍රාමය පිළිබඳ මේ ඔහු සමඟ වූ පිළිසඳරකි.
අතීතයේත් වර්තමානයේත් අපි මහ පොළොව සමඟ එකට ජීවත් වූ මිනිස්සු. එදා එම්.ඩී.රාජපක්ෂ මැතිතුමාත් ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත්, මාගේ පියාත් කුරහන් සාටකය පැළඳුවේ මේ පරපුරම මහ පොළොවත්, ගොවිකමත් සමඟ බැඳුණු නිසාවෙනුයි.
විශේෂයෙන්ම අද ලෝකය මුහුණපා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් අප අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. එයින් ලෝක ආර්ථිකය කඩා වැටීම, ආහාර අර්බුදය, මානසික පීඩාවත් යන කරුණු විශේෂයි. විවෘත ආර්ථිකයෙන් පසු අප රටේ ජනතාව කන්න බොන්න විදියක් නැතුව පිටරට නැව් එනකම් මුහුද දිහා බලාගෙන හිටියා. අපි ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. “සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇත්තා සේ” මේ කොරෝනා වසංගතයෙන් වුණ කඩා වැටීමෙන් අප ගොඩ ආ යුතුයි. එසේනම් අපි අපගේ ගෙවත්තේ ඇති පොඩි ඉඩකඩේත් වගා කරමු.
පවුලක අවශ්‍යතාවයෙන් 10%ක්වත් අපේ දෑතින්ම අපේ ගෙවත්තේ වගා කරගනිමු. ගෙවතු වගාවේදී කාබනික පොහොර භාවිතය, නව ක්‍රමවේදය සොයා යමින් වගාවේ ඵලදාව වැඩිකර ගැනීමටත් අපි වෙහෙසෙමු.
එදා දිවි නැඟුම-ගම නැඟුමෙන් ඇරඹි වගා සංග්‍රාම අද වන විට මල්ඵල ගැන්වී “සෞභාග්‍යයේ දැක්ම” ලෙසින් අප අභිමුවට පැමිණ තිබෙනවා. එසේ නම් මා සමඟ තරුණ ඔබත් එකාවන්ව එක්ව දැන් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමු.
සටහන – ආසිරි මල්ලවආරච්චි – දිනමිණ පුවත්පතින්
Leave a Reply